Lifestyle

මම ආදරේ හරියටම විදින්න නො ලැබුණු කෙනෙක් මං කැමති නෑ හදිස්සියේ විවාහ වෙලා පස්සෙ දික්කසාද වෙන්න

වර්තමානයේ ජනප්‍රිය මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ ගුම්බකබූතා ගේ චරිතය පණ පොවන රිතූ ආකර්ශා පුංචි තිරයේ දඟ කාරියක් වගේම හැඩකාරියක්. පුංචි තිරයේ වගේම ඇය වැඩසටහන් මෙහෙයවීම ද සිදු කරනවා. ගේම් ෂෝ එකක් වෙන ජල්ලි ජකිරි වැඩසටහන තුළින් ද ඇය ප්‍රේක්ෂකයන් තුලට ළඟා වෙනවා.

රඟපෑමට මෙන්ම නිවේදන කටයුතු ද කිරීමට හැකියාවක් ඇති රිතූ ආකර්ශා මේ දවස් වල දවස් වල ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ. ඇයගෙන් බොහෝ දෙනෙක් අහනවලු ඇයි නපුරු චරිත ම භාර ගන්නෙ කියලා. ඒ ප්‍රශ්නයට ඇය නම් කිවුවේ හැමෝම සිතන්නේ ඇය නපුරු කෙනෙක් කියලා.

වැඩි හරියක් ප්‍රේක්ෂකයන් මගතොටේ දී හමුවුණාම කතා කරන්නේ චරිතවල නම් කියලා. ඉතින් ඇය ඒකට ගොඩක් ආසයි. මොකද එතකොට තමයි ඇය චරිත වලට සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතන්නේ. ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ එම චරිත රැඳෙන්නේ ඒ නිසා කියලයි ඇය විශ්වාස කරන්නේ.
රංගනයටත් නිවේදනයටත් වගේම ඇය නර්තනයටත් උපන් හපන් කම් කියන බව අපි මෙගා ස්ටාර් සීසන් 2 වේදිකාවේ වගේම සීසන් 3වේදිකාවෙත් දැක්කා. ඒ වගේම සීසන් 3 වේදිකාවේ අවසාන දස දෙනා අතරට පැමිණියා. ප්‍රේක්ෂකයන්ගේ කැමැත්තට මේ විදිහට විවිධ අංශයන්ට ඇය සම්බන්ධ වෙන්නේ. රංගනයට නිවේදනයට වගේම නර්තනයටත් ඒ හේතුව නිසා තමයි ඇය සම්බන්ධ වුණේ. නමුත් ඇය වැඩියෙන්ම කැමති රංගනයට.

හොඳම නිළිය සම්මානය ලබා ගන්න ආසාවෙන් ඉන්න රිතූ හිතන්නෙ තමන්ට ලැබෙන වැඩේ හරියට කලාම සම්මානයක් ලබා ගත්ත වගේ කියලා. රංගන කටයුතුවලට ප්‍රවිෂ්ට වුණේ නැත්නම් ඇය අද වෙන විට ගුවන් සේවිකාවක්. පොඩි කාලේ ඉඳලම ඇය කැමති වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ සඳහා ම තමයි ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. නමුත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය නිසා ඇයට රංගන ක්ෂේත්‍රය දාලා යන්න ලෝබ හිතුණා.

මේ දේවල් වගේම රිතූ ආදරය ගැන කතා කරන්නත් අමතක කලේ නෑ. ඇය මේ වන විට වනවිට ආදරය විඳින්න නො හැකි වුණු කෙනෙක්. ඇය ජීවිතයට සහකාරයෙක් සොයා ගන්න එක ගැන මෙන්න මෙහෙමයි කිව්වේ.
සහකාරයෙක් සොයා ගන්න අදහසක් නැහැ. ලැබුනොත් හොඳයි. ජීවිතේ අපිට ඕනේ ඕනේ වෙලාවට දේවල් සිද්ධ වෙන්නෙ නැහැනෙ. අවශ්‍ය වෙලාවට ඒ දේවල් සිද්ධ වෙයි කියලා මං හිතනවා. මං කැමති නැහැ වයස යන නිසාවත් හෝ අනෙක් අය විවාහ වෙන්නේ කියන නිසා අපි හදිසියේ විවාහ වෙලා පස්සෙ දික්කසාද වෙන්න. එම නිසා සුදුසු කෙනා ලැබෙන තුරු සිටිනවා.


ඉතින් මේ විදිහට තමයි රිතූ එයාගෙ අනාගතට ගැන කිව්වේ. රිතූ අනාගතයේ දී බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ම හිනා වෙලා හිනා වෙලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම ඇය හොඳ නිර්මාණ සඳහා දායකත්වය දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනියට ඇගේ ඉදිරි කටයුතු සාර්ථකව කර ගෙන යාමට සුබ පැතුම් අපි එක් කරමු.

Leave a Comment