Lifestyle

මම අන්සතු කෙනෙක් නොවේ කවුරුත් මේ දිනවල හොයන පුංචි කෙල්ල

අසම්මත ප්‍රේමය ගැන කතා කරන ගීතය පසුගිය සති කීපයේම සමස්ත මාධ්‍ය තුළ රසවත් මාතෘකාවක් බවට පත් වුණා. බොහෝමයක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් එම ගීතය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රිය වුණා. එම රූප රචනයට පණ පොවන යුවතිය හැමෝම හොයන්න පටන් ගත්තා. ඉතින් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන එම ගීතයේ සාර්ථකත්වය එහි සිටිය දෙදෙනයි.

ඒ ඇය තමයි නිපුනි පූජිත ගුණවර්ධන. අසම්මත ප්‍රේමය ගැන කතා කරන මෙම ගීතයේ රූප රචනයට පෙනීසිටින තාත්වික රංගනයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන ඒ ආදරවන්තිය.
ඉතින් අද අපි සූදානම් වෙන්නේ නිපුනිගෙ මේ දවස් වල වැඩකටයුතු කොහොමද කියලා බලන්න. අන්සතු ඔබ ගීතයත් එක්ක නිපුනි දැන් ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ගීතය ගැන වගේම ඇගේ රංගනය පිලිබදව හැමෝම මේ වෙනකොට කතාබහට ලක්වෙනවා. ඉතින් ඇය සතුටු වෙන්නේ මේ වගේ ලස්සන නිර්මාණයකින් ප්‍රේක්ෂකයා අතරට එන්න ලැබීම ගැන. ඒ ගැන ඇය සතුටු වෙනව වගේම ආඩම්බර වෙනවා. ඇය අනියම් පෙමක හිමිකාරියක් වෙලා කියලා මිනිස්සු දකිනවට නිපුනි කැමතියි. ඒ මොකද ඇය සාර්ථකව රංගනය කරපු නිසා තමයි එහෙම හිතන්නේ.

ඇයගේ කලා ජීවිතය ගැනත් ඇය කතා කරන්න අමතක කළේ නෑ. ඇය ප්‍රසිද්ධ නිළියක් නෙමෙයි. සීමිත නිර්මාණ ප්‍රමාණයක් කරලා තමයි ඇය ප්‍රේක්ෂකයා අතරට මේ විදියට එන්නේ. දැනට අවුරුදු හයකට කලින් වෙළඳ දැන්වීම් කිහිපයක්ම ඇය කලා. ඒ වගේම හීන හොයන සමනල්ලු සහ A/L චිත්‍රපටයට වල රංගනයෙන් දායක් වුණා. 2018 වර්ෂයේ ඉඳන් ප්‍රේමයේ නගරය වේදිකා නාට්‍යයේ අවුරුදු දෙකක් රඟපාලා තියෙනවා. ඒ වගේම තරුණ සේවා සභාවේ සම්මාන උළෙලේදී ඒ රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයකුත් නිපුනිට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඇය 2019 මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙලා අවසාන වටයට ඇවිත් තිබුණා.


මේ වගේ වැඩ කිහිපයක රංගනයෙන් දායක වුවත් මෙම අන්සතු ඔබ ගීතයත් සමඟින් ඇය මුළු රටක් හඳුනා ගත්තා. නිපුනි පූජිත ගුණවර්ධන ඉපදිල තියෙන්නෙ අම්පාරේ. නමුත් දැන් ඇය ස්ථීරව කඩවත පදිංචි වෙලා ඉන්නවා. ඇය අන්සතු ඔබ ගීතයත් සමගින් සම්බන්ධ වෙන්නේ සේවියර් කණිෂ්ක හරහා. ඉන්පසු නිම්න කලයුතු දේ තේරුම් කර දුන් පසුව ඇය එය බාර ගත්තා. විශේෂයෙන්ම මෙහි රංගනයෙන් දායක වීමට හේතුව තමයි හරිම ස්වභාවික වැඩක් නිසා. ගීතයක රූප රචනයට ඉන්නවා කියන්නේ ඉතාම පුංචි වෙලාවක දෙයක්. ඉතින් ඒක තමයි වඩාත්ම වැදගත් වන්නේ. මොකද ඒ කෙටි වෙලාව තුළින් ප්‍රේක්ෂකයාට යම් කිසි අවබෝධයක් ලබාදීම තමයි ගීතයක රූප රචනය තුළින් සිදු වෙන්නේ. ඉතින් නිපුනි මුහුණ ඉරියව් සහ ශරීරය චලනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළා. අන්න ඒ නිසා තමයි ඇයට මෙම ගීතයට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වුණේ.

මෙය සිදු කිරීමට දින දෙකක් ගියා. එක් දිනයක් පුහුණුවීම් වලට ද ද අනිත් දිනයේ රූපගත කිරීම්වලට. මෙය සිදු කළේ ත්‍රී විලර් එක කැරියර් එකක දාලා ඒ නිසා මුලින්ම බය හිතුනා ට පස්සේ නිපුනිට හිතුනා ආරක්ෂිතයි කියලා. ඇය හිතුවා මේ රූප රචනය ගැන මිනිස්සු කතා වෙයි කියලා ඒත් මේ තරමටම මිනිසුන්ගේ හදවත් තුළට ඇයි කියලනම් ඇය කොහොමටවත් හිතුවේ නෑ. මෙම ගීතයේ අදහසට ඇගේ වැඩි කැමැත්තක් නොතිබුණත් නිර්මාණයටනම් ඇය බෙහෙවින්ම කැමැති.


නිපුනි ගේ ආදරය ගැනත් ඇය කතා කරන්න අමතක කළේ නෑ. නිපුනි පවසන ආකාරයට ඇය අන්සතුත් නෑ සතුත් නැහැ. ඇයට ඕන විදිහට ඇගේ ගමන යනවා. ඇය තවම අවිවාහක කාන්තාවක්. නිර්මාණයට සාපේක්ෂව ඇගේ සැබෑ ජීවිතය දෙස බැලීමේදී ඇය කිසිදු අයුරකින් නිර්මාණය හා සැබෑ ජීවිතයට සම්බන්ධ නෑ. ඇගේ රංගනයට නම් ඉහළ ප්‍රතිචාර තියෙනවා. අපේක්ෂකයන්ගේ වැඩිපුර ප්‍රතිචාර තියෙන්නෙත් ස්වභාවිකවම පෙනුමෙන් තමයි රඟපාලා තියෙන නිසයි. ඇයගේ මෙම වැඩේ සාර්ථක නිසා ඇයට බෙහෙවින් නිර්මාණවලට ආරාධනා ලැබුණත් ඇය හදිසි වෙලා තීරණ ගන්නේ නැහැ. එම නිසා හොදට තෝර බේර ගෙන තමයි වැඩ වලට සම්බන්ධ වෙන්නෙ.
මුල් වතාවට තමයි ඇයට ජනප්‍රියත්වය පිළිබඳව අත්දැකීමක් ලැබෙන්නේ. ඒ නිසා ඇයට පුදුම සතුටක් තියෙන්නෙ. ඇගේ සහෝදරයා තමයි අනෝජ් පූජිත කියන්නේ. ඔහු ඇමරිකාවේ හමුදාවේ තමයි ඉන්නේ. මේ හැම දෙයක්ම අහල බලන්නේ ඇගේ සහෝදරයා ගෙන්. ඔහු තමයි නිපුනිට තාත්ත වගේ උදව් කරන්නේ. ඉතින් නිපුනිට ඇගේ අනාගත වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment