Lifestyle

‘සුරා සූදුවෙන් තොර ආදරණීය සැමියෙක් ලද බිරිද සැබෑම වාසනාවන්තියක්’ රිද්මා පිලපිටිය

පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත කෙනෙක් තමයි රොෂාන් පිලිපිටිය කියන්නේ. පොල්වත්තේ රාජපක්ෂ රාජවාසල මුදියන්සේලාගේ චේතිය රොෂාන් බණ්ඩාර අබේසේකර පිලපිටිය. පවුලේ අම්මයි තාත්තයි සහෝදරයන් දෙදෙනෙක් වගේම වැඩිහිටි සහෝදරියක් එක්ක කුඩා කාලෙ ඉදල හැදුණු රොෂාන් මුලින් චතුරිකා පීරිස් සමගින් විවාහ වෙලා එය ටික කාලයකින් වෙන් වී දැන් රිද්මා පිලපිටිය සමගින් විවාහ වෙලා සතුටුන් ජීවත් වෙන්නේ.

රොෂාන් පිලපිටිය සතුට දකින විදිය හරි සාපේක්ෂයි කියන්නේ. ඒක ඔහු දකින විදියට හරි සරලව හිතන කෙනෙක්. ඒ වගේම ඔහු ජීවිතේ ලබපු ඇගයීම් සෑහෙන්න තිබිල තියෙනවා. ඔහු ලබපු සම්මාන ගනන් කරගන්න පවා නොහැකි තරම් තිබෙනවා. විවාහය සිදු වුණා කියලා ජීවිතේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඔහුට ජීවිතේ හරි පහසුවක් දැනෙනවා රිද්මා එක්ක ජීවත් වෙනකොට කියලයි රොෂාන් පිලිපිටිය කියන්නේ.

ඔහුගේ නව නිර්මාණයක් වන පාර දිගේ ටෙලිනාට්‍යට ඔහුට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බවෙනවා. ඒ වගේම ඔහු මේ දිනවල ෂැඩෝ ටෙලිනාට්‍යයේ ද රංගනයෙන් දායක වෙනවා. ගොලු හදවත ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිසි රොෂාන් පිලපිටියට රංගනයට පිවිසෙන්න නිවසෙන් කිසිම බලපෑමක් නැති වුණත් මෙහි ඇති ගැඹුරු බාවය පැහැදිලි කරල දීලා තිබුනා. පාසල් වේදිකාවෙන් රංගන ජීවිතය ආරම්භ කරපු රොෂාන් වැඩිපුර ටෙලිනාට්‍ය තුලින් තමයි දකින්න ලැබෙන්නේ.

ඉතින් මේ සොදුරු රංගන ශිල්පියා මෑත කාලයේදී සොදුරු රිද්මා පිලපිටිය සමගින් විවාහ වුණ බව අපි කවුරුත් දන්නවනේ. ඉතින් දැන් කලා ක්ෂේත්‍රය තුළ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පී යුවළක් ලෙස ඔවුන් දෙන්නා දැන් කාගෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා හමාරයි. නිරන්තරයෙන් ම ඔවුන් ගැන රසබර පුවත් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් සංසරණය වෙනවා. ඔවුන්ගේ සොඳුරු කැදැල්ලට රාහුල් පැටියගේ එකතු වීමත් සමගම ඔවුන් දැන් සුන්දර ජීවිතයක් ගත කරන්නේ. ඔවුන්ගේ විවාහ සංවත්සරය පසුගිය දින සැමරුවා.

ඉතින් රිද්මා පිලපිටිය ආදරණීය සැමියා වෙනුවෙන් සිය මුහුණු පොතේ අපූරු සටහනක් පළ කළා.

” Happy anniversary හුස්ම ටික
අපි විවාහ වෙලා අදට අවුරුදු 4යි. මගේ ජීවිතේට ලැබුණු වටිනාම වස්තුව ඔයයි අපේ රාහුල් පුතයි. මගේ ප්‍රාර්ථනාව හැමදාම සංසාරයේ පුරාවට අපි අපේම වෙලා මේ වගේම රාහුල් පුතත් එක්ක ගොඩක් සතුටින් ඉන්න ලැබෙන්න ඕන. අවංක, විශ්වාසවන්ත, සුරා සූදුවෙන් තොර ආදරණීය සැමියෙක් ලද බිරිද සැබෑම වාසනාවන්තියක්. මමත් ඒ සතුට ගොඩක් ආදරයෙන් විදිනවා.”

ඉතින් මේ විදියට 4 වෙනි විවාහ සංවත්සරය සමරපු රිද්මා පිලපිටියටටත් රොෂාන් පිලපිටියටත් සුබම සුබ විවාහ සංවත්සරයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment