Lifestyle

මේනක නෙහාරාගේ ආදරණීය දියණිය මෙයිලි නිකොලාගේ උපන්දිනය සැමරූ හැටි

හැමෝම ජීවිතේ ආස කරන චරිතයක් වෙන්න ආසයි. හැම කෙනෙක්ම තමන්ට ආදරේ කරන කෙනෙක් වෙන්න තමයි හැමෝම කැමති. ඒ විදිහටවත් ප්‍රේක්ෂකයන්ගේ නොවඩුව ආදරේ ලැබෙන චරිතයක් තමයි මේනක රාජපක්ෂ කියල කියන්නේ. අවුරුදු දාහතක් තිස්සේ කලා ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න මේනක රාජපක්ෂ තවමත් කලාව තුල දීප්තිමත්ව බැබලෙන චරිතයක්.

2005 අවුරුද්දේ පියාගේ වියෝවත් එක්ක ඔහු ජීවිතේ වැඩියෙන්ම දුක් වුණ දවස. ඒ කියන්නේ ඔහුගේ ප්‍රථම ටෙලිනාට්‍ය පියාගේ වියෝවට පසු දින තමයි සිදු වෙලා තියෙන්නේ. මේනකට එය ඉතාම කනගාටු අත්දැකීමක්. පවුලේ ගාම්භීර චරිතය මෙලොවින් ගියාට පස්සෙ තමයි ඔහුට තනිකම වැඩිපුරම දැනිල තියෙන්නෙ. කුඩා කල සිටම අධ්‍යාපනයට දස්කම් කියූ මේනකගේ පියා වැඩියෙන් කැමැති වූයේ අධ්‍යාපනය පැත්තෙන් මොහු ඉදිරියට යනවා දකින්න ටයි. ආර්ථිකය බාධකයක් වුණු තාත්තාගේ හීනය සැබෑ කරගන්නට නොහැකි වුණා. නමුත් ඔහු දැන් ඇමරිකාවේදී අධ්‍යාපනය ලබා උපාධියක් ලබා ගෙන තිබෙනවා. ඉතින් ඔහු ප්‍රථම විවාහයට සමුදීලා දෙවන විවාහයක් කරගන්නවා. ඒ කලා ලෝකයේ තවත් දීප්තිමත් ම චරිතයක් වන නෙහාරා පීරිස් සමගයි.

ටෙළි කලා ලෝකයේ අසිරියෙන් නැහැ වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය අපි කවුරුත් ආදරයෙන් රස විඳපු ටෙලි නාට්‍යයක්. එම ටෙලිනාට්‍යයට බොහෝ දෙනා ආදරේ කලා. වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඒ කිහිප වරක්ම ආලින්දයට ගෙන ආවා. මේ හැම වතාවකම රසික සිත් නැවුම් සිතින් යුතු ව තමයි මේ ටෙලි නාට්‍යය නැරඹුවේ. ඒක බොරුවක් නම් නෙවෙයි. නෙහාරා විදියට කොන්ඩ විලාසිතා කරගන්නට ඒ කාලේ තරුණියන් සැලෝන් වලට ගියා. ඒ කාලේ තරුණ ගැටිස්සියන්ට නෙහාරව උන්මාදයක් බවට පත් වෙලා තිබුනේ. ඒක ඒ කාලෙට පමණක් නොවෙයි අදටත් එහෙමයි. ඒ නෙහාරගෙ සරල ප්‍රතිරූපය අදටත් පෙනෙන්නට තිබෙන නිසයි. අදටත් නෙහාරාට ඒ ආදරය නොඅඩුව ලැබෙන්නේ මුතු කිරිල්ලී ටෙලිනාට්‍ය නිසයි. නෙහාරා පීරිස් කියලා කියන්නේ කියන්නෙත් කලා ක්ෂේත්‍රයට අමුතු චරිතයක් නම් නෙවෙයි. රසික රසිකාවියන්ගේ සිත දිනාගත් දඟකාර හැඩකාර රංගන ශිල්පිනියක්.

ඉතින් මේ දිනවල ගොඩක් කාර්යබහුල නෙහාරා පීරිස් රූපවාහිනී වැඩසටහන් දෙකක් සමඟිනුයි මේ දිනවල කාර්ය බහුල වෙලා තියෙන්නේ. ඒ අතරම ඩාන්සින් ස්ටුඩියෝ එකේ පන්ති වල වැඩ කටයුතු කරනවා. ඒ වාගේම මේනක රාජපක්ෂගේ දෙවන නිර්මාණයේ චරිතයකට රංගනයෙන් දායක වෙනවා. ඒ ටෙලි නිර්මාණයේ නම ගුග්ලි. ඒකේ තවත් කලා ශිල්පීන් කිහිපයක්ම රංගනයෙන් දායක වෙනවා. නදීශා අලහප්පෙරුම, සරත් කොතලාවල, ගයාන් කරුනදිලි, ගිහාන් ප්‍රනාන්දු වගේම ප්‍රියා රණසිංහ රංගනයෙන් දායක වෙනවා.

ගොඩක් කාර්යබහුල වුණත් ඒ සඳහා සහභාගි වෙන්නට සිදු වූයේ මේනකගේ බලකිරීම නිසා. මෙම ගුග්ලි ටෙලිනාට්‍යයේ මේනක රාජපක්ෂ නම් රංගනයෙන් දායක වන්නේ නෑ. සාමාන්‍යයෙන් ඔහු කරන ටෙලි නිර්මාණවලට රංගනයෙන් දායක වෙන්න නැති නිසයි. ප්‍රේක්ෂකයන්ගේ මතයක් තිබෙනවා නෙහාරා පීරිස් කලාවෙන් බැහැර වෙලා කියලා. නමුත් ඇය පවසන්නේ ඇය කලාවෙන් බැහැර වෙලා නෙමෙයි අධික කාර්යබහුලත්වය නිසා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මේනක නෙහාරා ගේ ආදරණීය සොඳුරු කැදැල්ලට නව සාමාජිකයෙක් එක් වූ නිසයි. ඇය මේ මෙයිලි නිකොලා.

තමන්ටම ආවේණික වූ මිලක් අනුව චරිත බාර භාරගන්නා නෙහාරා හොඳ නිර්මාණයක් නම් එයට සහභාගි වෙන බවයි ඇය පැවසුවේ. ඇය ටෙලි නාට්‍ය කිහිපයක්ම ප්‍රතික්ෂේප කරා. ඒ එහි මිල ගණන් වගේම වෙනත් කරුණු නිසා. ඇය දකින විදිහට ටෙලි කලාව වෙනස්ම මගක් අරන් බවයි ඇය සඳහන් කළේ. ඉතින් බොහෝ කාර්යබහුල ජීවිතයක් ගත කරන මේනක නෙහාරා ගේ සොඳුරු කැදැල්ලේ අලුත් සාමාජිකාව වන මෙයිලි නිකොලාගේ උපන්දිනය සැමරූ ආකාරය සහිත ඡායාරූප සමාජ ජාලවල බෙහෙවින් සංසරණය වුණා. ඉතින් ඒ පුංචි සිගිත්තියට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරම අනාගතය සුබ වෙන්නට හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment