Lifestyle

දරුවෙක් ඉන්න ලස්සන අම්මා කෙනෙක් ළගට පිරිමියෙක් ලංවෙන්නෙ ආසාවට – පුෂ්පිකා ද සිල්වා

කාලයක් ආන්දෝලනාත්මක කතා මවපු සුරූපිනියක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටට කීර්තියක් ලබා ගන්නට ඇය සමත් වෙනවා. ඒ වගේම පසුගිය කාලයේදීනම් ඇය ගැන විවිධ කතා නිර්මාණය වෙනවා. ඒ ලාස්වේගාස් වල පැවති ලෝක රූ රැජින තරගාවලියේ දී සිදු වූ යම් යම් සිද්ධීන් හේතු කොට ගෙනයි. කොහොම වුණත් ඇය මේ වනවිටනම් ආදරණීය පුතෙකුට ආදරණීය මවක් වෙනවා.

ඉතින් 2015 විවාහ වෙන පුෂ්පිකා මාස දෙකකින් පසුව බබා බඩට එනවා. ඉතින් සැමියා එක්ක කතාවෙල ප්ලෑන් එකකට තමයි මේ විදියට කරලා තිබුණේ. ඒ වගේම පාසල් යන කාලේ ඉදන්ම අම්මෙක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක් තමයි පුෂ්පිකා ද සිල්වා. විවාහයෙන් පසුව නිරූපන ක්ශේෂ්ත්‍රයෙන් පුෂ්පිකා ඉවත්වෙනවා. ඒ ඇගේ සැමියාගේ විරුද්ධත්වයත් එක්ක.

ඉතින් ඒ විදියට ආදරයෙන් කල් ගෙවපු පුෂ්පිකාට පුතාව ලැබෙන්නේ සාමාන්‍ය දරු උපතකින්. ඉතින් ඇය ඇගේ දරුවා බඩට ආපු දවසේ ඉදලා ඇගේ රූපේ ගැන හිතන්නැතුව දරුවගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරල තියෙනවා. ඉතින් ඇය ඇගේ ශරීරය ගැන හිතන්නැතුව තමන්ගේ දරුවට අංක එක දීලා හැම වැඩ කටයුත්තක්ම දරුවා වෙනුවෙන් කරල තියෙනවා. ඉතින් මේ වනවිටනම් දරුවා එක්ක පුෂ්පිකා තනියම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ අත්දැකීම ගැන ඇය යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූයේ මේ විදියටයි.

” අපිට මේ ලෝකේ කවුරුත් හරියටම ගැලපෙන්නෙ නෑ. අපි ගලපගන්න ඕනි. මමනම් කියන්නේ විවාහ වුණත් රැකියාවක් කරන්න. අපිට ප්‍රශ්නයක් වුණහම ඔය කවුරුත් නෑ. ප්‍රශ්නයක් වුණත් හස්බන්ඩ් එක්ක කතා බහ කරල කොහොමහරි ඉන්න බලන්න. මොකද හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක ලොකු ශක්තියක්. අපි විවාහ වෙන්නෙ ළමයි හදලා එකට ජීවත් වෙන්න. මමනම් ඉවසුවා. ඒත් අවසානෙදි වෙන් වෙන්න වුණා.

මම හිතන්නෙ මගේ ගිය ආත්මෙ පවකට වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නේ. අපි සිංගල් කියලා දැනගත්තම ලස්සනයිනම් ගොඩක් දෙනෙක්ගෙන් යෝජනා එනවා. දරුවෙක් එක්ක තනිවුණ ලස්සන අම්ම කෙනෙක්ට පිරිමියෙක් ළංවෙන්නෙ ආදරේට නෙමෙයි ආසාවට. ”

ඉතින් මේ විදියට තමයි පුෂ්පිකා ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේත් පුතාගේත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment