Lifestyle

පූර්නිකා ඉන්න වැඩසටහනකට මම කවදාවත් නිවේදනය කරන්න යන්නෙ නෑ, නරක ගොසිප් හරි වැදිලා ජනප්‍රිය වෙනවට මම කැමතියි

සංගීත් නිපුන් පේෂල මනෝජ් කියන්නෙ තබ්ලා වාදනය පිලිබදව ඉන්දියාවේ පවා ගොස් ඉගෙන ගත්ත දක්ෂ තබ්ලා වාදකයෙක්. ඉතින් දක්ෂ නිවේදකයෙක් විදියට අපි කවුරුත් දන්න ජනප්‍රිය වැඩසටහනක් වන දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර්ස් වැඩ සටහන නිවේදනය කරන ඔහුව අද කාලේ කවුද නොදන්නේ.

ඉතින් පේෂල මනෝජ් කිව්වම දක්ෂ නිවේදකයෙක්ට වඩා ප්‍රේක්ෂකයාව විනෝදකාමී කරන්නට සමත් කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඉතින් මේ විදියට අපි කවුරුත් දන්න පේෂල මනෝජ් විවාහ වෙලා ඉන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ කැපී පෙනෙන චරිතයක්. ඉතින් චතුරිකා පීරිස් පූර්නිකා පීරිස් කියන්නේ අක්කයි නංගියි දෙන්න කියලත් හැමෝම දන්නවා. ඉතින් පූර්නිකා සමගින් විවාහ වෙලා ඉන්න පේෂල අද වනවිට දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක් විදියට කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ චරිතයක් තමයි පූර්නිකා. ඉතින් පූර්නිකා ගැන පේෂල සහභාගී වුණු රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම පූර්නිකා සහභාගි වෙන වැඩ සටහන් නිවේදනය කරන්න යන්නෙ නෑ. මොකද මම කැමති නෑ එහෙම කරන්න. මම හැම වෙලේම කියන්නේ ඒ වෙනුවට වෙන කෙනෙක්ව ගන්න කියලා. අනික මම කැමති නෑ පූර්නිකා මගේ බිරිද කියලා එයා මොනව හරි දෙයක් කරන්න යනවනම් ඒකට බාධා කරන්න. ඒ නිසා එයාට ගිය වැඩේ නිදහසේ කරගන්න මම අවස්ථාව දෙනවා.

මම කැමතියි නරක ගොසිප් හරි හොද ගොසිප් හරි මොන දේකින් හරි මිනිස්සු අපි ගැන කතා වෙනවට.නරක දෙයක් ගැන කිව්වත් අපේ හිත දන්නවනම් අපි නිවැරදියි කියලා අව්ලක් නෑනේ. කවදහරි දවසක ඇත්ත එලි වෙනවනේ. ඒ නිසා මොන විදියට ගොසිප් ගියත් කතා වෙන්නෙ අපි ගැනනම් ඉතින් මම කැමතියි.’’

ඉතින් මේ විදියට තමයි පේෂල මනෝජ් අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල හිතන පතන විදියටම ඉටු වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment