Lifestyle

ලිවින් ටුගෙදර් අවුරුදු 18 අත්දැකිම්

ටික් ටොක් තුලින් අපි අතරට එන ගොඩක් දෙනෙක් කතා කල නිරූපණ ශිල්පිනියක් වගේම තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් ලෙස සචිනි විජේරත්න හදුන්වන්න පුලුවන්. විශේෂත්වය වන්නේ ඇය අවුරුදු 18 ක පුංචි තරුණියක්. අධ්‍යාපන කටයුතු කරගෙන යන ඇය මේ දිනවල ගොඩක් කාර්යබහුල චරිතයක්. සහෝදරියන් දෙදෙනෙකුගේ වැඩිමහල් අක්කෙක් තමයි සචිනි කියන්නේ.
තමන්ට අවශ්‍ය දේ තමන්ගේම මුදලින් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව ඇය බෙහෙවින් සතුටට පත්වෙනවා. ඒ ඇයගේ බලාපොරොත්තුවක්. එම අභියෝගය ඇය මේ වන විට ජයග්‍රහණය කර තිබෙන බවයි ඇය පැවසුවේ. මේ පුංචි වයසට ඇය සරිලන ප්‍රමාණයක මුදලක් ලබා ගන්නවා. ඇත්තටම ඒ පිලිබදව ඇය ආඩම්බරයෙන් ඉන්නේ. තමන්ගේම ව්‍යාපාරයකින් කිසිවෙකුට බරක් නොවී ජීවත් වීමයි ඇගේ සතුට සහ ඉලක්කය වෙලා තිබුණේ.

අවුරුදු 14 වගේ ඉදලා තිබුණු අසාවක් තමයි සචිනිට නිරූපණ ක්ෂේත්‍රයට යාම. ඉතින් එයටම ගැලපෙන ආකාරයට ඇගේ රූප සොභාවත් පිහිටා තියෙනවා. බොහෝ දෙනෙක් යුරේනි වගේ කියල සචිනිට කියනවලු. ඇගේ ආසම නිරූපණ ශිල්පිනිය යුරේනි කියලා තමයි සචිනි කියන්නේ. තවත් සමහරු කියනවලු හිනා වෙනකොට ශනුද්‍රි වගේ කියලත්. ඉතින් ඒ පිලිබද ඇය ගොඩක් ආඩම්බරයි.

ටික්ටොක් තුලින් ප්‍රේක්ෂකයන් තුලට එන සචිනිගේ ෆලෝවර්ස්ලා 61 දාහක් ඉන්න සචිනිගේ හැමෝම වගේ ආදරේ කලේ රූපෙට වගේම හිනාවට. ඒ තරම් ලොකු ප්‍රමාණයක් ටික්ටොක් තුලින් ආකර්ෂණය කරගැනීමට ඇය දිනපතා වීඩියෝස් නොදැම්මත් දානවිට පහ හයක් වගේ දානවා. සමහරුන්ගේ මතයක් තියෙනවා ටික්ටොක් වලින් එන චරිත වලට පිස්සු කියල. නමුත් සචිනි එය එක හෙලාම ප්‍රතික්ශේප කරනවා. මොකද අද වෙනකොට ගොඩක් සමාජ මාධ්‍ය තුල දැකගන්න තියෙන්නේ ඒ ශිල්පීන් ශිල්පිණියන් නිසා.


ලංකාව කියන්නේ පුදුම මිනිස්සු ඉන්න රටක්. විලාසිතා කරන එක පිලිබදව විවිධ විවේචන කරනවා. ඇය හිතන්නේ මිනිසුන්ගේ මතය වෙනස් කරන්න බෑ කියලා. ෆලෝවර්ස්ලා හැට එක්දාහෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නෙ පිරිමි කට්ටිය. ගැහැණු කට්ටිය සචිනිට ඉරිසියා කරන්නෙ කියල එයා කියන්නෙ.

මෙම වයස අවුරුදු 18 පුංචි නිරූපණ ශිල්පිනිය පෙම්වතියක්. ඇය පවසන ආකාරයට ඇගේ පෙම්වතා ඇයව තදින්ම විස්වාස කරන කෙනෙක්. ලෝකයක් ඇයට ඇගිල්ල දික් කලත් පෙම්වතා ඇයව විශ්වාස කිරීම ගැන සචිනි ගොඩාක් සතුටු වෙනව. මොකද ඇයව තේරුම් ගත්ත කෙනෙක් සිටීම පිලිබදව.
ලිවින් ටුගෙදර් කන්‍යාබාවය අවුරුදු 18 අත්දැකීම් වුණ සචිනි විශ්වාස කරන අකාරයට කෙනෙක්ගේ කන්‍යාබාවය ඇත්ත ආදරයක් තුල විශේෂ දෙයක් නෙමෙයි වගේම වැදගත් දෙයක් නොවන බව තමයි ඇයගේ දැක්ම.

නිරූපණ ක්ෂේත්‍රයෙන් පස්සේ සචිනිගේ බලාපොරොත්තුව රංගන ශිල්පිනියක් වීමටයි. ඇයි එහිදී තමන්ට සුදුසු ආකාරයේ චරිතයක් හමු වුවහොත් එයට රංගනයෙන් දායක වන බවයි පැවසුවේ. චරිත තෝරා බේරා ගැනීම කින් යුතුව භාරගන්නා අතර හොඳ චරිතයක් නම් පිළිගැනීමකින් යුතු ඇය අනිවාර්යෙන්ම එය බාර ගන්නා බවයි කිවුවේ. අඩ නිරුවත් චරිතයක් උනත් තැනට සුදුසු නුවණ බලල කිරීමට ඇය බලාපොරොත්තු වෙනවා.
අවසාන වශයෙන් ඇගේ බලාපොරොත්තුව විදියට ඇය සදහන් කලේ ඇගේම කියලා කොස්මටික්ස් ශොප් එකක් පටන් ගැනීම. ඇත්තටම ඒක ඇගේ එකම හීනය. ඉතින් මේ පුංචි වයසින් ලෝකයක් දැනගත්ත සචිනිගේ ඉදිරි වැඩ කටයුතු වගේම එකම හීනය සැබෑ කරගැනීමට අපි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment