Lifestyle

මට සල්ලි හම්බුන කාලෙක මම ගානේ ඔයාට රෝයල් පාර්ටි එකක් රෝල් කරල දෙන්නම් හරිද

පියුමි හංසමාලි කියන චරිතය ගැන අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නෑ. අපි සියලු දෙනාම ඇය ගැන හොඳට දන්නවා. ඒ ඇය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ම කතා බහට ලක් වෙන නිසයි. ඇය නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය කාලෙන් කාලෙට සමාජයේ පුවත් මවන්නියක් ද වෙනවා. සමාජය තුළ හොඳ දේ වගේම නරක දේ තුළ ද පියුමි හංසමාලි ගැන කතා වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ විවේචන හමුවේ. ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා ලක්ෂ 17ක් වගේම ටික් ටොක් ෆලෝවර්ස්ලා ලක්ෂ 8ක් වගේ ඉතා විශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගන්නට ඇය සමත් වෙනවා.

ටික් ටොක් තුලින් අලුත් විලාසිතා ගෙනෙන පියුමි දැන් පුතා සමගින් තනිකඩවයි ජීවත් වෙන්නේ. සමාජයක් ඇයට ඇගිල්ල දිගු කරනවිට ඇය ඒවාට නොසැලී මුහුණ දෙන කාන්තාවක්. ඇත්තටම සමාජයේ මිනිසුන් ඇයට විවිධ චෝදනා කරන්නේ ඇගේ විලාසිතාවලටයි.

ඉතින් ඇය මෑත දිනයක කතාබහට ලක්වුණේ දුප්පත් ගම්මානයකට ගොස් එහි සිටින අඩු ආදායම් ලාභීන්ට වියළි ආහාර ලබා දීම ගැනයි. ඉතින් ඇය ඒ උතුම් ක්‍රියාව සිදුකර තිබෙන්නේ ඇගේ 29 වෙනි උපන් දිනය නිමිති කරගෙනයි. ඉතින් ඇය මෙලෙස උපකාර කළේ අනුරාධපුර ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයකට. එයට ඇය ඇගේ පුතා සමඟ ගොස් තමයි මෙම කටයුත්ත සිදු කළේ. එම ගම්මානයේ පන්සලේ තමයි මෙම පුණ්‍ය කටයුත්ත සිදු කර තිබුනේ. එම වැඩ සියල්ල නිමා වී ඇය ඇතුළු කණ්ඩායමට එම පන්සලෙන් දානයක් ද පිළිගන්වා තිබුණා. ඉතින් සමාජය තුළ විවේචනය කළ ඇය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ ඇය සිදු කළ මෙම පුණ්‍ය ක්‍රියා වත් සමඟයි. ඉතින් බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූවා.

ඉතින් ඒ සියලු දේ වුණු පසුව ඇගේ උපන්දිනයත් පසු වූවාට පසුව ඇය ඇගේ උපන්දිනය නැවතත් සමරනු ලැබුවා. ඒ කලා කරුවන් රැසක් සමග පාටියක් දමාය. ඉතින් ඇය සදහන් කරන ආකාරයට මෙය ඇගේ වියදමින් කල එකක් නොවන බවත් එය සප්‍රයිස් පාටියක් බව තමයි දැනගන්න ලැබුණේ. ඇයගේ හොදම යාලුවෙක් හා ලංකාවේ අංක එකේ දක්ෂ නිරූපිකාවන් හැඩගන්වන ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ තමයි ඇයට මෙම සප්‍රයිස් පාටි එක දෙන්නේ. ඒ වගේම ඇයට අයි පෝන් 13 එකකුත් තෑගි වශයෙන් ඔහු ඇයට ලබා දී තිබෙනවා. ඉතින් ඇය සියලු දේවල් වලට ස්තූති කරමින් ඇය තම මුහුණු පොතේ සටහනක් දමා තිබුණා.

“චන්දිමාල් ජයසිංහ චතුරංග චතු ඔයාලා දෙන්නටම ගොඩක් පිං. මම පවු කියලා මට අලුත් අයි පෝන් 13 ප්‍රෝ මැක්ස් එකක් අරං දුන්නට. දෙන්න බාගෙ බාගේ දාල අවුරුදු 3ක් එකම පෝන් එක යූස් කරනව කියලා එයාලට දුක හිතිල මට අරන් දුන්න. අනේ මට දැං එහෙම ආසාවල් නෑ. එන එන පෝන් එක ගන්න ඕන කියලා. මීට අවුරුදු 4කට පහකට කලින් නම් ඒක පිස්සුවක් තිබ්බ. දැන් එහෙම ආසාවල් නෑ. ඒත් ඇත්තටම හරිම සතුටුයි මට ඔයාල වගේ යාලුවෝ ඉන්න එකට ගොඩාක් පිං සිද්ද වෙනවා. ස්පෙශලි චන්දි ඔයයි මේ පාර්ටි එක ලෑස්ති කෙලේ. ඔයාගේ තනි වියදමින්. තෑන්කූ සෝ මච් මම වෙනුවෙන් මෙච්චර දෙයක් කලාට. බීඑෆ් කෙනෙක්වත් සුපර් ඩැඩි කෙනෙක්වත් නැති අසරණ මම ගැන ඔයාට දුක හිතිලා තමයි මේ හැමදේම ඔයා කරේ කියල මම දන්නවා. අගේන් තෑන්ක්‍යූ සෝ මච් මට සල්ලි හම්බුන කාලෙක දෙන්නම් මම ගානේ ඔයාට පාර්ටි එකක් රෝයල් එකක් හරිද රෝල් කරල දෙන්නම්”

ඇය තම උපන්දිනය වෙනුවෙන් රෝයල් පාටියක් දැමූ බවට සමාජ මාධ්‍ය තුල පැතිරී යන පුවත් වලටද ඇය සිනාසෙමින් සටහනක් එක් කර තිබුණේ ” මා සාදයක් පැවැත් වූයේ නැත චන්දිමාල් ජයසිංහ මට සප්‍රයිස් පාර්ටි එකක් දුන්නා පමණි මට සල්ලි නැතෝ පාර්ටි කරන්න.”

ඉතින් අපි පියුමි හංසමාලිට නැවත වරක් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment