Lifestyle

සචිනි නිපුන්සලා ගේ උපන් දිනයට සැමියා දීපු ලස්සන සප්‍රයිස් එක

දඟකාර කටකාර චරිතයක් වන සචිනි නිපුන්සලා ගැන පුංචි තිරයේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් නම් දන්නවා ඇය පිළිබඳව හොඳටම. රූපවාහිනී නිවේදිකාවක් වගේම යූ ටියුබ් හරහාද ප්‍රේක්ෂකයන් අතරට ඇය පැමිණ තිබෙනවා.

ඇය චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ් වැඩසටහනේ නිවේදිකාවක් හැටියට කටයුතු කරනවා. මාධව විජේසිංහ හා පේෂල සමඟින් ඇය බොහොම සාර්ථක ලෙස එම වැඩසටහන හසුරවනවා. වැඩසටහනට එන කලා ශිල්පීන් ශිල්පිනියන් සමග ඉතා සුහදශීලී ලෙස කතාබහ කරනවා.

නිවේදනයට වගේම නර්තනයටත් උපන් හපන්කම් කියන සචිනි නිපුන්සලා ටික් ටොක් යූ ටියුබ් හරහා ඇයගේ නර්තන හැකියාව ප්‍රේක්ෂක ජනතාවට ඔප්පු කරනවා. ගොඩක් වෙලාවට ඇය නිවේදනය කරන අතරතුරේ දී නර්තනයෙන් ද රසිකයන් ව කුල්මත් කරවනවා.


මෑතක දී ඇය විවාහ දිවියට පත් වන බව ද අපිට දැනගන්නට ලැබුණා. හරිම දගකාර කටකාර මේ සචිනි නිපුන්සලා ඇයගේ නිවේදන හැකියාව නම් ඔප්පු කරනවා ප්‍රේක්ෂක රසික හදවත් තුල.

ඇයටම ආවේණික වූ නර්තන වින්‍යාසයක් ඇති මේ සචිනි වර්තමාන ජනප්‍රිය ගීත රැසකට නර්තනයෙන් රසික හදවත් තුලට රැගෙන එනවා.
ඇයගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ විසි නව වැනි උපන් දිනයයි. ඒ සඳහා ඇයගේ සැමියා ඇතුළු මිතුරන් ඇයව පුදුම කලේ මෙහෙමයි.

Leave a Comment