Lifestyle

ජීවිතේ පළවෙනි වතාවට ආප්ප හැදුවේ එදා නෙත්මි රොෂෙල්

නෙත්මි රොෂෙල් කියන්නේ වර්තමානය වන විට තරුණයන්ගේ ක්‍රෂ් එකක් කිව්වොත් හරියටම හරි. ඒ තරමටම ඇගේ සුන්දරත්වයත් හුරතල් බවත් නිසා ප්‍රේක්ෂක ජනතාව ඇයට ගොඩක් ආදරේ කරනවා. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට නවමු ආකර්ෂණයක් නෙත්මි විසින් ගෙන එනවා. ඇගේ කලා ගමනේ ආරම්භය වන්නේ අවුරුදු කුමරිය තරගයක් ඔස්සේ.

මේ වන විට ඇය ටෙලිනාට්‍යය සඳහා රංගනයෙන් දායක වන අතරම මියුසික් වීඩියෝ සඳහා ද, වෙළඳ දැන්වීම් සඳහා ද සිය හැකියාව විදහා පානවා. අවුරුදු කුමාරි තරගයකින් කලා ලෝකයට පිවිසි නෙත්මි රොෂෙල් දැන් ප්‍රේක්ෂකයන්ගේ සිත් හොරා අරන් හමාරයි. මීට අමතරව මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

ඇගේ පළමු ටෙලි නාට්‍යය වන්නේ සක්කාරං කියන ටෙලි නාට්‍යයයි. එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා සිටියේ මේ වගේ දෙයක්.

ඇත්තටම රංගනය කියලා කියන්නේ මම හීනෙකින් වත් හිතපු දෙයක් නම් නෙමෙයි. මොකද මම අධ්‍යාපනය හදාරන්නේ කළමනාකරණය පිළිබඳව උපාධි පාඨමාලාවක්. මම නර්තනය සඳහා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම දක්ෂයි. නමුත් රංගනය කියන්නේ මම නොසිතූ පැතිකඩක්. ඇත්තටම මම රඟපාන්නෙ හරිම ආසාවෙන්. ඒක ජීවිතයේ ලබපු වෙනස්ම අත්දැකීමක්. දෙවැනි ඉනිම, සක්කාරං, තාදී, හිරු ඇවිදින්, රාවණා ආදී ටෙලි නාට්‍ය කිහිපයකට මේ වන විට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තමයි මියුසික් වීඩියෝ රැසකටත් වෙළෙඳ දැන්වීම් රැසකටත් මේ වන විට සම්බන්ධ වෙලා තියෙනවා.

මට තාම අවුරුදු 23යි . ඉතිං මේ පුංචි කාලේ ඇතුලත මම ලබාගත් අත්දැකීම් ගොඩායි. මගේ පවුලේ මට තව සහෝදරියක් සහ සහෝදරයෙකු සිටිනවා. ඇත්තටම පවුලේ අයගෙන් මට රංගනය සඳහා ලොකු සහයෝගයක් ලැබෙනවා. පසුගිය දවස් වල දී මම නිවසට වෙලා ගොඩක් නිදහසින් තමයි කාලය ගත කළේ. ඉතින් ඒ කාලය ඇතුළත මම අලුත් කෑම වර්ග හදන්න පුරුදු වුණා. දවසක් මම ආප්ප හදල ගෙදර අයටත් දුන්නා. මීට කලින් කවදාවත් ආප්ප හදලා තිබුණේ නෑ. නමුත් එයාල හරිම ආසාවෙන් තමයි මම හදපුවා හදපු ආප්ප කෑවේ. ඊට අමතරව මට අල පරාට බිත්තර රොටී එහෙමත් හදන්න පුළුවන්.

ඉතින් මේ දඟකාර නෙත්මි රොෂෙල් ඇය ගැන පැවසුවේ මෙහෙමයි. ඉතින් පුංචි තිරයේදී හුරතල් දඟකාර නෙත්මි නිවසේ දී ගෘහණියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඇයගේ කලා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සියල්ලම සාර්ථක වෙන්නට අපි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment