Lifestyle

මට අනුජ් හම්බුනොත් අපි දෙන්නා කතා කරකර හිනා වෙන එකමයි කරන්නේ – පියුමි හංසමාලි

නිරූපන ක්ශේෂ්ත්‍රයේ වැඩි වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කෙනෙක් විදියට පියුමි හංසමාලිව හදුන්වන්න පුලුවන්. ඇත්ත ඇති සැටියෙන් කතා බහ කරන පියුමි කියන්න ඕන දේ කෙලින් කියන හරි නිහතමානී චරිතයක්. ඉතින් සමාජ මාධ්‍ය තුළ මොන දේ ඇය ගැන පැවසුවත් ඇය හදවතින්ම කතා කරන කෙනෙක්ට උපකාරී කරන හරිම නිහතමානී කෙනෙක්.

ඉතින් වයස අවුරුදු 19දි තමයි ඇය විවාහ වෙන්නෙ. නමුත් අවාසනාවන්ත විදියට විවාහයට සමුදෙන්න වුණත් පියුමිට ආදරණීය පුතෙක් ඉන්නවා. ඉතින් පුතයි අම්මයි පියුමියි මේ විදියට කාලයක් ඉන්නකොට ඇති වුණු කලකිරීම් එක්ක නැවත විවාහ වෙන්නෙ නෑ කිය කියා තමයි පියුමි හිටියේ. ඉතින් මේ වෙනකොට ඇයගේ ජීවිතයට අලුත් කෙනෙක් සම්බන්ධ වෙලා. ඔහු තමයි ප්‍රගීත්. ඉතින් ප්‍රගීත් එක්ක මේ වෙනකොට පියුමි හරි ආදරයෙන් ඉන්නවා.

ඇය රංගනය කල චිත්‍රපටයක් වන ‘ වස්සානයේ සද’ චිත්‍රපටය තුලින් ඇගේ රංගන කුසලතාවය දැකබලා ගන්න පුලුවන් වුණා. ඉතින් ඒ ගැන ඇය යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා.

” මමයි අනුජුයි මොන වැඩේ කරන්න ගියත් හිනා වෙනවා. අපිව උදය අයියට ශූට් එකට ගන්න හරි අමාරුයි. මොකද අනුජ් මට කෙනෙක්ගෙ මොනවහරි දෙයක් කියනවා. ඊට පස්සේ අපි දෙන්නම හොදටම හිනා වෙනවා. කන වෙලාවටත් හිනා වෙනවා.”

ඉතින් මේ විදියට තමයි කවුරුත් දන්න පියුමි හංසමාලී අදහස් එකතු කරලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න වගේම ඇගේ විවාහයත් ඉක්මනට දැකගන්න ලැබෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment