Lifestyle

පාන්දර 4.30ට එදා දුවව අරන් එලියට බහිද්දි මගේ අතේ තිබ්බේ කිරි බෝතලය විතරයි

නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේනික රංගන විලාශයක් ගොඩනගාගත් දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. ඇය ක්ෂේත්‍රයට ආ මුල් දවස් වල සිනමාව තුළත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් කැපී පෙනෙන චරිත වලින් රංගනයෙන් දායක වුණා.

නිල්මිණි තෙන්නකෝන් රංගනයෙන් දායක වූ චරිත අතර කොයි කවුරුත් අතර සංවේදී තාවය ඉස්මතු කරපු සිනමාපටයක් වන ලේ කිරි කඳුළු සිනමාපටය සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ඇයට හිමි වුණා. එතැනින් නොනැවතුණ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගිරිකුළ , පිටගම්කාරයෝ ,ආදී විවිධ නිර්මාණයන් සඳහා ඇගේ රංගන දායකත්වය ලබා දුන්නා.

තරුණ වියට පා තැබීමත් සමඟම මේ අපූරු රංගන ශිල්පිනිය ක්ෂේත්රයේ දක්ෂ ගායකයෙක් වන මධුමාධව අරවින්ද සමඟ විවාහ ගිවිස ගන්නවා. ඔහු සමඟ ඉතාමත් හොඳින් කාලය ගත කරන ඇය ආදරණීය දියණියකගේ මවක් වෙන්න ට වාසනාව ලැබෙනවා. මේ දියණියගෙ නම තමයි ස්වේතා මන්දාකිණි.

මෙහෙම ටික කාලයක් ගත වෙද්දී මධුමාධව සහ නිල්මිණි අතර ඇති වෙන්න වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා දවසින් දවස  අඩදබර ඇති වෙන්න පටන් ගන්නවා.එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්තරා දවසක මහ පාන්දර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් නිසා නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පාන්දර 4:30 ට පමණ  අවුරුදු එකහමාරක් විතර වයසැති ආදරණීය සිඟිති දියණියන් රැගෙන මධුමාධව ගෙන් වෙන් වෙලා මහ පාරට බහිනවා.

ඇය මේ විදිහට ඔහුගෙන් වෙන්වෙලා යන්නේ තමන්ගේ දෙමවුපියන් ලඟට. මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වපු නිල්මිණී ප්‍රසිද්ධ මාධ්‍යක් ඉදිරියේ දී සඳහන් කළේ පාන්දර හතරයි තිහට එළියට බහිද්දි ඇඳන් හිටියෙ රාත්‍රී ඇඳුම බවත් ඒ වන විට ඇගේ අතේ තිබුණෙ දරුවාගේ කිරි බෝතලය විතරක් කියලත් සංවේදීව සඳහන් කළා.

කෙසේ නමුත් දික්කසාද නඩුව කතා කරන විට මාසිකව රුපියල් පන්දාහක් මුදලක් මධුමාධව අරවින්ද ස්වේතා වෙනුවෙන් ගෙවන්න ඕනේ කියලා නියෝග කරනවා. නමුත් නිල්මිනී නම් සඳහන් කළේ  රුපියල් පන්දහක් වගේ සුළු මුදලකට තමන්ගෙ දරුවා විකුණන්න ඇය කිසි විටකත් හිතුවේ නැහැ කියලයි. ඒ වගේම ඇය ප්‍රකාශ කරනවා මේ වන තුරුම ඇය තමන්ගේ ආදරණීය දියණිය ව හදාගත්තේ තනියම තනියම නිසා ඇය පිළිබඳව කතා කරන්නවත්  වෙන කවුරුත් සුදුසු නෑ කියලා.

කෙසේ නමුත් මේ වන විට දියණිය සමඟ කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් ඉදිරියේදී  ශ්‍රී ලංකාව අතහැර දියණියගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ආරංචියි. ඉතින් ඔවුන්ගේ ජීවිතයේ සිතන පතන සියලුම පැතුමන් ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Comment