Lifestyle

මම උසස් පෙළ කරලා කුඹුරු වැඩත් කලා පවුල ගොඩගන්න – පියුමි කියන කතාව

පියුමි ශ්‍රි නායක කියන්නේ මේ දිනවල ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන පාර දිගේ ටෙලි නාට්‍යයේ රුක්ෂානා විදියට අපි අතරට එන දක්ෂ රංගන ශිල්පිනියයි. ඉතින් ඇය මේ දිනවල ගොඩක් ජනප්‍රිය කලා තරුවක්. ඉතින් ඇය හසලක කියන දුෂ්කර ගම්මානයක ඉපදිලා ගොඩක් දුක්කම්කටොලු වලට මුහුණ දීල ජීවත් වුණු කෙනෙක්. ඉතින් පාපැදියෙන් එහා මෙහා ගියපු පියුමිගේ පියා ඇය ලැබෙන දවසෙ ගොඩක් සතුටින් තමයි ඉදල තියෙන්නේ. පුතෙකුට ඇදුම් ලෑස්ති කරගෙන තිබිල තියෙන්නේ. ඉතින් දුව දැකපු සතුටට මේ දුව මගේම දුවද කියල බලාගන්න ඕන නිසා මුලින්ම ඇගේ කකුල් දෙක බලල තියෙනවා. මොකද තාත්තගේ විදියට කකුලෙ පොඩි ඇගිලි දෙක බද්ධ වෙලාද කියලා.

ඉතින් මුලින් දුක් විදල විදල පියුමි ඉපදුනයින් පස්සෙ ඔවුන්ගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබිල තියෙනවා. ඔහු වඩු කාර්මිකයෙක් විදියට වගේම කුඹුරු වැඩ කරලයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ඇය පසුගිය දිනකදී මාධ්‍ය සාකච්ඡාවකට එකතුවෙලා ගොඩක් සංවේදී වෙලා තිබුණා.

” අපේ තාත්තා ෆුට්සයිකලේ වැඩට ගිහිල්ලා එනකොට කන්න මොනවහරි ගේනවා. මට එකවසරට ඉස්කෝලේ යන්න බඩු ගන්නකොට මම තාත්තත් එක්ක මහියංගනයෙ තමයි ගියේ. එතකොට ඇදගෙන යන්න ඇඳුමක් නැතුව අපේ ඥාති අක්කා කෙනෙක්ගේ ඇඳුමක් තමයි ඉඳගෙන ගියේ.

මම ගොඩක් විදලා තියෙනවා. මම ලාම්පු එළියෙන් පාඩම් කලේ. මම උසස් පෙළ කරල කුඹුරු වැඩ කළා. මට කුඹුරු වැඩ ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් එහෙම දුක්විඳලා මාව හදපු තාත්තාව හැමෝටම පෙන්නන්න ලැබුණු එක ගැන මම ගොඩක් වාසනාවන්තයි.’’

ඉතින් පියුමි ශ්‍රී නායක කියන මේ දක්ෂ රංගන ශිල්පිනිය ඇගේ දුක්බර අතීතය ආවර්ජනය කලා.ඉතින් ඒ විදියට තමයි කටුක අත්දැකීම් වලට මුහුණ දීලා තමයි ඔවුන් අද මේ තැන ඉන්නේ. ඉතින් ඒ වගේම ඇගේ තාත්තගේ හීන හැම එකක්ම හැබෑ කරන්න පියුමිට වාසනාව ශක්තිය ලැබෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment