Lifestyle

අපේ බෝනික්කි ට දැන් මාස එකොළහක් මේනක නෙහාරාගේ ආදරණීය සොඳුරු කැදැල්ල මෙන්න

පුංචි තිරයේ දඟකාරිය හැඩකාරිය වූ නෙහාරා පීරිස් මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ සමාධි ලෙසත් අමන්දා ටෙලිනාට්‍යයේ හිරු ලෙසත් ජනතාවගේ හදවත්වල ලැගුම් ගන්නවා. ඒ කාලයේ මිනිසුන්ගේ සිහින කුමරිය වෙලා සිටියේ නෙහාරා පීරිස්. මේ ටෙලි නාට්‍ය පමණක් නොව තවත් ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

පුංචි තිරයේ කඩවසම් ඉහළ පෞරුෂයක් ඇති නළුවා ලෙස මේනක රාජපක්ෂ මිනිස් හදවත් තුලට යනවා. ඔහුත් වඩාත් ජනප්‍රිය ව සිටියේ ඉහතින් සදහන් කල මුතු කිරිල්ලී සහ අමන්දා යන ටෙලි නාට්‍ය තුලයි. නමුත් මොහුත් ඊට අමතරව ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඉතින් මේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය තුල පෙම්වතුන් ව සිටි මේනක රාජපක්ෂත් නෙහාරා පීරිස් සැබෑ ජීවිතයෙත් පෙම්වතුන් වුණේ මේ කාල සීමාවේ. පෙම්වතුන් ව සිට විවාහ වුණු මොවුන් දෙදෙනා ටික කාලයක් පුංචි තිරයේ දැක ගන්නට සිටියේ නැහැ. ඔවුන් ගැන සොයා බලන විට අපිට දැන ගන්න ලැබුණේ විදේශගත වී සිටින බවයි. දිගු කාලයක් විදේශගත වී සිටි හෙයින් පුංචි තිරය පාලු වුණා. ඇය දරුවෙක් සමගින් මුහුණු පොතට එක්කල ඡායාරූපයක් තුලින් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතාවට නැඟුණු දෙයක් ඇය මවක් වී ඇති බව. නමුත් එය අසත්‍යයක් බව ඇය සහභාගී වන වැඩසටහනක දී සඳහන් කර සිටියා.

නැවතත් ලංකාවට ආව මේ දෙදෙනාගේ සොඳුරු කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එන බවයි ආරංචි වුණේ.එය සත්‍යක් බව මොවුන් තහවුරු වූයේ ප්‍රී ෂූට් එකක් සමාජ මාධ්‍යට මුදා හැරි නිසයි. ඉතින් ඒ සාමාජිකාව මෙයිලි නිකොලා. ඒ පුංචි සිඟිත්තියට මාස එකොළහක් ඊයේ දිනයේ සම්පූර්ණ වූ අතර ඇය ඒ වෙනුවෙන් ඇයගේ මුහුණු පොතේ සැමරුම් සටහනක් එක කලා. මේනක රාජපක්ෂගේත් නෙහාරා පීරිස්ගේත් චූටී සිඟිත්තියගේත් ආදරණීය කැදැල්ලට අපි හද පිරි සුබ ප්‍රාර්ථනා එකතු කරමු.

Leave a Comment