Lifestyle

අන්තර්ජාතික සම්මාන ද්විත්වයක් ලබාගනිමින් ලංකාවේ නම ඉහළින් ඔසවා තැබූ නිරංජනි ශංමුගරාජා

නයිජීරියාවේ යොනගෝවා නුවර දී පළමු වරට සංවිධානය වූ බයෙල්සා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සහ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සුනාමි චිත්‍රපටය සමත් වුණා. එහි දී හොඳම නිළිය සම්මානය ලබාගත්තේ නිරන්ජනී ශංමුගරාජා.

භූතානයේ අන්තර්ජාතික සිනමා උළෙලේ දී outstanding achievement award for best actress යන ජාත්‍යන්තර සම්මානයට හිමිකම් කිව්වේ මෙම සුනාමි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.
ඉතින් අපි බලමු නිරන්ජනී ශංමුගරාජා මේ දවස්වල මොකද කරන්නේ කියලා.
මෙවැනි ද්විත්ව සම්මානයක් ලැබීම ගැන ඇය ඉතාමත් ම සතුටු වෙනවා. එවගේම ආඩම්බරයෙන් සිටින්නේ. ඒ සතුටු වන්නේ මෙම සම්මානවල නියම හිමිකරුවන් ප්‍රේක්ෂකයන් නිසාවෙන්. මෙම සම්මාන තමයි කලාකරුවන් විදිහට ලබන ලොකු ම තෘප්තිය ලෙස ඇය විශ්වාස කරන්නේ. ඒ අන්තර්ජාතික ව ලැබුණු සම්මානයක්. ඉතින් මෙය ලංකාවට ලැබුණු සම්මානයක්. ඇය දමිළ ජාතියෙ කෙනෙක් වුවත් ඇය රටට මෙලෙස කීර්තියක් ලබා දෙන්න පුළුවන් වීම ගැන ඇය බෙහෙවින් සතුටට පත් වෙනවා.

ඇගේ සිනමා රංගනයෙ ඉතිහාසය ගැන කතා කරන විට ඇය මුලින්ම මතක් කළේ රුක්මණී දේවි. ඇයද දමිළ කාන්තාවක්. ඇය විශ්වාස කරන ආකාරයට ප්‍රේක්ෂකයන්ට දමිළ ද සිංහල ද මුස්ලිම්ද අදාළ නැහැ. ඔවුන්ගේ චරිතයට ප්‍රේක්ෂකයන් ආදරය කරන බව ඇය විශ්වාස කරන්නේ. ඇයත් දමිල වුවත් එය සිංහල සිනමාවේ දී නම් බාධාවක් වෙලා නැහැ.

නමුත් ඇය දුකින් ප්‍රකාශ කළ දෙයක් තිබුණා. එක්තරා රියැලිටි වැඩසටහනක් තුළ ඇය දෙමළ වීම ප්‍රශ්නයක් වුණා. එය ප්‍රේක්ෂකයන්ගෙන් නොවන අතර රංගන ශිල්පිනියන් ගෙනුයි ඇයට එම ගැටලුව සිදුවුණේ. ඒ වගේ සිදුවීමක් සිදු වූ ප්‍රථම ස්ථානය එතැන පමණයි. වෙනත් කිසිම දවසක කිසිම දිනක ඇයගේ ඒ ජාතිය කිසිදු ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ අතින් ඇය හරි වාසනාවන්තයි.

ඇයගේ ප්‍රේක්ෂකයන් ගැනත් ඇය කතා කරන්න අමතක කළේ නෑ. ඇය පවසන්නේ තරුණ පරම්පරාවටත් වඩා වැඩිහිටි පරම්පරාවේ ආශීර්වාදය ආදරය ඇයට ලැබෙන බවයි. මෙයින් පවසන්නේ තරුණ පරම්පරාවේ ආදරය ඇයට නොමැති බව නෙමෙයි. තරුණයන්ටත් වඩා වැඩිහිටියන් ඇයට ආදරේ කරන බවයි.

ඇය පවසන්නේ වර්තමාන සිනමාව බැස යන කලාවක් බවයි. අද කාලයේ මිනිසුන් සිනමා ශාලාවට ගොස් චිත්‍රපට බලන ප්‍රමාණය අඩු වී තිබෙන බවයි. ඔවුන් ඩීවීඩී පටයන් තුලින් චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වී ඇති බවයි. ලොකු තිරයක පවුලේ අය එක්ක දන්නා නො දන්නා පිරිසක් එක්ක සිනමාත්මක අත්දැකීමක් ලබනවා කියන එක අද සමාජයේ ගොඩක් අඩුවෙන් දකින්න ලැබෙන දෙයක්. ඒ විදියට ඇය හිතන්නේ දමිල සිනමාව තුල මෙවැනි දෙයක් දකින්නට නොමැති අතර සිංහල සිනමාව තුල තමයි මෙසේ දකින්න ලැබෙන්නේ.


නිරංජනී ශංමුගරාජාගේ ජීවිතය ආ පස්සට හැරී බැලුවම ඇය මේ ආව ගමන සුන්දර මල් මාවතකින් ආපු ගමනක් නෙමෙයි. ඒ කටු කාලා වැරදි තීරණ අර ගෙන, කැපිලි කෙටිලි වලට මුහුණ දීලා. ජීවිතේ වැරදුණු තැන් වලදී පාඩමක් ඉගෙන ගෙන. ඇය කොලඹට එන්නේ ගායිකාවක් වෙන්න. එහෙම නැතුව ලොකු හීන තිබිල නෑ. ලොකු ලොකු අනාගත බලාපොරොත්තු නෑ. ඇයට අවශ්‍ය හැම මොහොතෙ ම උපරිමයෙන් ම ජීවත් වෙන කෙනෙක්. ඇය සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඇය සොබාදහම බෙහෙවින් විශ්වාස කරනවා. මේ ආපු ගමන තීරණය කරන්නේ සොබාදහම. ඒ නිසා ඇගේ ඉදිරි ගමනක් තීරණය කරලා ඇති. මෙතෙක්ආව ගමන ගැන ඇය ගොඩක් සතුටින් තමයි ඉන්නේ. සිංහල ජනතාවගේ හිතේ ඉඩක් ලබන එක අමාරු දෙයක් නෙමෙයි. ඇය පවසන ආකාරයට තියෙන්න ඕන උත්සාහයත් ඉවසීමත් පමණයි. ඇයගේ එකම පැතුම වන්නේ සිංහල දෙමළ භේදයකින් තොරව කලාව පමණක් නොව හැම තැනකම හැමෝම එක් අරමුණක් ඇතිව අපේ රට ගැන හිතලා ජීවත් වීමයි.
ඉතින් මෙවන් වූ දේශයට ආදරය ඇති කලාකාරිනියක ගේ කලා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමට අපි අපගේ හෘදයාංගම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment