Lifestyle

දොස්තර කිව්වා 8 වැනි දරුවා හැදුවොත් මගේ සෞඛ්‍ය තත්ත්වයට හොඳ නැති වෙයි කියලා – මිෂෙල්

දරු සම්පත කියන්නෙ විවාහ වෙන දෙන්නෙකුගේ එකම බලාපොරොත්තුව. ඉතින් දරු සම්පත උතුරා යන පවුලක් පිළිබඳව අද අපි කතා කතා කරන්නට යන්නේ. අපිට දැනගන්නට ලැබුණා මීට අවුරුදු හත අටකට වගේ කලින් ලංකාව පමණක් නොව මුළු ආසියාවම දන්න දක්ෂ ව්‍යාපාරිකයෙක් පිළිබඳව. ඒ විතරක් ම නොවෙයි ඔහු දරුවන්ට ආදරණීය පියෙක්. මේ සොඳුරු මිනිසා සුජීව සුරංජන් පල්ලියගුරුගේ. මොවුන් ජීවත් වන්නේ මහනුවරයි.

ඔහුගේ ආදරණීය බිරිඳ මිෂෙල් සංජිවනි පල්ලියගුරුගේ හමු වන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයකට ගියපු වෙලාවක දී. එවිට හඳුනා ගෙන මාස හය හතකට පසුව විවාහ වුණු ඔවුන් දෙදෙනා සතුටින් කාලය ගත කළා. ආදරණීය සුරංජන්ගේ හා මිෂෙල් ගේ සොඳුරු කැදැල්ලට දරුවන් හත් දෙනකුගේ සුවඳ සහ මතකයන් එක් කරනවා. සුරන්ජන් මහතා ව්‍යාපාර වලට එළඹෙන විට අවුරුදු 23ක තරුණයෙක්. ඔහුගේ තාත්තා ව්‍යාපාරිකයෙක් ඉතින් තාත්තගේ ආභාෂයෙන් තමයි මොහු ව්‍යාපාර වලට සම්බන්ධ වුණේ.
එලෙස ව්‍යාපාරවලට සම්බන්ධ වුණු සුරංජන් ට මිෂෙල් ව හමු වන්නේ රාත්‍රි භෝජන සංග්‍රහයකට සුරන්ජන් කියන්නේ ව්‍යාපාර 65ක් පමණ ඇති පුද්ගලයෙකි. ඔහු සංචාර ව්‍යාපාර වල තමයි යෙදිලා සිටින්නේ. නුවරඑළිය, රම්බොඩ, ඇල්ල, තිස්සමහාරාමය, සීගිරිය, වාද්දුව, මාතලේ වැනි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මොහුගේ නමින් හොටෙල් තිබෙනවා.

ලොකු දුව ඉෂිනි පල්ලියගුරුගේ, දෙවැනි හිමාශි පල්ලියගුරුගේ, තුන්වෙනියා සෙනලි පල්ලියගුරුගේ, සිව්වෙනි යා ඔනලි පල්ලියගුරුගේ, ලොශෙන් පල්ලියගුරුගේ පස් වෙනියා, සශේන් පල්ලියගුරුගේ. මෙලෙස දරුවන් රැසකගේ අත්දැකීම් සමුදායකින් රසවත් වුණු පවුලක් තමයි මේ පවුල.

තවත් දරුවන් තම පවුලට එකතු කර ගැනීමට කැමති වුණු මිශෙල්ට වෛද්‍යවරයා පැවසූ ආකාරයට එය ඇයගේ සෞඛ්‍ය තත්ත්වයට බාධාවක් වෙයි කියා එම තීරණය නවතා හැරියා.
දරුවන් හත් දෙනාගේ වයස් පරතරය අවුරුද්දක් එකහමාරක් බැවින් ඇයට සුන්දර අත්දැකීම් සමුදායක් මෙම දරුවන්ගේ කුඩා කාලයේ සිට ම තිබෙන බව ඇය සතුටින් සඳහන් කරනවා. එය සුරන්ජන්ටත් මිෂෙල්ටත් එය ජීවිතයේ අමතක නොවන සිද්ධීන්ය.

ව්‍යාපාරවල නිරත වන මෙම සුරන්ජන් තම පවුලේ ද වගකීම් ඉටු කරන්නේ සාම්ප්‍රදායික පියෙකු ලෙසයි. මෙතරම් ව්‍යාපාර රැසක් පාලනය කරනවා වගේම තම පවුලේත් ඕනෑ එපා කම් නොපිරිහෙළා ඉටු කරන්නේ මොහු තම පවුලට ඇති සෙනෙහස නිසාවෙනි.

පසුගිය දිනවල මෙම ආදරණීය පවුල පිළිබඳව හැමෝගෙම කතාබහට ලක් වුණා. ධනවත් ව්‍යාපාරිකයෙකු වන සුරංජන් මහතා දරුවන් හත් දෙනෙකුගේ පියෙක් පිළිබඳව ඉතා ආඩම්බරයෙන් සිටින බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම දරුවන්ට ඉතා ලෙස ආදරය කරන දෙමව්පියන් ලෙස සුරන්ජන් මිෂෙල් දෙදෙනා ගත හැකියි.එම නිසා ඔවුන්ගේ කැදැල්ලට මෙලෙසින් දරුවන් එක්කර ගත්තේ.

මොවුන් හත් දෙනා පනට පණ මෙන් සිටින සහෝදර සහෝදරියන් ය. ඊට වඩා දායාදයක් දෙමව්පියන්ට නැති තරම්. අධ්‍යාපන ක්ෂේත්‍රයටත් බාහිර ක්‍රියාකාරකම් වලටත් උපන් හපන් කම් කියන මෙම දරුවන්ගේ දක්ෂතාවය අනුව ඔවුන්ට ඕනෑ කරන ක්ෂේත්‍රයකට පිවිසීමට ඉඩ ලබා දී ඇති අතර පියාගේ ව්‍යාපාරයන්ට ද හවුල් වී වැඩකටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව දී තිබෙනවා.

දරුවන්ගේ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමටත් මෙවැනි සොඳුරු පවුලකට හැමදා මත් සතුටින් කාලය ගත කිරීමට ඔවුන්ට හැකි වේවායි සියල්ලන්ගේ ම සුභාසිංශනය ගෙන එමු.

Leave a Comment