Lifestyle

මම වාහනේ අරගෙන එයාව බලන්න යන කොට එයා වෙන කෙනෙක් ව කසාද බැඳලා

අධ්‍යාපන කියන අවිය තුළින් තම ජීවිතය ම මල් ඵල ගැන්වීමට හැකියි. ඉගෙනීම කියලා කියන්නේ මනුස්සයෙකුට යම් තැනකට යාමට අවශ්‍ය අඩිතාලමක් වගේ. එය මිනිසා හා සාර්ථකත්වය අතර බැඳී පවතිනවා. කුඩා කාලයේ සිටම දෙමව්පියන් දරුවන් ව ඉගෙනීමට යොමු කරන්නේ ඔවුන්ගේ දියුණුව සාර්ථකත්වයට අවැසි නිසයි. ඉතින් මේ සියලුම දේ සිදු කරන්නට නම් උත්සාහය හා ධෛර්යය අත් අත්‍යවශ්‍යයි.


අපි අද කතා කරමු අධ්‍යාපනය නමැති හබල තුළින් ජීවිතය නමැති සයුර තරණය කල ආකාරය.
මේ කියන්න යන්නේ අමුතු කතාවක්. ඒ කතාව අයිති පුද්ගලයා අද වන විට මුළු මහත් සමාජයේ ම ගෞරවයට පාත්‍ර වන කෙනෙක්. ඔහු නමින් ප්‍රසාද් චින්තන. වර්තමානයේ ටියුෂන් ගුරුවරයෙක්. ආර්ථික විද්‍යාව විෂය තුළින් දරුවන්ගේ ඇස් පාදන ලොවට වැඩදායී පුද්ගලයෙක්. අපි ඔහුගේ ආදර්ශමත් ජීවිත කතාව බලමු.
මොහුට වයස අවුරුදු පහේ දී ඔහුගේ අම්මා විදේශගත වෙනවා. ඒ ප්‍රසාද් කිරි බොන කාලයේ. ආර්ථික අපහසුතාවයන් බොහොමයක් තිබුණු මෙම ප්‍රසාද්ගේ මවට විදේශගත වීම හැර වෙනකුත් විකල්පයක් නො තිබුණා. එවැනි කුඩා කාලයේ දීම ප්‍රසාද්ට තම මවගේ ආදරය අහිමි වෙනවා. එතැන් පටන් ඔහුගේ ජීවිතයෙන් ආදරය කෙමෙන් කෙමෙන් දුරස් වෙනවා.


මවගේ ආදරය අවැසි කාලයේ ම තම මව තමා ගෙන් වෙන් වන්නේ මෙම සමාජ ක්‍රමය තුළ ජීවත් වීමට අගහිඟකම් තිබුණ නිසයි. යාන්තමින් අකුරු කරන්නට යන කාලයේ දී මවගේ ආදරය අහිමි වුණු ප්‍රසාද් ඔහු 3 ශ්‍රේණියේ දී ඔහුගේ පාසල් ගමන නතර වෙනවා. මෙහෙම 3 වසරේ පාසල් ගමන නැවතුණු විට මොහුගේ පෙර වාසනාවකට තම මව අවුරුද්ද අවසානයේ නැවත ලංකාවට පැමිණෙනවා. ඉන්පසු නැවත ඇය විදේශ ගත වෙනවා. මව විදේශගත වූ විට ඔහු හැදී වැඩුණේ තම ආච්චි අම්මා ළඟයි.


නැවත පාසල් ගමන ආරම්භ වූ ප්‍රසාද්ගෙන් 3 ශ්‍රේණියේ දී ඔහු ඊළඟ ශ්‍රේණියට යාමට අසමත් වෙනවා. එහි දී මොහු පන්ති භාර ගුරුතුමියගේ කකුලේ එල්ලී අඬනවා හතර ශ්‍රේණියට යන්න ලබා දෙන්න කියලා. දෙමව්පියන්ගේ අඩුව තදින් ම දැනුණු අවස්ථාවක් ප්‍රසාද් ග් සිතේ ගැඹුරෙහි තැන්පත් වෙලා තිබෙනවා. ඒ ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්වුණු අවස්ථාවේ තම බැජ් එක පළඳන්න කවුරුත් නිවසින් පැමිණීමට නොමැති හෙයින් මොහු විදුහල්පති තුමා ළඟට ගොස් කියනවා ගෙදරින් එක්කන් එන්න කවුරුත් නෑ කියලා. අවසාන මොහොතේ ඔහුගේ පුංචි පාසලට පැමිණෙනවා මෙම බැජ් එක පළඳන්න.

දෙමව්පියන්ගේ සෙනෙහස නොමැති දරුවෙකුට ඒ වේදනාව වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ප්‍රසාද් ද එවැනි මහමෙරක් දුක් දරා ගත් කෙනෙක්. මොහු හයවන ශ්‍රේණියේ වගේ ඉගෙනගන්න විට ඔහුගේ පියාගේ සෙනෙහසත් ඔහුට අහිමි වෙනවා. සාමාන්‍ය පෙළ විභාගය ප්‍රථම අවස්ථාවේ අසමත් වන ප්‍රසද් නැවත දෙවැනි පාරක් කරන්නට පෙලඹෙනවා. ඒ තම පවුලේ අයවලුන්ගේ නොයෙකුත් කතා අහ ගෙන. ඉන් පසු දෙවැනි වතාවේ උසස්පෙළ කිරීමේ හැකියාව ලැබුනම පන්තියේ ඉතා දක්ෂයෙකු ලෙස කටයුතු කරනවා. ඉන් පසු විශ්වවිද්‍යාල හිමිකම් කියන්නට ද ප්‍රසාද් හැකි වෙනවා. තනි කමින් ම තම ජීවිතය ගලා ගෙන ගිය ප්‍රසාද්ට තනිකම මකන්නට කෙනෙක් සම්බන්ධ වෙනවා. නමුත් ඒ ආදරවන්තියත් ඔහුව දමා යන්නේ මොහුගේ ඇති පවුල් පසුබිම නිසයි. ඒ තරුණියගේ දෙමව්පියන් මොහුට අකමැති වෙනවා. මානසිකව වැටෙනවා වගේ ම තම ජීවිතයද එපා වුණු යුගයක් ලෙස ඔහුට මෙම කාලය නම් දැනෙනවා. නමුත් අභියෝග හමුවේ පලා යෑම වෙනුවට ප්‍රසාද් කළේ අභියෝග හමුවේ නො සැලී මුහුණ දීම. ජීවිතයේ යම් කඩා වැටීමක් සිදු වුවහොත් එය නැගිටීමට මාවතක් කරගත් කෙනෙක් තමයි මොහු. ඉන් පසු අමතර පන්ති පටන් ගෙන තම ජීවිතය පියවරෙන් පියවර ඉදිරියට තබන්නට ට හැකි වෙනවා.

දක්ෂ දරුවන් බිහි කරන්නට හැකි වුණු ප්‍රසාද්ගේ ගෝලයන් මේ වන විට ඉහල තැන් වල සිටිනවා. ඔහු සිතුවේ යම් තැනකින් ගොඩ එන්නට නම් අනිවාර්යෙන්ම අධ්‍යාපනය තුළින්මයි එය කළ යුත්තේ කියලා. ඉතින් මෙම සිසු දරුවන් ද එලෙස ම අධ්‍යාපනයෙන් පෝෂණය කළේ ඔවුන්ගේ ද අනාගතය සාක්ෂාත් කරන්නටයි. ප්‍රසාද් තම ජීවිතය සාර්ථක කරගන්න කාලය තුළ දී ඔහු ආදරය කළ පෙම්වතිය ඔහු ළඟ නැති වෙනවා. ඉතින් තමාට අමාරු කාලයේ දී උදව් උපකාර කළ ඇය තමාට සවියක් u වුණු ඇය ජීවිතය ටිකෙන් ටික සාර්ථක වෙන කාලයේ දීත් ඔහු ලඟ නෑ.

දැනට දිස්ත්‍රික්කවල ප්‍රථමයන් බිහි කරන්නට සමත් වෙන ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වන ප්‍රසාද් චින්තක දිවයිනේ බොහෝ දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වා දෙන ගුරුවරයෙක්. ඉතින් ඔහුගේ ජීවිතයෙන් ගත හැකි දෑ බොහොමයි. තම කුඩා කාලයේ සිටම ආදරය කියන දන්නෙවත් නැති මොහුගේ ජීවිතය අධ්‍යාපනය තුළින් ඔහු සාර්ථක කර ගන්නේ මෙම දුෂ්කරතාවයන්තුලින්. ප්‍රසාද් චින්තකගේ ඉදිරි අනාගතය සුභම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ම තව තවත් දරුවන් දහසක ගේ ඇස් පාදන්නට මොහුට හැකි වෙන්න කියලත් අපි සුබ ප්‍රාර්ථනා කරමු. අද සිට අපි අපේ ජීවිතයත් මේ විදිහට පියවරෙන් පියවර සාර්ථක කරගන්නට අධිෂ්ඨාන කර ගමු.

Leave a Comment