Lifestyle

“එයාට එයාගෙ ගමන යන්න දීලා මම මගේ ගමන යනවා” නයනා කුමාරි ගයාත්‍රී ගැන හදිසියේම කිවූ දේ

නයනා කුමාරි යන නාමය මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. ඒ තරමටම මේ සුන්දර රංගන ශිල්පිනියගේ මතකයන් අප රටේ ප්‍රේක්ෂකයාගේ හදවත් තුළ අදටත් තිබෙනවා. මෙරට කලා ක්ෂේත්‍රයට විවිධ කාලවලදී නවකයින් රංගන කටයුතු සඳහා පිවිසුන එදා වගේම අදටත් ප්‍රේක්ෂකයා අතර තමන්ගේ ජනප්‍රියත්වය ඒ අයුරින් ම දිනා ගැනීමට සමත් සුන්දර චරිතයක් වෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉතාමත් ඉහළ නාමයක් දිනා ගත් ආදරණීය රංගන ශිල්පිනියක් වනවා. කෙතරම් නවක රංගන ශිල්පිනියන් ආවත් මොවුන්ගේ රංගනයත් අපට පුංචි තිරයෙන් නිතරම දැකබලා ගන්නට හැකියි.

මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යයක් වන දිවි තුරා ටෙලිනාට්‍යයේ විශාල්ගේ ගෙ මව ලෙස චරිතය නිරූපණය සිදුකරනු ලබනවා. ඒ වගේම මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේත් වලම්මුකී ගේ චරිතය රංගනය කර ඉන්පසු ඇය පෙනෙන්නට සිටියේ නැහැ. එදා වගේම අදටත් සුන්දර රංගනයන් ඉදිරිපත් කරන ඇය සැබැවින්ම නිහතමානී චරිතයක්. පබා ටෙලිනාට්‍ය තුළ අනුත්තරාගේ චරිතය විශිෂ්ට රංගනයක් දායක කර නයනා කුමාරි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත්තා.

රංගන වෘත්තියට අමතරව රූපලාවන්‍ය කටයුතු ද සිදු කරන ඇය සැලොන් ක්ෂේත්‍රය තුළත් නමක් දිනාගන්න සමත් වූ රූපලාවණ්‍ය ශිල්පිනියක් වනවා. Salon nayanart ඇය විසින් පවත්වාගෙන යන ව්‍යාපාරය. ඉතාමත් විශාල පරාසයක් ඔස්සේ ඇති රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ කතා කරන විට අපේ රටේ තවත් සුවිශේෂී රංගන ශිල්පිනියක් මතකයට නැගෙනවා. ඒ තාරුණ්‍ය ඉක්මවා ගියත් තාමත් සුන්දර රූපය ඒ විදිහටම පවතින ගයාත්‍රී ඩයස්. ගයත්‍රි සහ නයනා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වගේම රංගන ශිල්පීන් තුළ මෙන්ම පෞද්ගලිකව ඉතාමත් හොඳ මිතුරියන් දෙදෙනෙකු වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.

මේ දෙදෙනාගේ මිතුදම පිළිබඳව බොහෝ සෙයින් සමාජ මාධ්‍ය පවා කතා කරන්නට වුණා.නමුත් පසුගිය කාලය පුරාවට ඔවුන් දෙදෙනාගේ මිතුදම වැඩිය දකින්නට නම් ලැබුණේ නැහැ. ඒ පිළිබඳව නයනා කුමාරි වැඩසටහනක් තුළ ඇයගේ අදහස් දැක්වුවේ මේ විදිහට.

‘අපි දෙදෙනාගේ අතර තරහක් නෑ. අවුරුදු කිහිපයක සිට යාලුකම හෙල්ලි හෙල්ලි තිබුනේ. එයා එයාගෙ පාරේ ගියා මම මගේ පාරේ ගියා ඇරෙන්නට වෙන කිසිදු දෙයක් නැහැ.’

ඒ වගේම තවදුරටත් අදහස් දක්වමින් නයනා කුමාරි පවසා සිටියේ ගයාත්‍රිට එයාගෙ ගමන යන්නට දී තමන් තමන්ගේ ගමන ගිය බවයි. කෙසේ නමුත් රංගන ක්ශේෂ්ත්‍රය තුළ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළත් නමක් දිනාගෙන සිටින මෙන්ම ආදරණීය රංගන ශිල්පිනියන් දෙපළ නැතිනම් මිතුරියන් දෙදෙනාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Comment