Lifestyle

මම ලොකු කට්ටක් කාල ආදරය ලබා ගත්තත් ඒක නැති වුණා, මම හොයන්නේ ඒ වගේ කෙනෙක් – නාඩගම්කාරයෝ කැකුලා

මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන නාඩගම්කාරයෝ හී කැකුළා කියන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්ත රංගන ශිල්පියෙක්. ඉතින් ඒ විතරක් නෙමෙයි දියණි ටෙලිනාට්‍යයේ කොස්තා චරිතය වගේම ඉරහද පායන ලෝකේ ටිකිරාළ චරිතය තුලිනුත් අපි අතරට එනවා. ඉතින් ඒ විදියට ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඒ රංගන ශිල්පියා තමයි රුවන් පෙරේරා කියන්නේ. කැකුළා කියන්නේ දරුණු චරිතයක් වගේම ටිකිරාළ කියන්නේ හරිම අහිංසක අව්‍යාජ ගැමි චරිතයක්.

ඉතින් ඒ වගේම ජැක්සන් ඇන්තනී සමග එකගෙයි සොකරි චිත්‍රපටයේත් රුවන් පෙරේරා රංගනයෙන් දායක වෙනවා. රුවන් කැමතියි මොන වගේ කෙනෙක්ටද කියලා පුවත්පතකට දැක් වූ අදසක් මේ.

” මම හරිම කැමතියි ඇඹිලිපිටිය පළාතෙ ගැහැණු ළමයෙකුට. මොකද මම ඒ පළාතට හරිම කැමතියි. ඒ පැත්තේ ගැහැණු ළමයි හරි අව්‍යාජයි වගේම හරිම අහිංසකයි. ලංකාවේ මම ආසම පළාත ඇඹිලිපිටිය.’’

වෘත්තීය නළුවෙක් වන රුවන් පෙරේරට පළමු ආදරය ලබා ගන්නට හැකි වූනත් ගෙදරින් ආව ප්‍රශ්නත් එක ඒ ආදරය නැති කරගන්න සිදු වුණා. ඉතින් ඒ වගේම හැඩයක්,රූපයක් තියෙන කෙනෙක් තමයි ඔහු තවම සොයන්නේ. ඉතින් රුවන්ගේ ජීවිතයේ ඔහුට හිතට දැනුනු සිනමා නිර්මාණ විදියට එක ගෙයි සොකරි සහ දස්කොන් නාට්‍යය. ඉතින් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කැකුලට ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය ලැබෙනවා. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment