Lifestyle

ශලිනි එක්ක රඟපාන්න ලැබුණේ වාසනාවට ඒ ආදරයට ඇත්තටම මම ටිකක් බයයි

ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණයෙන් සහ මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ රචනයෙන් පුංචි තිරයේ එන කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ අපි ආදරේ කරන නිර්වාන් ගේ චරිතයට පණ පොවන සචින් ලියනගේ තරුණ කඩවසම් තරුණයෙකි.

ඔහුගේ පවුල ගැන කතා කරන විට ඔහු පදිංචි වී සිටින්නේ වත්තල. පවුලේ අක්කලා තුන් දෙනයි, සචින් සහ අම්මා ඉන්නේ. තාත්තා සචින්ට අවුරුදු දාසයේ දී දාසයේ දී මොවුන් දමා ගියා. පොඩි වයසක් වුණත් ගෙදර එකම පිරිමියා ලෙස වගකීම් වගකීම බාරගන්නට සිදුවුණා. එම නිසා සචින් කුඩා කාලයේ ම රැකියාවක් කරන්න පටන් ගත්තා. මුලින්ම ඔහු වැඩ කළේ චයිනා හාබර් එකේ ටයි ක්ලාක් විදියට.

එතන ටික කාලයක් වැඩ කරන් ඉද්දී තමයි ඔහුගේ ජීවිතය හිතුවෙවත් නැති විදියට වෙනස් උනේ. මුලින්ම කැමරාවක් ඉදිරියේ රංගනයෙන් දායක වන්නේ මියුසික් වීඩියෝවකින්. ඒ වගේම පළමුවෙන් රංගනයට දායක වන්නේ අහස් මාලිගා ටෙලි නාට්‍යයේ. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය මොහුගේ දෙවැනි ටෙලි නාට්‍ය වගේම ප්‍රධාන චරිතයක් කරන පළමු අවස්ථාව මෙයයි. මුල් අවස්ථාවේ එයට තැති ගැනීමක් ඇති වුවද පසුව ඔහුට මෙහි ද්විත්ව චරිතයක් රඟ පෑමට සිදු වූ නිසා තැති ගැනීම තව තවත් වැඩි විය. මුල් කාලයේ මහත් සේ අභියෝගයක් ව පැවති මෙම නිර්වාන් චරිතය සාර්ථකව සිදුකර ගැනීමට මෙම ටෙලි නාට්‍යය තුල සිටින අනෙකුත් කලා ශිල්පීන්ගෙන් ලොකු සහයක් සචින්ට ලැබෙනවා.

නිර්වාන් අනුත්තර කියන්නේ එකිනෙකට වෙනස් වූ චරිත දෙකක්. ඔහුට මෙම චරිත දෙකටම ගොඩක් මහන්සි වෙන්න වුණා. නවකයෙක් විදිහට එක එක දේවල් අලුත් දේවල් ඉගෙන ගන්න සිද්ධ වුණා. ප්‍රධාන චරිතයක් කියන්නේ නවකයෙක් නම් හීනයක්. අද ඒ හීනෙ ඇතුළෙ සචින් ජීවත් වෙනවා. මේ චරිත දෙක තුළින් වැඩියෙන් ම ප්‍රතිචාර ලැබෙන්නේ නිර්වාන්ට.

මොහු කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ රඟපෑමට කලින් වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සහ ටෙලි නාට්‍යක වැඩ කරලා තිබුනට මිනිස්සු දැනන් හිටියේ නෑ. මිනිස්සු අතර රැඳෙන්න වාසනාව දුන්නේ මේ නිර්වාන්ගේ චරිතය. දැන් සචින් කියනවාට වඩා හැමෝම කතා කරන්නේ නිර්වාන් කියලා. ඒ වගේම ශලිනි තාරකා එක්කත් සචින් ට රඟපාන්න ගොඩක් පහසු වෙලා තියෙනවා. මොකද ශලිනි නවකයෙක් වන සචින්ට ගොඩක් උදව් කරනවා. වරදින තැන් හැම දේම කියලා දෙනවා.

සචින් කලාවට එන්න කිසිම අදහසක් තිබිලා නෑ කුඩා කාලේ. පාසල් කාලේදි වත් නෑ නළුවෙක් වෙන්න හතලවත් නැහැ. එහෙම දක්ෂතාව යක් පාසල් යන කාලේ තුළ දැකල වත් නැහැ. ඉතින් රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ කවුරුත් නො හිතපු විදිහට. ඊට පස්සේ තමයි මියුසික් වීඩියෝ එකක දුෂ්ටයාගේ චරිතය රඟපාන්න හම්බ වෙන්නේ. පාසල් යන කාලේ ක්‍රීඩාවට ගොඩක් කැමති වෙලා හිටිය සචින් නළුවෙක් නොවුණානම් අනිවාර්යෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා.


ඒ වගේම කවදාවත් නිවේදකයෙකු ලෙස වැඩ නො කරපු සචින්ට නිවේදකයෙක් වෙන්නත් මේ ලඟකදි අවස්ථාව ලැබුණා . ඒ සුමිරාන් ගුණසේකර නිවේදනය කරන the voice වැඩසටහන තුල සුමිරාන්ගේ භූමිකාව කරන්න ශලිනි එක්ක නිවේදන කටයුතු කරන්න. පැය 8ක පමණ ඉතා කෙටි කාලයක් ඒ සඳහා සූදානම් වීමට තිබුණු බැවින් ඉතාම ම අභියෝගයක් බවට පත්වුණා. වේදිකාවට ගොඩ වෙද්දිම සචින්ගේ දපා වෙවුලුවා. නමුත් ඔහුද ශලිනිගේ සහයෝගයත් සමගින් එය සාර්ථකව සිදුකර ගැනීමට හැකිවුණා.
අවසානයේ සචින් ආදරේ ගැන මොකද හිතෙන්නේ කියලා කියන්නත් අමතක කළේ නැහැ. ආදරය ඇතුළෙ සතුට විතරක් නෙමෙයි දුකක් තියෙනවා. මේ ලෝකෙ තියෙන භයානක ම සහ වටිනාම දේ තමයි ආදරේ කියන්නෙ. ඒ ආදරේට ඇත්තටම සචින් නම් ටිකක් බයයි ලු.
ඉතින් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයේ චරිතයට පණ පොවන මේ සචින්ට ඉදිරි කලා කටයුතු සාර්ථකව කර ගැනීමට අපි හදවතින් ම සුබ පතමු.

Leave a Comment