Lifestyle

රුවන්ගි රත්නායකගේ උපන්දිනයට තම කෝටිපති ව්‍යාපාරික සැමියා දුන් අරුම පුදුම සප්‍රයිස් එක

රුවන්ගි රත්නායක කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත්ත සුරූපී හා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ නම රුවන්ගනී රත්නායක වුණත් බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ රුවන්ගි නිසා ඇය දිගටම රුවන්ගි රත්නායක යන නම භාවිතා කරනවා.
පුංචි තිරයෙහි හැඩකාර දසුන් මවන රුවන්ගි කාගෙත් සිත් ආකර්ෂණය කරන ලෙස ඇය රංගනය සිදු කරයි. නිරූපණ ක්ෂේත්‍රය හරහා කලාවට පැමිණි ඇය පසුව වෙළඳ දැන්වීම් ටෙලි නාට්‍යය සහ චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

ඇය මුලින්ම සිනමාවට එක් වෙන්නේ රන්ජන් රාමනායක විසින් අධ්‍යක්ෂණය කළ ජීවිතය ලස්සනයි සිනමා පටයෙන්. ඉන් පසු ඇය ඩොක්ටර් නවරියන් සිනමා පටයපටයේ ද ප්‍රධාන චරිතයක් රංගනයෙන් දායකවීමට ඇයට හැකියාව ලැබෙනවා.

ඩොක්ටනවරියන් සිනමාපටයේ රන්ජන් රාමනායක සමගින් ඇය ප්‍රධාන භූමිකාව කර ගෙන යනවා. රංගනයට ආධුනිකත්වයක් නොදක්වන ඇය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් අභියෝගාත්මක ලෙස බාරගන්නවා.
චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය ද කිහිපයකම ඇයව දැක ගන්න පුළුවන්. මල් දෙවැට ටෙලි නාට්‍යයේ ද ඇය ප්‍රධාන භූමිකාවක රංගනයෙන් දායක වෙනවා. ඉතා තාත්වික ආකාරයෙන් රඟ දක්වන රුවන්ගි රත්නායක තමාට හමුවන ඕනෑම චරිතයක් අභියෝගාත්මක ලෙස බාරගන්නේ ඇයට එය සිදුකිරීමට හැකි නිසයි. ඇයට එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට ද හැකියාව තිබෙනවා.


මීට ටික කාලයකට පෙර ව්‍යාපාරිකයකු සමඟ වැඩි ප්‍රසිද්ධියක් නොකරම ඇය විවාහ දිවියට එළඹෙනවා. ඇය තම ව්‍යාපාරික සැමියා සමඟ සමග සතුටින් කාලය ගත කරනවා. ඇය තම සැමියා සමගින් නිදහස් ජීවිතයක් ගත කරනවා. ඒ වාගේම මව් පදවිය ලැබීමට ද බෙහෙවින් ආසාවෙන් සිටින රුවන්ගි රත්නායක සිය සැමියා සමගින් තම තිස් තුන් වෙනි උපන් දිනය සැමරුවේ පසුගිය දිනක. එය තම ව්‍යාපාරික සැමියා විසින් සූදානම් කර තිබුණේ විශේෂ අකාරයෙනි.

රුවන්ගි රත්නායකගේ උපන්දිනය සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතා වෙන්නට වුණු මාතෘකාවක්. ඒ ඇය තමා අතින් ම නිමකල මුතු කුඩයක් මුතු කුඩයක් තම උපන් දිනය නිමිතිකරගෙන පූජා කිරීමත් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතාබහට ලක් වුණා.
ඉතින් රුවන්ගි රත්නායකගේ සහ සිය සැමියාගේ වැඩකටයුතු සාර්ථක වන්නට කියා අපි සුබ ප්‍රාර්ථනා ගෙන එමු.

Leave a Comment