Lifestyle

ටිකක් අමාරු තත්වයක් නිසා දරාගන්න අමාරුයි. මම ඉන්නෙ බෙහෙත් වලින් නිරෝශා විරාජිනිය හදිස්සියේම කියූ දේ

90 දශකයේ පමණ කලා ක්ෂේත්‍රයට පැමිණ දැනට දශක තුනක් පමණ ඉහළින්ම වැජඹෙන ගායන ශිල්පිනියක් ලෙස නිරෝෂා විරාජනී ලාලිත්‍යා හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ඇගේ මියුරු කටහඩ රසික හදවත් අමන්දානන්දයට පත් කරන්නේ ඇයට අනන්‍ය වූ ගායන විලාසයක් තිබෙන නිසයි. අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීන දක්ෂ ගායන ශිල්පිනියක් ලෙසත් ඇයව හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම අපේ සංගීත ලෝකයේ අපි කවුරුත් ආදරය කරන අපි ජනප්‍රිය වගේම සම්මානනීය නිහතමානී ගායන ශිල්පිනියක් තමයි ඇය.


ඇයට 2020 වසරේ කරන්නට අදහසක් තිබිලා තියෙනවා ඇයගේ එම යූටියුබ් චැනල් එකක් පටන් ගන්න. ඇගේ ගීත ප්‍රමාණය පිලිබදව ඇයටද ලොකු අදහසක් නැහැ. ඇය සදහන් කරන ආකාරයට ඇගේම ගීත ගත්තොත් 500කට වැඩි වුණත් ඊට අඩුනම් නැහැ කියලයි. වෙන අයට කරපු ගීත, යුග ගීත, ටෙලි නාට්‍ය ගීත, චිත්‍රපට ගීත මේ ඔක්කොම ගීත ගැන හිතල ගනන් හැදුවොත් කොහොමත් ගීත 1000කට එහා ඇති බවයි ඇය කියන්නේ. මේ කාර්යබහුල ජීවිතේ අතරතුර ගෙදර අම්මා තාත්තා ඇතුලු පවුලේ අය ගැනත් හොයල බලන්න අමතක කලේ නෑ. පවුලෙ ලොකු දුව නිසා ඇයට ඒ දේවල් මග හරින්න බැහැ කියලයි ඇය කියන්නේ. ඇය කියන්නේ ඇය මේ ලෝකෙන් ගිය දවසට මිනිසුන්ට ඒ දේවල් ඉතුරු කරල යන්න ඕනි කියලා.

ඇය කල ගීත වලින් හතරෙන් තුනක් විතර ජනප්‍රිය වෙලා කියලයි ඇය කියන්නේ. ඇය පොඩි දෙයක් කලත් ඒක මිනිස්සු අතරට යනව. ඒ වගේම මිනිස්සු අතර කතා බහට ලක් වෙනවා. ඇය විශ්වාස කරන්නේ ඒක ඇයගේ වාසනාවට වෙන්න ඇති කියලා. ඇය ජනප්‍රිය ගායිකාවක් කියල නිකම් ඉන්නෙ නැහැ. තවමත් ඇය ගායනය පිලිබදව ඉගෙන ගන්නවා. සමහරෙක් ගීත හිට් කරගන්න සල්ලි වියදම් කරනවා. ඒත් නිරෝශා විරාජිනියට එහෙම ප්‍රශ්නයක් නම් වෙලා නැහැ. ඇයගේ ගීත මිනිසුන්ගේ හදවත් තුල ඉක්මනින් ලැගුම් ගන්නවා. තව කෙනෙක්ව අභිබවා යන්න කිසිම අදහසක් ඇයට නැහැ.

ප්‍රසංග වලට කලින් විවාහ උත්සව වල සහ අනෙකුත් උත්සව වල තමයි ඇය ගීත ගායනා කරල තිබුනේ. ඒ කාලේ එහෙම ගීත කියලා රුපියල් එක්දහස් පන්සීය වැනි ගනන් ලැබිල තියෙනවා. ඒ කාලේ ඇය අධ්‍යාපනය ලබන කාලේ. සාමාන්‍ය පවුලක ජීවත් වුණු ඇයගේ නිවසේ තාත්තා විතරයි රැකියාවක් කළේ. එයිනුත් ලොකු මුදලක් ලැබුණේ නැහැ. අම්මා තාත්තා දරුවෝ හතර දෙනෙක් එක්ක ගෙවල් කුලී ගෙවා ගෙවන් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුණේ. ඔවුන්ටම කියා නිවසක් තිබුණෙ නැති නිසා විරාජිනී ය ඇතුළු සිය පවුල කුලී නිවාසයක තමයි ජීවත් වුණේ. ඔහොම අමාරු කාලයක් පසු කරගෙන ගිය විරාජිනී කුඩා කාලයේ ඇයගේ පියා විදෙස් ගත වුණා. මාවරමණ්ඩියේ තමයි ඉඩමක් අරන් ඉන්පසු නිවසක් සාදා ගත්තේ. මුල් කාලයේ ඇය බස් එකේ තමයි ගීත ගායනා කරලා ආවේ. සමහරක් දිනවල ඇයගේ මාමලා බයික් එකේ ඇයව එක්කන් යන්න පවා ආවා. පවුලේ වැඩිමහල් දරුවා වන නිරෝශා විරාජිනි මුදල් හොයන්න පටන් ගත්ත කාලේ සිට නිවසේ තත්වය හොඳ අතට පත් වෙන්නට හැරුණා.

නිරෝෂා ව කුඩා කාලයේ ගායිකාවක් කරන්න ඇගේ මව ලොකු වෙහෙසක් දැරුවා. ඇයට නම් කිසි උවමනාවක් ඒ පිළිබඳව තිබුණේ නැහැ. බන්දුල පද්ම කුමාර කියන මහත්මයා නිරෝෂාගේ මව හදු නාගෙන තිබූ නිසා දිනක් ඔහු නිරෝෂාගේ මව ට කියා තිබුණා ඇයව සමග එන්න කියලා. ඒ යන විට මයිකල් පෙරේරා කියන ගායකයා එහි සිටියා. ඉන්පසු බන්දුල මහත්මා ඇයව මයිකල් ගායකයාට හදුන්වා දුන්නා. ඉන්පසු විරාජිනීයට ප්‍රසංගයකට ආරාධනා ලැබුණා. එය තමයි ඇය සහභාගි වූ ප්‍රථම ප්‍රසංගය. ඒ වන විට ඇයට අවුරුදු දාසයක් විතර වගේ තිබුනේ. මෙයින් පටන් ගත්ත සංගීත ජීවිත ගමන තුල දිගින් දිගටම ආරාධනා ලැබුනා. එයින් නැවතීමක් තිබුනෙ නැහැ. ඇගේ ප්‍රථම ගීතය සිත හඩයි ගීතය වුණේ.
ඇයගේ මියුරු හඬ කිසිවකුත් නැසූ තරම්ය. එයට හේතුව ඒ තරම් ඇයගේ නිර්මාණ ජනතාව තුලට ගිය බව නම් නොරහසකි. සුදු ඇත් පොව්වෙක්, පුන්සද රෑට, සිනා තොටක් විය, සිත ඔබට මුවා වී, සිත හඩයි මා තනි වී, සද රාජිනී වගේම ගීත රාශියකින් රසික හදවත් තුල ලැගුම් ගන්නට සමත් මේ කෝකිලාව ඇයගේ ගීත වලට වෙනමම රසයක් එක් කරනවා.

ඒ විතරක් නෙමෙයි මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන හිරු ස්ටාර් ගායන තරු තේරීමේ තරගය තුල විනිසුරුවරියක් ලෙස ඇය කටයුතු කරනවා. තවමත් විරාජනී තනිකඩ ජීවිතයක් ගත කරන බව අපට නොරහසක්. නමුත් තරුණ තරුණියන් ගේ ආකර්ෂණය නම් තවමත් කිසිම අඩුවක් නම් නැහැ. තවමත් මේ තාරුණ්‍යයේ රහස ඒ විදිහට ම පවත්වාගෙන යන නිරෝශා මේ පිළිබඳ පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙමින් මෙන්න මේ විදිහට තමයි අපට කිව්වේ.

ඇත්තටම ඒ හිටියට වඩා මගේ රූපය දැන් ගොඩක් වෙනස්. මම පරිණත වෙලා වගකීම් බහුල වෙලා. ඒ සියලු දේවල් වලින් මම පෝෂණය වෙලා ඒ මාගේ ආධුනික කම. ඒ කාලයේ අත්දැකීම් අඩුයි. ඒ කාලයේ හරියට මම ඇඳුමක් අඳින්න දන්නෙ නෑ. මේකප් දාන්න දන්නේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතය කඩා වැටෙන්න ඒකත් එක හේතුවක් උනා වෙන්න ඇති. තමන්ගේ දක්ෂතාවය තමන්ගෙ අධිෂ්ඨානය තමයි හැමදේකටම මූලික වෙන්නේ. මගේ ජීවිතයට මොන ප්‍රශ්න ආවත් ඒ සියල්ල අබිබවා අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යන්න ඕන කියලයි ඇය හිතන්නේ.

සදාකාලික නිර්මාණ රැසක් බිහිකළ නිරෝෂා විරාජිනිය මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන නිසා රෝහල් ගත වෙලා තමයි ඉන්නේ. ඒ ගැන ඇය මෙහෙමයි අදහස් දැක් වූයේ.

මට තියෙන්නෙ බරපතළ අසනීප තත්වයක්. මාසයක් විතර මම ගණන් ගත්තේ නැහැ. මම ඒකට තවනවා. කාලයක් යන විට ඒක උත්සන්න වුණා. ලයිට් ඇල්ලුවා ඒත් අඩුවුනේ නැහැ. ඊට පස්සේ මගේ දකුණු අත හිරි වැටුණා. මට ඩ්‍රයිව් කරගන්න පවා බැරිවුණා. තේ කෝප්පයක්වත් උස්සන්න බැරි වුණා. පස්සේ හොයාගත්තේ කශේරුකාවේ කොටසක වෙනසක් වෙලා කියලා. මම කාලයක් වැරදි විදිහට නිදාගෙන හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. ඔපරේෂන් කරන්න බැහැ. සුසුම්නාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නිසා. ටිකක් අමාරු තත්ත්වයක් නිසා දරාගන්න අමාරුයි. මම ඉන්නේ බෙහෙත්වලින්. දැන් ඉන්නෙත් වේදනා නාශක වලින්. වේදනා නාශක වල පවර් එක යනකොට ආයෙත් අමාරුයි.

ඉතින් මියුරු ගීත වලින් අපිව පිනවන නිරෝෂා විරාජිනියනි. ඔබතුමියට අපි සැවොම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Comment