Lifestyle

දවසට බිත්තර තිහක් සහ මස් කිලෝ එකහමාරක් කන මුල්ලේරියාවේ දොස්තර මහත්තයාගේ අපි නොදුටු පැත්ත

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන නිතර කතා කරද්දි කාලෙන් කාලෙට විශේෂ පුද්ගලයින් ගැන කතා කරනවා. අපි දැන් කතා කරන්න සූදානම් වන්නේ ඒ වගේ වෛද්‍යවරයෙක් ගැන. බැලූ බැල්මට ඔහු හින්දි නළුවෙක් වගේ කියලා හිතෙනවා.

නමුත් ඔහු එහෙම කෙනෙක් නෙමෙයි. ලස්සන ශරීරයක් වගේම ලස්සන හිතකුත් තියෙන අපේ රටේ වෛද්‍යවරයෙක් තමයි ඔහු. නමින් සචින් සමරසිංහ. මුල්ලේරියාව මූලික රෝහලේ සේවය කරන වෛද්‍ය වරයෙක් ලෙස හඳුනාගන්නා සචින් සමරසිංහ පදිංචි වී සිටියේ මාතර දිස්ත්‍රික්කයේ. නමුත් විවාහයෙන් පසුව ඔහු පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේ.

මාතර රාහුල විද්‍යාලයෙන් පාසල් ගමන ආරම්භ කළ සචින් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහුගේ කාලය උපරිමයෙන් යුදෙව්වා. ඕ ලෙවල් විභාගයට සූදානම් වන නිසාම ඔහුට ක්‍රිකට් ගහන එකත් නවත්තන්න සිද්ධ වුණා. ඒ වාගේම ක්‍රීඩාවලට යොමු කරන්න ඔහුගේ තාත්තාට ලොකු වුවමනාවක් තිබුණා. මොහුගේ තාත්තා සේවය කරන්නේ ගුවන් හමුදාවේ.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ඔහුව ජිම් එකකට සම්බන්ධ කරන්නට තාත්තා කටයුතු කළා. විභාගය අවසන් වී නිවසේ රැඳී සිටින කාලය තුළ දී තමයි ඔහු ජිම් එකට ගියේ. ඒ පිළිබඳව මුල්ලේරියාව රෝහලේ වෛද්‍ය සචින් සමරසිංහ තමන්ගේ ආහාර රටාව පිලිබදව මෙහෙමයි සඳහන් කළේ.

ඒ කාලේ මම ගොඩක් කෙට්ටුයි. එතනින් කිව්වා අනිත් අය වගේ හරියන්නේ නැහැ ටිකක් වැඩිපුර කන්න ඕනේ කියලා. දවසට බත් වේල් පහක් හයක් කන්න කියලා. ඒ විදියට කාලයක් කරගෙන යද්දී ඒ ලෙවල් නිසා ආයෙත් ජිම් යන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න සිද්ධ වුණා. නමුත් මම අවුරුදු තුන හතරක් ජිම් ගිහිල්ලා කවුරුත් මගෙන් අහන්නෙවත් නැහැ ජිම් එකකට යනවද කියලවත්. ඉන්පසු කාලයක් යද්දි තමයි මම ගොඩක් මහන්සි වෙලා මේ තත්වෙට ආවෙ.

මගේ ප්‍රධානම ආහාරවේල් වෙන්නේ බිත්තර සුදු මද සහ චිකන්. දවසට බිත්තර සුදු මද තිහක් සහ චිකන් කිලෝ එකහමාරක් ආහාරයට ගන්නවා. ඒ ආහාර රටාව පටන් අරන් දැනට අවුරුදු තුනක් වෙනවා. බිත්තර එක වේලකට 10 ගානේ දවසට තිහක් ගන්නවා. මුලින්ම බිත්තර 15 20 වගේ කාලයක් ආහාරයට අරගෙන තමයි ඉන්පස්සෙ තිහකට ආවේ. මුල් කාලේ ඉඳලම බිත්තර 30ක් ආහාරයට ගත්තේ නැහැ. එය එක විට ම අවදානම් වෙයි කියලා හිතලා.

ඊළඟට චිකන් කිලෝ එකහමාරක් දවසකට ආහාරයට ගත්තා. ඒකත් මම ගන්නෙ කොටස් තුනකට වෙන් කරලා. චිකන් තම්බල කූල් වතුර දාලා දාලා බ්ලෙන්ඩර් කරලා වැඩ කරන ගමන් ටික ටික ඒක බොනවා. දවසට පැය දෙකෙන් දෙකට මේ බිත්තර සහ චිකන් ආහාරයට අරගෙන ඉවර කරනවා. මම ජිම් එකට යන්නේ හවසට. නමුත් මෙහි කාලය ගත කරන්නේ පැය දෙකක් වගේ සුළු කාලයක්. නින්දට යන්නේ රෑ 2ට විතර නිසා වෘත්තීය සහ වැඩකටයුතු එක්ක ගොඩක් ලොකු කැපකිරීමක් එක්ක තමයි මේ විදියට වැඩ වැඩ කටයුතු කරගෙන යන්නේ.

වෛද්‍ය සචින් සමරසිංහ තමන්ගේ දෛනික රටාව පිළිබඳව මේ ආකාරයටයි අප සමග කියා සිටියේ. ඉතින් ඔහුගේ වෘත්තිය කටයුතු වගේම අනිකුත් සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Comment