Lifestyle

සංජන ප්‍රභාශ්වර මාරසිංහ පේරාදෙණියේ විවේක හාමුදුරුවො වූ හැටි සියලු සැප හැරදා සසුන් ගත වූ ලංකාවම හොයපු කෝටිපති තරුණයා

ජීවිතය කියන්නේ හරිම පුදුම නවාතැනක්. අපි ජීවත් වෙන්නේ ජීවිතයේ උපරිම සතුටක් විදින්න බලාගෙන. ගිහි ජීවිතයේ උපරිම වින්දනයක් ලබා ගත් කෙනෙක් පැවිදි දිවියට පත් වෙනවනම් වෙන්නේ එතන කුමක් හෝ හේතුවක් තියෙන නිසා වෙන්න හැකිද. ගිහි ජීවිතයේ සංජන ප්‍රාභාශ්වර මාරසිංහ පැවිදි ජීවිතය සමග සම්බන්ද වුණු ඒ අත්දැකීම කෙසේද කියා අපි දැන් බලමු.

ඔහු නමින් සංජන ප්‍රභාශ්වර මාරසිංහ 29 වියේ පසුවන තරුණයෙක්. අම්මාගේ තාත්තාගේ රැකවරණයත් නංගිගේ අක්කගේ ආදරයත් සමග සතුටින් ජීවත් වුණ තරුණයෙක් විදියට සංජනව හදුන්වා දෙන්න පුලුවන්. පවුල් පරිසරය දෙස බැලූවිට ඔහුගේ පියා විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙක්. මව රැකියාවක් කරන නොමැති අතර අක්කා විවාහ වී සිටින්නේ. නංගී විදුලි බල මණ්ඩලයේ රැකියාවක් කරනවා. විවාහ වී සිටි සංජනට දියණියකගේ පියෙක් වන්නට වරම් ලැබිලා තියෙනවා. ආර්ථික අපහසුතා නොතිබුණු සංජනට සැපවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය හැම පහසුකමක්ම පවුලෙන් ලබා දී තිබෙනවා.

පාසල් ජීවිතයෙන් පසුව සංජනට ආශාවක් ඇති වුණා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. නමුත් ඔහුගේ පියාට ඕන වුණේ යුධ හමුදා සෙබලෙක් කරවන්න. නමුත් මොහුගේ ආශාව ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට. ඉන් පසුව මොහුගේ ප්‍රධාන අරමුණ වුණේ මුදල් හම්බකරගන්න. එතනින් මොහුගේ ජීවිතය වෙනස්ම දිශාවකට යොමු වුණා කියලා කිවුවොත් නිවැරදි. මුදල් සෙවීමේ මාර්ගයන් ලෙස මුලින්ම පතල් කර්මාන්තයත් එක්ක වාහන ආනයනය වගේ ව්‍යාපාරයන් සිදු කල තරුණයෙක්. ඒ වගේම ස්ථිර රැකියාවක් ලෙස පුද්ගලික සහකාරවරයෙක් ලෙස වැඩ කටයුතු කලේ. අත මිට යහමින් මුදල් ගැවසුණ යාළුවන් වටකරගත් සංජන සුඛෝපභෝගී ජීවිතයක් තමයි ගත කලේ.

යාලුවන් සමගින් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරපු දෙයක් නැති තරම්ය. ඒ තරමටම දුසිරිතෙන් තමයි සංජන ජීවිතය ගත කලේ. ඕනම ප්‍රමාණයක මුදලක් ඔහු මත්ද්‍රව්‍ය වෙනුවෙන් වැය කළා. එවගේම මෙවන් වූ ජීවිතයක් ගත කළ සංජනට සිය බිරිඳගෙන් සහ දියණියගෙන් පවා වෙන් වෙන්නට සිදු වුණා. ඒ පමණක් නොව දෙමව්පියන්ද පවා මඟ හැරුණා. තම පාළුව වගේම දුක දරාගන්න නොහැකිවූ තැන මොහු විශ්වාස කළේ ඔහුට ඇති එකම මිත්‍රයා මත්ද්‍රව්‍ය බවයි. එම නිසා මත්ද්‍රව්‍ය වලින් වැලකීමට නම් ඔහු සිතුවේ නැහැ. බිරිඳගෙ අතහැරීමත් සමගින් දුසිරිතට තව තවත් මිතුරුවුණු සංජනට දැන් නම් යාලුවෝ හිසේ කෙස් ගානට ඉන්නවා. කාලය ගත වුණා.

ජීවිතයේ විදීම ඇති වෙලා දැන් ඇති කියල හිතුණු තැන ආපහු හැරිල බලන විට කිසිවෙකුත් ඔහු සමග නෑ. මිතුරන් හැර පවුලේ කිසිවෙකුත් ඔහු සමග හිටියේ නෑ. ඉතින් 29ක තරුණයෙක් හැටියට ඔහු තම ජීවිතයේ සත්‍ය අවබෝධ කරගත්තා. ඒ වගේම ලෞකික ජීවිතයේ සදාකාලික සැනසීමක් සොයාගන්න කිසිම සාදකයක් නෑ. ඉතින් ඔහු තේරුම් ගත්තා ආධ්‍යාත්මික ජීවිතය තුලින් තමයි හැම බැදීමක්ම අත්හරින්න පුලුවන් බවත් එන සැප දුක සියල්ලටම මුහුණ දෙන්න පුලුවන් මාර්ගයක් ලෙස මෙම ආධ්‍යාත්මික ජීවිතය තෝරගන්නවා කියලා.

ඉන්පසු සංජන ප්‍රභාස්වර මාරසිංහ පේරාදෙණියේ විවේක ස්වාමීන් වහන්සේ හැටියට මහණ දිවියට එලබෙන්නේ. කුඩා කාලයේ සිටම සිය පවුල පන්සල සමගින් ඉතා ලෙස බැදී පැවතුනා. දහම් පාසල් ගියා. සතුටක් ලැබුවේ මේ පන්සල් ගමනත් එක්ක. පේරාදෙණියේ විවේක ස්වාමීන් වහන්සේ පැවිදි වීමට පෙර දෙමාපියන්වත් බිරිදවත් නොදැන තමයි උන්වහන්සේ පැවිදි දිවියට පත් වන්නේ. දෙමව්පියන් අසල්වැසියන්ගෙන් ලද තොරතුරකට උන්වහන්සේ දැක බලා ගන්නට ආ විට දෙපා නමදින දෙමව්පියන් දුටු උන්වහන්සේට දුකක් ඇති වී තිබුණේ නැහැ. ඒ උන්වහන්සේ සියලු බැඳීම්වලින් අත්හැර තිබූ නිසයි.

ගිහි ජීවිතයේ විදපු තරුණයෙක් විදිහට උන්වහන්සේ මහණ දිවියට එළැඹෙන බව ප්‍රථමයෙන්ම පැවසූයේ පේරාදෙණියේ ධම්මසරණ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ මග පෙන්වීම තුළින් තමයි මේ තැනට යොමු කිරීමට ආරම්භය ගත්තේ. තම බිරිදත් දෙමාපියන්වත් අසල්වැසියන්වත් කිසිවෙකුත් සංජන නැමැති තරුණයා පේරාදෙණියේ විවේක ස්වාමීන් වහන්සේ නමින් පැවිදි වෙන්නට ඇතැයි විශ්වාස නොකරන්නට ඇති.

ගිහි ජීවිතයේ සිදු කල ටැටූ විලාසිතාවන් පැවිදි වුණාට පසු උන්වහන්සේට එය බාදාවක් නොවුනේ භාහිර ස්වරූපය උන්වහන්සේට වැදගත් නොවන නිසා. ආධ්‍යාත්මික ජීවිතය හරි ගමනක් යනවා නම් මෙම ආධ්‍යාත්මික මාර්ගයේ දියුණුවක් ලබන්නට පුළුවන් නම් එයට මෙම ටැටූ විලාසිතාව වැදගත් නොවන බවයි උන්වහන්සේ ගේ අදහස. උන්වහන්සේ මේ වන විට වැඩ වසන්නේ නිහඩ අරණ ආරාන්‍ය තුලයි.

උන් වහන්සේගේ මේ ජීවිත විපර්යාසය තුළින් අවසාන වශයෙන් උන්වහන්සේ අපට ලබාදෙන පණිවිඩය තරුණයෙක් විදියට උන්වහන්සේ ගිහි ජීවිතයේදී අවසානයේ කරන්න තියෙන දේවල් සියල්ල සිදු කලේ ජීවිතයේ අවසානයට ප්‍රථම. ඉතින් උන්වහන්සේගේ ජිවිතයේ උඩු යටිකුරු උනේ මේ හේතුවත් සමගයි. ඒ නිසා තමන්ගේ නිසි කාලය තුලදී තමන් කල යුතු දේ කලයුතුයි. ඒ වගේම හැම දේ ගැනම අවබෝධයක් තබාගෙන සිටිය යුතු අතර තමා ආශ්‍රය කරන අය පිලිබදවත් කතාකරන්නෙ මොනවද යනුවෙන් හැමදේම ගැන අවබෝධ කරගත යුතුයි යන්න උන්වහන්සේගේ අදහසයි. ඒ වගේම උන්වහන්සේගේ අදහස පුලුවන් තරම් කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කර මධ්‍යස්ථ වී නිහතමානීව ජීවිතය ගත ගතකරන්නටයි උන්වහන්සේ අවසාන වශයෙන් අපට ලබාදෙන උපදේශය. ඉතින් අපිත් අපේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන නිවැරදි ජීවිතයක් ගත කරන්න අද සිට අදිටන් කර ගනිමු.

Leave a Comment