Lifestyle

අහිමි වූ කිරුළට යළි හිමිකම් කියූ පුෂ්පිකා ද සිල්වා අසරණ පවුලකට පිහිට වේ

පසුගිය කාලසීමාව තුළ බොහෝ සේ කතාවට නැගුණු දෙයක් තමයි විවාහක රූ රැජින තරගාවලිය. එය එතරම් ම මිනිසුන් තුළ ජනප්‍රිය පැවතියේ එහි දී ප්‍රශ්නයක් මතු වූ නිසයි. එය මිනිසුන් විවිධාකාරයෙන් විවේචනයට ලක් කලා. ඒ කෙසේ වෙතත් එවැනි දැවැන්ත තරඟාවලියක් තුළ දී එවැනි සිදුවීමක් ඇත්තටම ලැජ්ජා සහගත දෙයක්.

විවාහක රූ රැජන ලෙස පුෂ්පිකා ද සිල්වා මහත්මිය තේරී පත්වුණ ද ඇයට කිරුළු පලඳා නැවතත් එම කිරුළ ඉවත් කරන්නේ විවාහක රූ රැජින ලෙස ඇයව සුදුසු නැති කෙනෙක් බැව් කියාය. නමුත් පසුව ඇය දික්කසාද වූ කෙනෙකු නොවන ලෙසත් ඇය විවාහක කාන්තාවක් බව තහවුරු වනවාත් සමඟම නැවතත් ඇයට කිරුළ පළදයි.

එවැනි සිදුවීමකට මුහුණ දුන් පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජින ලෙස පත් වූ පසු ඇය සඳහන් කළේ කාන්තාවක් හැටියට ඇය කාන්තාවන් වෙනුවෙන් සේවය කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපිට දැකගන්නට ලැබුණේ ආර්ථිකය දුබල නිවසක් සාදා ගැනීමට නො හැකි පවුලක් වෙනුවෙන් නව නිවසක කටයුතු අංග සම්පූර්ණ කර ගැනීමට මුදල් ත්‍යාගයක් ලබා දීමයි. මේ අවස්ථාවට සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය මෙලෙස ඇගේ මුහුණු පොතේ සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ වශයෙන් මගේ රටේ කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් සිදු කිරීමට මට පැවරී තිබේ. ඒ අනුව මා විසින් ක්‍රියාත්මක කරන අසරණයන්ට අත්වැලක් වෙමු වැඩසටහන යටතේ තම නිවසේ වැඩ කටයුතු සම්පූර්ණ කර ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති මේ මව සහ දියණිය සිටින පවුල වෙනුවෙන් එම කටයුතු අංග සම්පූර්ණ සිදු කිරීම පසුගිය දා සිදු විය.

අසරණයන්ට අත්වැලක් වෙමු යන තේමාව ඔස්සේ සිදු කරන මෙවැනි ක්‍රියාවන් තුළින් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළේ සැබෑ ම අරුත ඇය සමාජයට පෙන්වා දෙයි. මෙවැනි උතුම් ක්‍රියාවන් තව තවත් සිදු කිරීමට ධෛර්යය ශක්තිය මෙතුමියට ලැබේවායි කියා අපි සියල්ලෝ ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment