Lifestyle

දරුවො දෙන්නත් එක්ක ගෙදර ඉන්නකොට සුන්දරයි – කෝලම් කුට්ටමේ ගුරුන්නාන්සේ

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන නාඩගම්කාරයෝ වෙනුවට මේ දිනවල තවත් අලුත් නිර්මාණයක් එලිදක්වලා තියෙනවා. එය කෝලම් කුට්ටමයි. ඉතින් රූකඩ කලාවත් එක්ක ඒ හා බැදුණු කතාංගයක් තමයි මේ. ඉතින් මෙහි සියලු චරිත වලට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඒ අතරින් ගුරුන්නාන්සේ කියන්නේත් ගමට රූකඩ කලාව දායාද කරන කෙනෙක්. ඉතින් මේ විදියට ගුරුන්නාන්සේ විදියට අපි අතරට එන්නේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල.

ඉතින් ඔහු රංගනයෙන් දායක වුණු අනෙක් ටෙලිනාට්‍යය අතර රේස්, මහවිරු පණ්ඩු, ඉරට ළග මිනිස්සු වැනි නිර්මාණයන් ඔස්සේ ඔහුව දැකගන්න ලැබුණා. ඉතින් රංගන ශිල්පියෙක් වගේම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ලෙසද ඔහු සේවය කරනවා. ඉතින් පෞද්ගලික ජීවිතයේ බිරිදත් පුතාල දෙන්නත් එක්ක ගත කරන ජීවිතය හරිම නිදහස් කියලයි ඔහු සදහන් කලේ.

ඉතින් පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම වේදිකා නාට්‍යය තුලත් මේ ජ්‍යෙෂ්ඨයාව අපිට දැක ගන්න පුලුවන්. ඉතින් ඔහුව මේ දිනවල දකින්න ලැබෙන්නේ ‘සුද්දෙක් ඔබ අමතයි’ වේදිකා නාට්‍යය තුල. ඉතින් ක්‍රියාකාරී දේශපාලනඥයෙක් බවට පත් වෙලා හිටපු ඔහුගේ ඒ ජීවිතය ගැන ඔහු පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

”මම බස්නහිර පළාතේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට අවුරුදු පහක් වැඩ කලා. මම හිතන්නේ රටේ මිනිස්සු තමයි තීරණය කරන්න ඕනේ කවුද රට පාලනය කල යුත්තේ කියලා. සියලුම ජාතීන් ආගම් ගැන හිතන මිනිස්සු තමයි අපේ රටට අවශ්‍ය. දේශපාලනයත් කලාවක්. ‘’

ඉතින් මේ විදියට තමයි ඔහු අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාසාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment