Lifestyle

මම මුලින්ම මගේ යූ ටියුබ් චැනල් එක පටන් ගත්තේ අම්මා උයන කෑමක් වීඩියෝ කරලා

කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහ කියන්නේ ප්‍රේක්ෂකයාව සිනහ ගස්සන්නට හැකි ජනප්‍රිය, ඒ වගේම අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහගේ පුතා තමයි සංගීත් සතරසිංහ කියන්නේ.

ඉතින් ඔහුව මේ දිනවල අපිට දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ විකාශය වන ‘සිරි දළදාගමනය’ ටෙලිනාට්‍යයේ. ඉතින් ඕනෑම චරිතයක් තමන්ට හැකි උපරිමයෙන් කරන කෙනෙක් තමයි සංගීත් කියන්නේ. ඉතින් ඒ වගේම ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේත් සංගීත් රංගනයෙන් දායක වෙනවා.

රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් වන සංගීත්ව සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය කෙනෙක්. ඒ ඔහු කරගෙන යන ඔහුගේ යූ ටියුබ් නාලිකාව නිසයි. සංගීත් ව්ලොග්ස් කියන ඔහුගේ යූ ටියුබ් නාලිකාව නරඹන ප්‍රමාණය ඉතා ඉහලයි. ඉතින් ඒ ගැන ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූයේ මේ විදියටයි.

” මම 2019 දී තමයි සංගීත් ව්ලොග්ස් යූ ටියුබ් චැනල් එක හැදුවේ. ඊට පස්සේ ශූටින් එක්ක කාර්යබහුල වෙලා හිටපු නිසා වීඩියෝ එකක්වත් දැම්මෙ නෑ. ඉතින් ගෙදරට වෙලා වසංගත කාලේ ඉන්නකොට නිකමට හිතුනා වීඩියෝ එකක් දාන්න. ඉතින් මම අම්මගෙන් ඇහුවා දවල්ට මොනවද උයන්නෙ කියලා. ඊට පස්සේ අම්මා කිව්වා චිකනුයි… කියලා. ඉතින් මම අම්මට කිව්වා එහෙනම් අපි ඒක වීඩියෝ එකක් ගහමු කියලා. ඉතින් අම්මා ඒ වීඩියෝ එකට රගපානවා නෙමෙයි. ඇත්තටම උයන විදිය. අම්ම කියනවා සංගීත් ව්ලොග්ස් වුනාට මහන්සි වෙන්නෙ අම්මා කියලා.”

ඉතින් මේ විදියට තමයි කඩවසම් රංගන ශිල්පී සංගීත් සතරසිංහ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment