Lifestyle

තරුණයන්ගේ සිහින බොඳ කරමින් හැමෝම දන්න BMW කෙල්ල සංජානා විහග සමගින් විවාහ ගිවිස ගනී

මේ දවස්වල සමාජ මාධ්‍යයේ නිතර කතා බහ කරන කෙනෙක් තමයි සංජානා ඔනාලි ගමාරච්චි කියන්නේ. පුංචි තිරයේ දඟකාර හැඩකාර සංජානා ගොඩක් තරුණයන්ගේ සිහින කුමරියයි. ඉතින් සුරූපී සංජානා මේ දිනවල නිතරම අපිට දැකගන්න ලැබෙන්නේ හිරු නාලිකාවෙන්. ඒ කවුරුත් දන්න ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ.

ඉතින් දිවිතුරා ටෙලිනාට්‍යයේ ටීනා විදියට අපි අතරට එන්නේ මේ සුරූපිනිය සංජානා ඔනාලියි. ඉතින් පසුගිය කාලයේ ඇය ගැන ගොඩක් කතා හැදුනා. ඒ ඇය සහභාගි වුණු සජීවී වැඩසටහනක දී දැක් වූ අදහස් කිහිපයක් නිසා. ඉතින් එහිදී අදහස් කළේ ඇය ආදරය නිසා පරාජය වුණා වගේම නැවත ආදරය බලාපොරොත්තු වෙන පෙම්වතාගේ තිබිය යුතු සුදුසුකම්. එහිදී ඇය පවසා සිටියේ හොඳ වාහනයක්, මිල මුදල් තිබීම අවශ්‍යයි කියලා.

ඉතින් ඇය දැක්වූ ඒ අදහසට ගොඩක් දෙනා විවේචනය පළ කළා. ඒ වගේම මීට දින කිහිපයකට පෙර ඇයට විහග ගෙන් ආදර යෝජනාවක් ලැබුණා. ඉතින් මේ සඳහා විහග සිංගප්පූරුවේදී ඇයව පුදුමයට පත් කරල තිබුණා. මේ ගැනත් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ම කතා බහ කලා. ඒ වගේම ඒ අවස්ථාවේ ගත් ඡායාරූප ද සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඉතින් දැන් සංජානා ගැන අපිට අහන්නට ලැබුණේ තවත් ආදරණීය සුබ ආරංචියක්. ඒ ඇය විහග සමගින් විවාහ ගිවිස ගැනීම යි. මේ සඳහා ඇයට කලා ක්ෂේත්‍රයේ වගේම ගොඩක් රසික ජනතාවගෙන් උණුසුම් සුබපැතුම් ලැබුණා. ඉතින් නව දිවියකට පා තැබූ සුරූපි සංජානාට සහ විහගට උණුසුම් සුබ පැතුම් අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Comment