Lifestyle

මගේ පුතාට හොයන ගෑණු ළමයා වැඩ කරන කෙනෙක් වෙන්න ඕනි මට උයලා දෙන්න බෑ, සම්බා හාල් වලින් කිරිබත් හදපු නිල්මිණී

අපේ රංගන ක්ශේෂ්ත්‍රය ගත්තම වේදිකාව, සිනමාව, පුංචි තිරය තුල දස්කම් දක්වපු චරිතාංග නිලියක් තමයි නිල්මිණී කෝට්ටෙගොඩ කියන්නේ. ඉතින් ප්‍රේක්ෂකයාව සිනහ ගස්සන්නට පුලුවන් ප්‍රහසන රංගන ශිල්පිනියක් තමයි ඇය. ඉතින් මේ දිනවල පුංචි තිරය හරහා අපි අතරට එන ඇය ස්වර්ණවාහිනී නාලිකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යය හරහා වගේම හිරු නාලිකාවේ විකාශය වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වෙනවා.

ඉතින් මේ විදියට ටෙලිනාට්‍යය සමගින් සම්බන්ධ වෙන නිල්මිණී කෝට්ටෙගොඩ එදා මායා ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වුණා. ඉතින් මේ දිනවල ජනප්‍රිය චිත්‍රපටයක් වන ‘ද ගේම්’ චිත්‍රපටයේත් ඇගේ රංගනය අපිට දැක බලාගන්න පුලුවන්. ඉතින් මේ විදියට චරිත ගණනාවක් හරහා අපි අතරට එන නිල්මිණී ප්‍රේක්ෂකයාව සිනහ ගන්වන්නට වගේම ඇය ඉන්න තැනක කිසිම පාලුවක් නැතුව හිනා වෙලා ඉන්න පුලුවන් කෙනෙක්.

ඉතින් නිල්මිණී කෝට්ටෙගොඩගේ පුතා වන මලිදුට මේ වෙනකොට අවුරුදු 26ක්. ඉතින් ඔහුගේ අත ගන්න ලේලිය නිල්මිනීට ඕන විදියටයි තෝරා ගන්නේ. ඉතින් ඇය තමන්ගේ ලේලිය වීමට සුදුසු චරිත ලක්ෂණ ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” පුතා මීට කලින් කෙනෙක් හොයන් හිටියා. අපි ඒක නවතලා දැම්මා. මම හොයන්නේ ගෙදර වැඩපල කරන්න පූලුවන් කෙනෙක්ව. මා කැමති නෑ බෝනික්කො වගේ පුටුවල ඉදගෙන ඉන්න කෙනෙක්ට. මට බෑ ලේලිලාටත් කන්න උයලා දෙන්න. ඉතින් මට ඕන ගෙදර දොරේ වැඩ පල කරන්න පුලුවන් හොද ළමයෙකුට.’’

ඉතින් මේ විදියට තමයි නිල්මිණී කෝට්ටෙගොඩ ඇගේ පුතාට හොයන මනාලිය ගැන අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ සහ සිය පවුලේ වැඩ කටයුතු සාර්ථක වෙන්න වගේම නිල්මිනී හොයන විදියේ ලේලියක් ඉක්මනටම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Comment