Lifestyle

මම කොච්චර විලාසිතා කරනවද කියනවනම් ගෙදරට අදින්නෙත් ඇදුම් ගලපලා – පියුමි ශ්‍රී නායක

දුටුවන්ගේ නෙත් සිත් ඇද බැද ගත්තු රූපයක් හිමි තරුණ රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. ඉතින් ඇය රංගනයෙන් දායක වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රුක්ෂානාටත් ගොඩක් දෙනෙක් ආදරෙයි. ඉතින් විවිධ විලාසිතා කරන රුක්ෂානා හැමදාමත් හැඩට ඉන්න කෙනෙක්. ඉතින් රුක්ෂානා විලාසිතා කලාම ගොඩක් දෙනෙක් කියන්නේ ඇය හින්දි නිලියක් වගේ කියලයි. ඇය ගොඩක් වෙලාවට ලෝකයේ ජනප්‍රියම නිලියන් වන දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්‍රා, ආලියා බාත් වැනි බොලිවුඩ් නිලියන්ගේ විලාසිතා අනුකරණය කරන කෙනෙක් තමයි පියුමි.

ඉතින් ඇගේ හැඩය, හමේ පාටත් එක්ක ඇය ගොඩක්ම අනුගමනය කරන්නේ ඉන්දියානු සම්ප්‍රධායේ කරන විලාසිතා. ඉතින් විලාසිතා අනුගමනය කරනකොට දුඹුරු පාට නැතුව ඕනෑම පැහැයක විලාසිතාවක් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අඩු මුදලකින් වැඩි පෙනුමක් තියෙන විලාසිතාවක් කරන්න කැමති කෙනෙක් තමයි පියුමි ශ්‍රී නායක කියන්නේ. ඉතින් හැමදාමත් හැඩට ඉන්න පියුමි ඇය විලාසිතා කරන ආකාරය ගැන පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම කරන විලාසිතාවට වටිනාකමක් දෙන්න ලොකු කරාඹු, සපත්තු, බෑග්, මේකප් වගේ දේවල් ගැන හිතනවා. එ එවගේම කොන්ඩෙ පීරන විදිය ගැනත් මම හිතනවා. මම කොච්චර ලස්සනට ගලපනවද කියනවනම් ගෙදරට ඉන්නෙ ගැලපෙන ඇදුම් ඇදගෙන ලස්සනට. මම එකදවසක් කියලා නෑ හැමදාම ලස්සනට විලාසිතා කරනවා. මම ඇදුමක් ඇන්දාම හැමෝම වගේ කියනවා හරිම චාම් එහෙමත් නැත්නම් හොට් පෙනුමක් තියෙනවා කියලා. මම විලාසිතා කරන්න පොඩි කාලේ ඉදලම කැමතියි. පොඩි කාලෙත් උස අඩි සෙරෙප්පු දාගෙන, සාරි පටලගෙන කන්නාඩිය ඉස්සරහට යනවා.

මම හිතන්නෙ විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. වයස වැඩි කෙනෙකුගේ වයස අඩු කරලා පෙන්වන්නත්, මහත කෙනෙකුගේ මහතාඩු කරන්නත් යන ඕනෑම දෙයක් විලාසිතා කිරීමේ දී කරන්න පුලුවන්. අපි කරන්න ඕන විලාසිතා තුලින් අපේ ජීවිතයට උපරිම වටිනාකමක් දෙන එක. මම විලාසිතා කරන්න කලින් ලංකාවේ සංස්කෘතිය කියන ඒ වටිනා කමට අනුව විලාසිතා තෝරගන්නවා.”

ඉතින් මේ විදියට තමයි පියුමි ශ්‍රී නායක ඇය හැඩට ඉන්න විදිය ගැන අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ සියල්ල ඒ හිතන විදියටම ඉටුවෙන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment