Lifestyle

කලාවට කිසිසේත්ම සම්බන්ධ කෙනෙක් නෙමෙයි එයා නයෝමිගේ පෙම්වතා ගැන ඇය මුල්වරට හෙලි කරමින් කියූ දේ

අද වේදිකාවෙන් පුංචි තිරයට ගොඩවැදුනු නව පරපුරේ රංගන තරු අතර නයෝමි තක්ෂිලා කියන්නේ සිය දක්ෂතාවය තුළින් වසර ගණනාවක් පුරාවට ප්‍රේක්ෂක ආදරය නොවෙනස්ව දිනාගත් ආදරණීය ලෙන්ගතු රංගන ශිල්පිනියක්. ඉතින් මේ දිනවල නයෝමි පුංචි තිරයේ මුණගැහෙන නවතම ටෙලි සිත්තම අඳුන්ගිර ඇයගේ රංගන ජීවිතයේ ඇයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්.

නයෝමි තක්ෂිලා මේ සුරූපී රංගන ශිල්පිනිය මේ දිනවල ඉතාමත් කාර්ය බහුල වෙලා ඉන්නේ. ඇය රංගනයෙන් දායක වෙන නීල පබලු ටෙලිනාට්‍ය ඇය ටෙලි නාට්‍යය වගේම රන්තිලි වැව ටෙලි නාට්‍යය මේ සියලුම දේවල් එක්ක ඇය ටිකක් අවිවේකයෙන් තමයි ඉන්නේ. ඉතින් ඇයගේ නිල පබළු ටෙලිනාට්‍ය සහ අඳුන්ගිර මේ දිනවල විකාශය වෙනවා. ඊට අමතරව චන්දිම පෙරේරා මහත්මයාගේ අපේ අම්මා, සුනිල් පතිරනගේ මහත්මයාගේ 21 ආදී ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. එම ටෙලි නාට්‍යය ඉදිරියේ දී ප්‍රේක්ෂකයන්ට බලා ගැනීමට හැකියාව තිබෙනවා.

වේදිකාවෙන් තම කලා ගමන ආරම්භ කළ නයෝමි තක්ෂිලා වේදිකාවට ගොඩක් ආසයි ඒ වගේම ආදරෙයි. ඉතින් ඇය ගොඩක් ආසාවෙන් ඉන්නේ නැවත වේදිකාවට ගොඩවෙන්න. ගැමි චරිත වලට කොටු වෙලා හිටිය නයෝමිට නීල පබළු නාට්‍යයේ පූජා හරහා එය හාත්පසින් ම වෙනස් ආකාරයක් ගත්තා. ඇත්තටම නයෝමි කියන ආකාරයට ඇයට ලැබිලා තියෙන්නේ ගැමි අහිංසක චරිතයක් තමයි ගොඩක් වෙලාවට. ඉතින් නීල පබළු නාට්‍යයේ පූජා චරිතය ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් අහන්න ලැබෙන පූජා චරිතය ඉතා නපුරු චරිතයක්. නමුත් පූජාට බනින ප්‍රේක්ෂකයන්ම මේ දිනවල බොහොම ආදරෙන් වැළදගන්න චරිතයක් තමයි අඳුන්ගිර නාට්‍යයේ පද්මාවතී කියන්නේ.

ඉන්දික ධර්මතිලක මහත්මාගේ අඳුන්ගිර ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරිය නුවනි වලමුණි තමයි නයෝමි තක්ෂිලාට මේ පද්මාවතී කියන චරිතයට ආරාධනා කරන්නේ. ඉතින් ඇය සමග නයෝමි රන්තිලි ටෙලි නාට්‍යයේ වැඩ කරලා තිබුණ නිසා මේ චරිතයත් බොහොම ආසාවෙන් තමයි ඇය බාර ගත්තේ. ඉතින් පද්මාවතී කියන්නේ නයෝමිගේ රංගන ජීවිතේ ලැබුණු තවත් අභියෝගයක් විදියට තමයි ඇයට දැනෙන්නේ.

රංගනය පැත්තෙන් නයෝමිට ලොකු දෙයක් මේ පද්මාවතී චරිතය ඇතුළේ කරන්න තියෙනවා. පද්මාවතී කියන්නේ ගොඩක් අභියෝගවලට මුහුණ දෙන විවාහ වෙලා වැඩි කාලයක් යන්න කලින් සැමියා නැති වීමත් එක්ක වැන්දඹු කාන්තාවක් විදිහට ජීවිතයට එන හැල හැප්පීම් එක්ක හරිම කටුක ජීවිතයක් අත්දැකීම් විඳ ගනිමින් ගලාගෙන එන චරිතයක් විදිහට පද්මාවතී චරිතය පෙන්වා දෙනවා. ඉතින් ඒ කියූ විලසම ඒ ආකාරයටම ප්‍රේක්ෂකයා තුළට මේ සෑම ලක්ෂණයක්ම ගෙන යාමට නයෝමි තක්ෂිලා සාර්ථක වෙනවා.

ගුරුවරියක් වෙන්න කොළඹ ආපු නයෝමි තක්ෂිලා අද නිළියක්. ඇයගේ රංගන ජීවිතය පටන් ගත්තෙ කොහොමද කියලා තමයි අපි දැන් මේ බලන්නේ. 2012- 2013 කොළඹ ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලට එන්නේ රංග කලා උපාධිය හදාරලා ගුරු වෘත්තියට යන්න. ඒ අතර වාරයේදී තමයි නයෝමිට වේදිකා නාට්‍යවලට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අවුරුදු හතරක් වේදිකා නාට්‍යවල සහ රංගන පාසලෙන් ලැබුණු දැනුම අත්දැකීම් එක්ක පුංචි තිරයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ මීදුම් අම්මා ටෙලි නාට්‍යයෙන්. එහි අම්මා චරිතයට පණ පෙව්වේ මාලනී ෆොන්සේකා මහත්මිය. ඉතින් ඇය වැනි දැවැන්ත චරිතයක් සමගම පළමු නාට්‍යය රඟ පෑමට හැකිවීම ගැන ඇය වඩාත් සතුටට පත්වෙනවා. ඇය මෙම ගමන ආවේ නිළියක් වෙන්න කියලා හිතාගෙනනම් නෙමේ. මුල් කාලයේ දී නයෝමිගේ අම්මයි තාත්තයි ඇය රංගනය කරනවට කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ. ඒගොල්ලන්ගෙ එකම හීනය වුණේ උපාධිය සම්පූර්ණ කරලා ගුරුවරියක් වෙනවා දකින්නට.

රංගනය හා උපාධිය සමබරව කරමින් ඇය දැන් උපාධි අවසන් කරලා ඉදිරියේ දී ගුරු වෘත්තියට පිවිසෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඇය හිතන විදිහට ඇය ක්ෂේත්‍රයට ආවේ ලෙහෙසි පහසු විදියට නෙමෙයි. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ. ඉතින් මේ තැනට එන්න විඳපු දුක් ඇය දුකක් විදියට බාරගෙන නම් නැහැ. ඇය හැම වෙලාම හිතන්නේ ඇය දෙයක් ලබාගන්න කරපු සහයක් කියලා. අවුරුදු නවයක් ක්ෂේත්‍රයට පිවිසිලා ඇයට කිසිම කැපිලි කෙටිලි ප්‍රතික්ෂේප වීම් කිසිම දෙයකට මුහුණ දෙන්නට නම් ඉඩ තිබිලා නෑ. ඒ ගැන ඇය බෙහෙවින් සතුටු වෙනවා. ඇය හිතන්නේ සුදුස්සාට සුදුසු තැන දීලා වැඩ කලොත් ඉබේටම එයාලගෙන් ලැබෙන ගෞරවය ලැබෙනවා කියලා.

අනුරාධපුරයෙන් බිහිවුණු නයෝමි තක්ෂිලා තාවකාලිකව කොළඹ පදිංචි වෙලා සිටින්නේ මේ කලා කටයුතුත් එක්ක. ඇගේ උපන් ගම වන්නේ අනුරාධපුර නෙල්ලිකුළමේ ගම. ඇයගේ ඊළඟ හීනෙ වන්නේ ගුරු වෘත්තියට පිවිසීම. නමුත් ඒ හීනය හැබෑ කරගත්තත් කලාව නම් අතහරින්නේ නැහැ. ඇයගේ පෙම්වතා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. ඔහු ව්‍යාපාරිකයෙක් කියලයි නයෝමි කියන්නේ. ඉතින් ඇයට මේ ක්ෂේත්‍රයේ සිටීමට දෙමාපියන්ගෙන් වගේම පෙම්වතාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

රාමුවකට කොටු නොවී විවිධ චරිතයන් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන නයෝමි තක්ෂිලාගේ ඉදිරි කලා කටයුතුත් අධ්‍යාපන වැඩ කටයුතුත් සාර්ථකව සිදුකර ගැනීමට ඇයට හැකියාව ලැබීමට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමු.

Leave a Comment