Lifestyle

“සමහර වෙලාවට මම අසනීප වුනොත් නිවසේ වැඩ සියල්ල කරන්නේ පුතාලා දෙන්නා”

අපේ කළා කේෂ්ත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීන කළා කාරිනියක් තමයි මානෙල් වානගුරු කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ඇයගේ ආදරණීය සැමියා වන ආනන්ද වික්‍රමගේ කියන්නෙත් අපේ රටේ කවුරුත් ආදරය කරන ප්‍රවීණ කලා ශිල්පියෙක්. පබා ටෙලිනාට්‍ය තුලින් ප්‍රේක්ෂක ආදරය නොවඩුව ලබාගන්නට සමත් වුණ ආනන්ද වික්‍රමගේ ප්‍රහසනාත්මක චරිතයකින් අපි අතරට ආවේ අප කාගේත් මුවගට සිනහවක් එක් කරමින්. ඉතින් දෙදෙනාම කලා ක්ශේෂ්ත්‍රයේ නියැලෙන විට තම දරුවන් දෙදෙනාද කලාවටම යොමු කලේ ඔවුන්ගේ අඩි පාරේ යවමිනි. සංකේත් වික්‍රමගේත් ජනිත් වික්‍රමගේ කියන්නේ මේ කලා යුවලගේ පුතුන් දෙදෙනායි. ඉතින් මේ වන විට ඔවුන් දෙදෙනා කලාව තුළ සාර්ථක දිගු ගමනක් යන බව කාටත් නොරහසකි. ඉතින් මේ සොදුරු කලාකාරිනිය ඇගේ ගේ දොර වැඩ කටයුතු ගැන පසු ගිය දිනෙක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙලා මේ විදියටයි කතා බහ කරල තිබුණේ.

‘ඇත්තටම කිවුවොත් දීර්ඝකාලීන විවේකයට පස්සෙ දැන් නම් කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. කොහොම වුනත් නිවසේ ඉන්න දවසට උදේට තේ එක හදන තැන ඉදලා සියලු කෑම බීම පිළියෙල වෙන්නේ මගේ අතින්මයි. මොන තරම් කාර්ය වුණත් සමහර වෙලාවට පුංචි පුංචි අසනීප තත්වයක් දී වුවත් මමවත් ආනන්දවත් කැමති නැහැ කඩෙන් කෑම කන්න. ඒ නිසා පොල් සම්බෝලයි බතුයි හරි ගෙදර හදලා කන පුරුද්දක් තමයි අපි දෙන්නටම තියෙන්නේ.

ඉතින් ඒ වගේම මුලුතැන්ගෙයි කටයුතු වලට ආනන්දගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි දෙන්නා එකම කේෂ්ත්‍රයක නිසා ලොකු අවබෝධයක් හැමදාම අපි දෙන්නට තිබුණා. පුතාලා පුංචි කාලේදී රගපෑම් කටයුතු පවා අපි දෙන්නා කලේ බෙදාගෙන. දරුවන් බලාගන්න වෙලාව වෙන් කර ගෙන තමයි ඒ දවස් වල වැඩකටයුතු කරගෙන ගියේ. අපි විවාහ වෙලා මේ ගෙවෙන්නේ 35 වැනි අවුරුද්ද. ඇත්තටම දරුවොත් හදාගෙන වෘත්තියක් කරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදුනේ ම ආනන්දගේ තිබුණු සහයෝගය නිසා මයි. ඒක මහා පුදුමාකාරයි. ඇත්තටම එවැනි සහයෝගයක් ලබන්නත් මම හරි වාසනාවන්තයි කියලා මම නිතරම හිතනවා.

මම උයන වෙලාවට මගේ තනි නොතනියට නම් ඉන්නේ ආනන්ද තමයි. එයා මුලින්ම එළවළු පලා වර්ග සෝදලා කපලා දෙනවා. පොල් ටික ගාලා දෙනවා. ගොඩක් වෙලාවට මට කරන්න තියෙන්නේ ඒවා දාලා ගන්න විතරයි. ඒ තරම් ලොකු සහයෝගයක් ඔහුගෙන් මට ලැබෙනවා. ඉතින් ඒ වගේම මට හොද අත් ගුණයක් තියෙනවා. අපි අර වචනයට කියන්නේ වතුරෙන් ඇනුවත් කෑම රසයි කියලා. අන්න ඒ වගේ.

කුස්සියේ ඉදුල් ගදක්වත් එන්නැතිවෙන්න හැම තිස්සෙම කුස්සිය පිරිසිදුවෙන් දකින්න මම හරි ආසයි. වෙලාවකට හිතෙනවා මගේ පිරිසිදු කම වැඩිද කියලත්. ඒ තරමට ම මට කුස්සිය ලස්සනට පිරිසිදුව පිලිවෙලකට තියෙන්න ඕන. ගොඩක් වෙලාවට කුස්සිය පිරිසිදු කරලා භාජනයකට මල් දාලා කුස්සිය ලස්සන කරන එකත් මගේ පුරුද්දක්.

ඉතින් ඒ වගේම කාන්තාවකට තිබිය යුතු උතුම් ගුණාංගයක් තමයි අරපිරිමැස්ම කියන්නේ. අපි මොන තරම් ආර්ථිකය අතින් ශක්තිමත් වුණත් ඒවා සකසුරුවම්ව වියදම පාලනය කරන්න ඕන. ඉතුරු කරන්න මේ කියන හැමදේම නිවසේ මවට බිරිඳට තිබිය යුතුමයි. එවිටයි පවුලක් දියුණු වෙන්නේ. නැත්නම් මොන තරම් මුදල් හම්බ කලත් ඒවගෙන් ප්‍රයෝජණ ගන්න බැරිවෙනවා.

ඉතින් ඒ වගේම පුතාලා දෙන්නාටත් හොදට කෑම හදන්න පුලුවන්. සමහර වෙලාවට මම අසනීප වුණොත් නිවසේ කටයුතු සියල්ල කරන්නෙත් පුතාල දෙන්නා. අසනීප වෙච්ච දවස් වලට මට කෑම ටික උයලා ළගට ගෙනැත් දෙන වෙලාවලුත් තියෙනවා. ඇත්තටම එයාලාගේ ඒ පුරුද්ද ඒ ගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතයටත් ආශීර්වාදයක් වෙනවා කියලයි මේ ප්‍රවීණ කලා ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

ඉතින් කලා ලෝකය පෝෂණය කරන්නට තම දරුවන්වද ලබා දුන් මේ ප්‍රවීන කලා ශිල්පී යුවල ආනන්ද වික්‍රමගේ මහතාටත් මානෙල් වානගුරු මහත්මියටත් සියලු වැඩ කටයුතු සාර්ථක වෙන අනාගතයකට සුබ පැතුම් එක් කරමු.

Leave a Comment