Lifestyle

මගේ ළගම හිටපු අය මට කිව්වේ කලාව පැත්ත පලාතේ යන්න එපා බදින්න කෙල්ලෙක්වත් හොයාගන්න බෑ කියලා

ගායකයෙක්, නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක් විදියට අපි කවුරුත් ආදරේ කරන කාගේත් අවධානයට ලක් වෙන කෙනෙක් තමයි රවීන් කනිෂ්ක කියන්නේ. ඉතින් ගායනය අතින් ප්‍රේක්ෂකයාව කුල්මත් කරවන ‍රවීන් ඔහුගේ පාසල් කාලය තුළදී සංගීත විෂය ගැන කිසි හැදෑරීමක් කර නැහැ. නමුත් ගායන හැකියාව හොදින්ම පිහිටලා තිබෙන කෙනෙක් විදියට රවීන් දක්ෂ නිවේදකයෙක් විදියටත් කාගේත් අවධානයට ලක් වෙලා තියෙනවා.

ඉතින් දෙරණ නාලිකාවේ විකාශය වන ‘ දෙවෙනි ඉනිම ‘ ටෙලිනාට්‍යයේ අනුහස් විදියට කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදියට රවීන් අපි අතරට එනවා. ඉතින් දෙවෙනි ඉනිම කියන්නේ කොයි කවුරුත් දන්න ඒ වගේම ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ඉතින් මේ කතාව මුල සිට අද වනතුරු හිටපු රංගන ශිල්පියෙක් තමයි රවීන් කියන්නේ.

ඉතින් ගෙදර ඔහේ කාලය ගත කරපු රවීන් ඒ ජීවිතයෙන් මිදෙන්න කල්පනා කරනවා. ඒ ගැන ඔහු රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම කලාවට එන්න හිටපු කෙනෙක් නෙමෙයි. අපේ ගෙදරින් මට කිසිම අවසරයක් ලැබුණෙ නෑ කලාව පැත්තට යනවට. ඉතින් මම ලගින් හිටපු කට්ටියගෙන් සියයට අනූවක්ම වගේ මට කිව්වා කලාවට සම්බන්ධ වෙන්න එපා කියලා. කිසිම අනාගතයක් නෑ. කෙල්ලෙක්වත් බැද ගන්න බෑ කියලා. ඉන්න ඕන විදිය කොන්ඩෙ පීරන විදිය පවා මට කිව්වා. ඉතින් මම මට හිතෙන දේ කලා. මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගත්තා. කාටවත් කරදරයක් කලේ නෑ. මට අද වෙනකොට සතුටුයි මම ගැන.”

ඉතින් මේ විදියට තමයි රවීන් කනිෂ්ක අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment