Lifestyle

ඉස්සර මාව දකින හැමෝම කියන්නේ බෝනික්කෙක් වගේ කියලා – පබෝධා සංදීපනී

කලා පවුලක ඉපදිලා කලා ආභාෂය උපතින්ම ගෙන ආ කෙනෙක් තමයි සුරූපි රංගන ශිල්පිනි පබෝධා සංදීපනී කියන්නේ. ළමා කාලයේ සිටම කලාවට එකතුවෙලා විවිධ වූ චරිතාංග ඔස්සේ අපි අතරට ආව පබෝධා සංදීපනී මේ දිනවල අපිට හිරු නාලිකාවේ සති අන්තයේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යය තුලින් දැක ගන්න පුලුවන්.

කාගේත් නෙත් වශී කරවන සොඳුරු රුවක් හිමි පබෝධා සංදීපනී ලංකාවේ සහ ප්‍රංශයේ කාලෙන් කාලෙට ජීවත් වෙන යුවතියක්. ඉතින් විවිධ විලාසිතා අනුගමනය කරන ඇගේ කොන්ඩ විලාසිතාවත් කා තුලත් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සරල පහසු ඇදුම් විලාසිතා තමයි ඇය භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් ඇගට පහසු ඇදුම් විලාසිතා තමයි තෝරගන්නවා කියලා පබෝධා අදහස් දක්වලා තිබුණේ.

රංගන ජීවිතයේ වගේ විලාසිතා ඇය ඇගේ සාමාන්‍ය ජීවිතයේ විලාසිතා කරන්නෙ නෑ වගේම සාමාන්‍ය සරල කාන්තාවක් මවක් බිරිදක් කියන අවස්ථාවන්ට ගැලපෙන්න තමයි පබෝධා විලාසිතා තෝරගන්නේ. ඉතින් ඇය විලාසිතා කරන ආකාරය ගැන පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ.

” මාව කැත නැතුව පේනවානම් ඕනෑම විලාසිතාවක් කරනවා. ගවුම්, සාරි,ඔසරි, ඩෙනිම්, ටීෂර්ට් වැනි ඕනෑම ඇදුමක් අදිනවා. විලාසිතා කියන්නේ අපිව තවත් ලස්සන කරලා පෙන්නන දෙයක්. එහෙම නැතුව විලි වසන්න විතරක් තියෙන දෙයක් නෙමෙයි. විලාසිතා කරනකොට මම කාවවත් අනුකරණය කරන්නෙ නෑ. මගේ ඇගේ පාට අනුව, හැඩය අනුව තමයි මම විලාසිතා කරන්නේ.

ඉස්සර මාව දකින කට්ටිය කියනවා මම බෝනික්කෙක් වගේ කියලා. ඒ තරමට මාව පොඩි කාලේ අම්මලා ලස්සනට අන්දනවා. පුදුම ආත්ම අභිමානයක් දැනෙනවා ගැලපෙන විදියට විලාසිතා කලාම. මම බ්‍රැන්ඩඩ් ඇදුම් සහ මිල අධික ඇදුම් බලන්නෙ නෑ. පහසු ඇදුම් තමයි අදින්න උත්සහ කරන්නේ.”

ඉතින් මේ විදියට තමයි පබෝධා සංදීපනී ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment