Lifestyle

චිරන්තගේ උපන් දිනය දා සමිතා පවුලේ අයත් එක්ක එකතු වෙලා දුන්න සප්‍රයිස් එක

සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවතට ගායනා කරන ජනප්‍රියත්වය එදා සිට අද දක්වා එක ලෙස ම පවතින ගායිකාවක්. කොයි තරම් නවීන ගායක ගායිකාවන් පැමිණි යත් ඔවුන්ට හිමි ස්ථානය නම් කිසිදු වෙනසක් වන්නේ නෑ. ඒ ඔවුන් ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන්න ගායනා කරන නිසයි. ඇය ගායනා කරන සුදු ඇත් පැටවෙක් ගීතය රසික හදවත් වෙලා ගත්තේ ඇයගේ ගායනයෙහි ඇති නියම රසය තිබෙන නිසාය.

ප්‍රවීණ ගායකයෙක් වන අතුල අධිකාරි සමගින් විවාහ වුණු පසු අතුල සමිතා සොඳුරු කැදැල්ලට නව සාමාජිකාවක් එක් වෙනවා. ඇය කාවින්ද්‍යා අධිකාරි. කුඩා කල සිටම දෙමාපියන්ගේ ගායනා ආභාෂය ලබාගන්නා කාවින්ද්‍යාද ගායනය තුළින් ප්‍රේක්ෂක හදවත් කුල්මත් කරන්නට සමත් වනවා.

ඇය ගායනයට පමණක් නොව රංගනයට ද උපන් හපන් කම් කියන බැව් ඝරසරප චිත්‍රපටය තුළින් පිළිබිඹු කරනවා. ඉන් පසු ටික කාලයකින් අතුල සමිතා නීතියෙන් වෙන් වෙනවා. මෙලෙස තනිවම කාලය ගත කරන සමිතා තම ජීවිතයට සහ කරුවකු අවැසි බැව් තේරුම් ගන්නවා. ඉන් පසු ඒ සඳහා ටික් ටොක් තුළින් මුළු රටම කැලඹූ චිරන්ත ගැන පැහැදීමක් ඇතිවෙනවා. එය කාලයාගේ ඇවෑමෙන් ආදරයක් බවට පත් වෙනවා.

ඇය තම දරුවන්ගෙන් ද විමසා ඔවුන්ගේ කැමැත්ත මත චිරන්ත විවාහ කර ගන්නවා. මෙහි දී සමිතා මුදුන්කොටුව ගේ දියණිය වන කාවින්ද්‍යා අදිකාරී සඳහන් කරන ආකාරයට ඇගේ මව සතුටින් නම් මව කැමති දේකට ඇයත් මල්ලීත් එකඟ වෙන බවයි. එම නිසා සමිතාගේ පවුලට අලුතින් එකතු වූ චිරන්තව දරුවන් දෙදෙනා පියෙකු මෙන් බාර ගත්තා. පියෙකුගේ වගකීම් රැසක් කර පිට ඇති චිරන්ත තම පවුල පිළිබඳව වගකීමෙන් කටයුතු කරනවා.


චිරන්ත සහ සමිතාගේ විවාහය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතාවට නැඟුණු දෙයක්. එයට හේතුව එම දෙදෙනාගේ ඇති වයස් පරතරය යි.
මිනිස්සුන්ගෙ එකී නොකී කතා අසා ගෙන මෙලෙස චිරන්ත සමගින් සමිතා සතුටින් කාලය ගත කරද්දී පසුගිය දා ඔහුගේ උපන් දිනය යෙදී තිබුණා. එහි දී සමිතා මුදුන්කොටුව තම සැමියා වෙනුවෙන් පවුලේ සියලු දෙනාමත් සහභාගි කරවා ගෙන ඔහුව පුදුමයට පත් කරන්නට උත්සවයක් සංවිධානය කළා.

ඉතින් මෙලෙසින් සතුටින් කාලය ගත කරන සමිතා චිරන්ත සොඳුරු කැදැල්ලට ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර ගෙන සතුටින් සිටීමට සුබ ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment