Lifestyle

අන්සතු ඔබ මියුසික් වීඩියෝව මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණා – නිපුනි පූජිතා

කාගෙත් කතා බහට ලක් වුණු ඒ වගේම ගොඩක් දෙනෙක් ආදරය කරපු මියුසික් වීඩියෝ එකක් තමයි ‘අන්සතු ඔබ’ මියුසික් වීඩියෝව. ඉතින් හැමෝම වගේ හොයන්න ගත්තා මේ මියුසික් වීඩියෝ එකේ කවුද ඉන්න තරුණිය කියලා. ඉතින් ඇය තමයි නිපුනි පූජිතා ගුනවර්ධන. ඉතින් නිපුනිව අපිට මෑතකදි අපිට දැකගන්න ලැබුණේ ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයට පසු කාලීනව එකතු වුණු සංවර්ධන මිස් එහෙමත් නැතිනම් ගීතානි මිස් විදියටයි.

ඉතින් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට මැදකදි සම්බන්ධ වෙලා සරාගෙයි සුදු චූටිගෙයි ආදරය මැදට පැන්නා කියලා ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ චෝදනා පවා ඇයට ලැබුණා. ඉතින් ඔය විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්ත නිපුනිගේ ජීවිතේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ අන්සතු ඔබ මියුසික් වීඩියෝ එකයි.

ඉතින් පාසල් යන කාලේ ඉදන්ම නර්තන ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු නිපුනි පාසලේ නර්තන කණ්ඩායමද නියෝජනය කලා. ඒ ඔස්සේ ඇය නර්තනය තුලින් කරන්න පුලුවන් උපරිම දේ වන පායින්පත් ඇදලා තියෙනවා. ඉතින් ඇය කලාවට ආව ගමන ගැන ඇය පුවත් පතකට අදහස් දකවලා තිබුණේ මේ විදියටයි.

” මම කැලණිය විශ්ව විද්‍යාලයේ රංගනය පිලිබදව බාහිර උපාධියක් හදාරනවා. ඒ අතරෙ තමයි වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මම 2015දී වෙළද දැන්වීම් කිහිපයකටත් සහභාගි වුණා. ඒ වගේම 2018 වර්ෂයේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඉන් පසුවයි. මට අන්සතු ඔබ මියුසික් වීඩියෝව නිසා තමයි මිනිසුන් අතරට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ හරහා තමයි නාඩගම්කාරයන්ට සම්බන්ධ වෙන්නේ. ‘’

ඉතින් මේ විදියට තමයි නිපුනි පූජිතා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment