Lifestyle

“මගේ පොතේ අන්තිම සතේ වෙනකම් මම එයා වෙනුවෙන් වියදම් කලා” සංජානා හදිස්සියේම කියපු දේ

පාලටුව ගමාරච්චිගේ සංජානා ඔනාලි ගාමාරච්චි මාතර උපත ලැබූ ඇය අම්මයි තාත්තයි නංගියි එක්ක සතුටින් කාලය ගත කලා. අම්මගේ වියෝවත් එක්ක කොට්ටාවේ පදිංචියට ආපු සංජානා ඇතුළු පවුල මේ වෙනකොට ජීවත් වෙන්නේ කොට්ටාවේ. දෙරණ අවුරුදු කුමරියගෙන් කලාවට පිවිසෙන සංජානා රග දක්වපු ටෙලි නාට්‍ය 3ක් විතර විකාශනය වෙලා තියෙනවා.

මේ කලා ක්ෂේත්‍රය පිළිබඳව ඇය ගොඩක් සතුටින් ඉන්නේ. ඒ වගේම මේක ඇගේ හීනයක් කියලා තමයි ඇය සඳහන් කලේ. මොකද ඇය පොඩි කාලේ ඉදලම කලාවට හරි කැමති කෙනෙක්. ඉතින් කලාවට එන එක ඇයට හීනයක් වෙලා තිබ්බේ. නිවේදනයත්, නිරූපණයත්, හඩ කැවීමත් කරන අතරේ ප්‍රධාන වෘත්තීය රංගනය කියල තමයි ඇය කියන්නේ. පදුරට ගහපු ගමන් ඕන තරම් නිලියො විසික් වෙනවා කියල කියන කට්ටියට එහෙම කියන්න එපා කියල තමයි සංජානා කියන්නේ.

තමන්ට එල්ලවන ඕනම ගොසිප් එකකට හිනාවෙලා බාරගන්න කෙනෙක් තමයි සංජානා කියන්නේ. මොකද මිනිස්සු කොච්චර ගොසිප් ගැහුවත් ඇය එතන හොද දේ විතරක් බාර ගන්නවා. මොකද ඒවට අඩන්න යන්නෙත් නෑ කියල තමයි සංජානා කියන්නේ. මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න මිනිස්සු අතරට ළං වෙනවට වඩා ගොඩක් අය කරන්නේ වෙනම දෙයක් මවාගන්නවා. ඉතින් හරිනම් කෙනෙක් කල යුත්තේ මිනිස්සුන්ට හොදට සලකන එක.

ගොසිප්නම් සංජානා සංජානානම් ගොසිප් කියන සංකල්පයක් හැදුණා. ඉතින් ඒකට මෑතකදී සංජානාට විසල් අක්කා හරි බී එම් ඩබ්ලිවු නංගි කියනවා. ඉතින් ඇය උදෑසන නැගිටින විට ඇයට චරිත සහතික දීලත් ඉවරයි. ගොඩක් කට්ටිය ඇයට මේ කතාවත් එක්ක මඩ ගැහුවා. ඉතින් ඒක කියන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ ඇය මීට පෙර පෙම්වතෙක් එක්ක යාලුවෙලා ඉදලා එයා වෙනුවෙන් ගොඩක් වියදම් කරලා සංජානාගෙ ජීවිතේ පවා එපා කරවන තත්වයට ඔහු පත් කරලා. ඉතින් අවසනායේදී සංජානගේ අම්මා මේ දේ ගැන හොයල බලල මේක නවත්තලා තියෙනවා. අවසන් වෙනකොට සංජානා ගොඩක් මෝඩ විදියට හැසිරිල තියෙන්නේ. ඇය ආදරේ කරන විදිය ගැන ඇය කිවුවේ ඇය ආදරේ කරන්නේ ගොඩක් විදියට බොලද විදියට.

ඉතින් වයසත් එක්ක දැන් ඇය ඒ වගේ බොලදව ආදරේ කරන්නෑ. ඉතින් මේ සිද්ධියත් එක්ක ගොඩක් ජීවිතේ වැටිල හිටියෙ. ඒක දැකපු ගමන් හොදටම ඇඩුවා. ඉතින් ඒ කාලේ ඇගේ අම්මා නැතිවෙලා සුලු කාලයක් ගත වෙලා තිබුණේ. ඒකත් එක්ක ඇය ගොඩක් වැටිල හිටියේ. මේ සිදුවීමත් එක්ක තවත් පහලට සංජානා වැටුනා. ඉතින් ඉන්පසු හාමුදුරු කෙනෙක්ගෙන් උපදෙස් ගත්තා. හිත හදාගත්තා. තෑන්ක්‍යූ බැන්නට කියලා සංජානා හැමෝටම කිවුවේ.

ඇයට ජීවිතේ දරාගන්න බැරිම වුණු අවස්ථාව තමයි ඇගේ අම්මා ඇයව දාලා ගිය අවස්ථාව. ඉතින් දැන් ඇයට දරාගන්න බැරි දෙයක් නැති තරම්. ඉතින් ඇයට අම්ම ගැන පුදුම වේදනාවක් තියෙන්නේ. ඒක ගැන ඇය පුදුම කනගාටුවක් ඇතිවෙලා තියෙන්නේ. කවුරුත් නොසිතූ වෙලාවක අම්මගෙ වියෝවෙන් පස්සෙ මේ පවුලම ගොඩක් කඩා වැටුනා. අම්ම කිවුවේ නංගිව බලාගන්න කියලා. ඉතින් ඉගෙන ගන්න දක්ෂ නංගි ගැන සංජානා තාත්ත එක්ක එකතු වෙලා හොයල බලනවා.

ඇගේ බලාපොරොත්තුව තම නංගි කෙනෙක්ට යටත් නොවී ජීවත් වෙනව බලන්න. ඉතින් සංජානා ක්ශේෂ්ත්‍රයට එනවට ගෙදරින් ලොකු අකමැත්තක් දැරුවා. ඉතින් ඒ නිසා අම්මා ලොකු කැපකිරීමක් කලා. නමුත් දැන් තාත්තා උදවු කරනවා මේ ක්ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්න. අපේ රටේ ප්‍රේක්ෂකයන් ගැන සංජානා හිතන්නේ ඔවුන් නිසා තමයි ඇය මේ තැන ඉන්නෙ කියලා. ඔවුන් ගොඩක් හොද කියනවා. ඇයගේ ජීවිතයේ අනාගත බලාපොරොත්තුව තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විවාහ වෙලා හොදින් ජීවත්වෙන්න. ඉතින් ඇයගේ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු

Leave a Comment