Lifestyle

අම්මයි තාත්තයි බලන් ඉන්නේ මම ගුරුවරියක් වෙනවා බලන්න – නයෝමි තක්ෂිලා

වේදිකාවෙන් පුංචි තිරයට ගොඩ වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. ඉතින් ඇගේ ජනප්‍රිය එදා සිට අද දක්වාම අඩු නොවී එකම ආකාරයෙන් තිබීම විශේෂත්වයක්. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුණු අදුන්ගිර වගේම නීල පබලු ටෙලිනාට්‍යයේත් ඇගේ වෙනස්ම රංගන විලාශයක් දැක බලා ගන්න පුලුවන්.

ඉතින් සුරූපි ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමිට නීල පබලු ටෙලිනාට්‍යය හරහානම් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ඒ එහි ඇගේ චරිත නියෝජනයත් එක්කයි. ඇය ටෙලිනාට්‍යය, රන්තිලිවැව වැනි ටෙලිනාට්‍යය වලත් ඇය රංගනය කලා. ඉතින් පුංචි තිරයෙන් මේ විදියට ටෙලිනාට්‍යය ගණනාවකට සිය රංගනය ලබා දුන් නයෝමි නැවත් වේදිකාවට ගොඩ වැදීමට බොහොම ආසාවෙන් තමයි ඉන්නේ.

ඉතින් අදුන්ගිර ටෙලිනාට්‍යයේ ‘පද්මාවතී’ කියන්නෙත් නයෝමිට ලැබුණු වෙනස්ම සහ අභියෝගාත්මක චරිතයක්. ඉතින් ගුරු ගුරු වෘත්තීයට යන්න බලාගෙන හිටපු නයෝමි කලාවට පිවිසෙන්නේ වේදිකාව හරහායි. අවුරුදු හතරක වේදිකාව සමගින් එකතු වෙලා දැනුම ලබාගෙන පසුව තමයි ඇයට පුංචි තිරයට ගොඩ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඇය කලාවට ගොඩ වැදුණු ආකාරය ගැන පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ පළවෙනි ටෙලිනාට්‍යය ‘මීදුම් අම්මා’ ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයේ මට රංගනය කරන්න ලැබුනේ මාලනී ෆොන්සේකා මහත්මිය එක්කයි. ඉතින් මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යයේ ඇය වැනි දැවැන්ත චරිතයක් එක්ක රංගනය කිරීමට හැකි වීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්.

අපේ අම්මායි තාත්තයි කොහෙත්ම කැමති වුණේ නෑ මම රගපානවට. එයාලා බලන් ඉන්නේ මම උපාධිය සම්පූර්ණ කරලා ගුරුවරියක් වෙනවා බලන්න. කවදාවත් මට රංගන ජිවිතයේ සීනී බෝල පෙම්වතියගේ චරිත රගපාන්න අවස්ථාව ලැබිලා නෑ. මට කරන්න ලැබිලා තියෙන චරිතවල දෙයක් කරන්න පුලුවන් චරිත.”

ඉතින් මේ විදියට තමයි ඇය අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඒ විදියටම ඉටු වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment