Lifestyle

මම නලුවෙක් විවාහ කරගන්න කැමති වෙන්නෙ නෑ විවාහය කියන්නේ හොදට හිතලා ගන්න ඕන තීරණයක් – නිම්මි මනෝහාරි

ටෙලිනාට්‍යය අතරින් ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ අවසාන දවස් කිහිපය තමයි මේ දිනවල විකාශය වෙන්නේ. යූ ටියුබ් වල හැම කොටසක්ම ට්‍රෙන්ඩින් වන් ආපු ටෙලිනාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. මෙහි සියලු චරිත වලට හැමෝම එක විදියටම ආදරය කරනවා වගේම ඔවුන්ගේ රංගනයන්ටද ඒ හා සමානම ආකර්ෂණයක් තියෙනවා. ඉතින් මෙම ටෙලිනාට්‍යය සමහරක් මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙන්නේ එය ඒ තරමටම මිනිඖන්ට සමීපයි.

නාඩගම්කාරයෝ හී පොඩ්ඩි කියන්නෙත් ඒ වගේම ප්‍රේක්ෂක ආදරය දිනාගන්න කෙනෙක්. මාස්ටර්ගේ පොඩි දුව විදියට රංගනය කරන පොඩ්ඩි තමයි නිම්මි මනෝහාරී කියන්නේ. ඉතින් නිම්මිට දැන් ගොඩක් දෙනෙක් කතා කරන්නේ නිම්මි කියලනම් නෙමෙයි පොඩ්ඩි කියලයි. ඒ තරමට ඇගේ චරිතයත් ප්‍රේක්ෂක හදවත දිනාගෙන හමාරයි.

රංගනයට කිසි දාක එන්න අදහසක් තිබුණේ නැති නිම්මිගේ අම්මට වුවමනාව තිබුණේ රංගනයට ඇයව යොමු කරන්න. මීට කලින් රංගනයට අවස්ථාව ලැබුණත් ඒ සියලුම දේ ඇය විසින් ප්‍රතික්ශේප කරලා තිබුණා. ඉතින් පෙම්වතෙකක් ගැන නිම්මි මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියට අදහස් දක්වලා තිබුණා.

” අම්මෝ තවම මට පෙම්වතෙක් නැහැ. ඒක හොදට හිතලා ගන්න ඕන තීරණයක්. මම තවම විවාහ වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි. එහෙම සුදසුයි කියලා හිතෙන කාලෙකදි විවාහ වෙනවා. මම තව ඒ ගැන හිතලා නෑ. නමුත් මම හිතන්නේ රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්නම් කවදාවත් මම විවාහ වෙන්නෙ නැති වෙයි කියලා. මට සුදුසු වෙන්න පුලුවන්. ඒත් මම කැමති නැහැ. මම විවාහ වෙන්න සුදුසු කෙනා අනිවාරෙන් මේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න ඕනි කියලා එකක් නෑ.

මම රංගනයට එන්න අකමැති වුණේ මගේ රස්සාවත් එක්ක මට රංගනය කරගන්න බැරි වෙයි කියලා. මොකද මම කැමති නෑ මගේ නිදහස නැති කරගන්න. අපේ අම්මට තමයි ඕන වෙලා තිබුණේ මාව නිලියක් කරන්න. මම ටෙලිනාට්‍යය ආරාධනා ප්‍රතික්ශේප කරන නිසා අපේ අම්මා මම දැක්කම ගස්සනවා. දැන් මට හිතෙනවා අම්ම කියපු දේ වැරදි නැහැ කියලා. මොකද අම්මලා වැරදි දෙයක් කියන්නෙ නෑ ළමයින්ට. ඒ නිසා මට හිතෙනවා මම මේ දකින්නෙ හීනයක්ද කියලා.”

ඉතින් මේ විදියට තමයි නිම්මි මනෝහාරි එහෙමත් නැතිනම් නාඩගම්කාරයෝ පොඩ්ඩි ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment