Lifestyle

ඉන්න තැන උඩ දාලා නැති තැන කුල කිය කියා යන හිගන්නන්ව හිගන්නියන්ව අපරාදේ මං ළං කරගත්තේ හදිස්සියේම මධුමාදවගෙන් සැර කතාවක්

ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම රචකයෙක් විදියටත් බොහෝ දෙනෙක් දැන අඳුනන පුද්ගලයෙක් විදියට මධුමාදව හදුන්වා දෙන්නට පුලුවන්. පසු කාලීනව ඔහු දේශපාලනයටත් පිවිසෙනවා. ඩයලොග් රිද්ම රාත්‍රියේ ඉතා ප්‍රියමනාප ලෙස නිවේදනය කටයුතු සිදු කල ඔහු එකල බොහෝ සෙයින් පුංචි තිරයෙන් දැකගන්නට හැකි වුණා.
නිල්මිණි තෙන්නකෝන් සමගින් විවාහ වී සිට නැවත දෙදෙනාගේ වෙන්වීමත් සමගම හැමෝම ඔවුන් ගැන කතාකරන්නට වුණා. මුහුණු පොතෙහි නිතරම දකින්න ලැබෙන ඔහු බොහෝ කතා මවමින් කරලියට එනවා. හැමෝගෙම ආකර්ෂණය දිනාගන්නවා. ඔහු මෑතකදී මුහුණු පොතට එකතු කල සටහනක් පිලිබදවත් හැමෝගෙම කතාබහට ලක් වුණා. මේ ඔහු මුහුණු පොතේ සදහන් කල සටහන

.

මාර හතුරන් එක පාර මතකෙන් මරන්න පාප මිතුරන් මැරෙනා හැටි බලන්න. ඌ මට අරිද්දිත් මම ඌට සමාව දුන්නා. ඒකි මට මෙහෙම කරද්දිත් මම මගෙ රෙද්ද අස්සෙ දාගෙන හොදටම කරගත්ත. කාපු තැන පහරපූ එකා කියලා දැන දැන මම මොකටද මගේ අස්සට ගත්තෙ
ඉන්න තැන උඩ දාලා නැති තැන කුල කිය කියා යන හිගන්නන්ව හිගන්නියන්ව අපරාදේ මං ළං කර ගත්තේ මම පාර පෙන්නුව හෙවන දුන්න එකාම මට ඇරියා
මෙහෙම කතා ඔබ කියල ඇති නැත්නම් අහල ඇති
අපි කාට උනත් එහෙම වෙන්න පුලුවන්
අපි ළගටම ගත්ත, කන බොන හැම තැනම එක්කන් ගිය, ලෝකයක් අදුනල දුන්න, උන්ගෙ දුක පැය ගනන් ඇහුව සමහර විට ජීවිතේ තමන්ගෙම කියලා අපිට හිතුන අය තමා අපි කාටත් ජීවිතේ හොදටම කරේ. ඉරිසියාවකට බැරි කමකට හයිය නැති කමකට බුකියේ අකුරු ටිකක් කොටල විනෝදවෙන මිනිස්සුන්ට වඩා බයානකයි අගේ ඉදන් කන කන අය.
එතකොට අගේ ඉදන් කන කෑ උන්ද වැරදි
වැරැද්ද තියෙන්නේ ඔබේ. ඔබ හිතනවා ඔබේ හිත හොදකමට ඔබේ මනුස්සකමට එහෙම නැත්නම් සංවේදීකමට ඔබ එහෙම අයව ජීවිතෙන් හලන්නැතිව ටිකක් දුරින් හරි තියාගෙන හිටිය කියල ඒකට කියන්නෙ මෝඩ කම ගොන් කම අමන කම මිසක් වෙන එකක් නෙවෙයි. ඔබ අත හරින්න ඉගෙන ගෙන නෑ නිදන කාමරයට විෂ පොලගෙක් ආවම පොඩ්ඩක් පැත්තකින් තියල ඔබ නිදාගත්තද. කාමරේට කිබුලෙක් ආවොත් උගේ ඇගට සීනි දාල කිබුල බනිස් කියවනවද. නැත්නම් උන්ව කාමරෙන් යවනවා හෝ ඔබ උන් ඉන්න කාමරය අත හරිනවද ඉතිං එහෙම අත හැරියද. ඔබ පොඩ්ඩක් ඈතින් තියන් හොදටම කොර ගත්තද
අපි ලොකු වෙමු දැන් ජීවිතය කියන ආදරණීය පොත අයිති ඔබට ඒක වෙන මොකෙක්ටවත් අයිති නෑ. ඔබ බොහෝ දේ අත හැරිය.
උපන් ගම, නගරය, පළමු පෙම, පළමු මිතුරන්
කොටින්ම ඔබේ ලමා කාලය පෙර යොවුන් කල පවා අත හැරියා ඔබේ ජීවිතය හැර ඔබට ආදරෙ ජීවිත හැර ඔය මොකෙක්වත් අත හරින්න බැරි නෑ ඔබ සමග අන්තිම හුස්ම තෙක් ඉන්න ඔබේ ජීවිතය ඒකට රිද්දුවොත් ඒක කැත කරන්න ආවොත්


ඒක අස්සෙ ජඩ කම් බලුකම් කරන්න ආවොත් තියාගෙන හුරතල් කරන්න එපා සතා සතාමයි
එක පාර මරා දමන්න අර මදුරුවෙක් අපිට අරිද්දි අපිව කද්දි ඔබ ඌව අරන් පැත්තකින් තියල හොද වෙන්න යනවද නැත්නම් පැය ගානක් අරන් එක එක පිහාටුව ගලවනවද පටාස් ගාලා ගහල දානවද. ගහල මදුරුව මලාම ඔබ වැලපිලා තියෙනවද අනේ මාව කෑව මදුරු සුන්දරයා එහෙම වෙලා නෑ හැබැයි ඔබ හවස් වරුවක හොඳට ඇඳගෙන අද මා මදුරුවො මරන්න යනවා කියලා ගිහින් තියෙනවද. ඒත් නැහැ ඉතින් කෙටියෙන් කියන්නේ කන එකා අතහරින්න මරා දමන්න ක්ෂණික ව අන්තිම පිටුවල මදුරුව මර මර ඉන්න බෑ. දැන්ම සුද්ද කරල දාන්න පටස්ගාල හලන්න අන්න එතකොට නම් ඊලග කොටස ගොඩක් රසවත් වෙයි. මිතුරන් ගොඩක් ඕනෙ වෙන්නෙ මිතුරියන් ගොඩක් ඕන වෙන්නේ යන දිහාවක් නොදැන ගෙවපු තරුණම තරුණ කාලේ දැන් එහෙම මගුලක් ඕනෙ නෑ. ඒ ඒක පිළිගන්න අකමැති ඇති ඔබේ ආදරණීය හිත ඒත් ඒක තමා ඇත්ත තමන්ගේ ජීවිතය ඇරලා පෙන්නන්න හදිසි වෙන්න එපා. එතකොට ඌව පටස්ගාලා මැරෙන්න වෙන්නෑ පටාස් පටාස් පටාස් ගාලා චක චක චක ගාලා තලල කන්න වෙන්නෑ. ඉන්න එකා ඉන්න එකී ඔබට ඔබේ පවුලට ඔබේ ජීවිතයට විඳින්නෑ කියලා දැනෙනවනම් හලපු උන්ගේ ගොඩ ඉන්න ටිකට වඩා වැඩි නම් ඔබ ජිවත් වෙලා හලපු ටිකට වඩා ඉන්න ටික වැඩි නං ඔබත් හොඳටම කරගන්නේ. හෙට එකට කාලා බොක්ක වෙනස් උන් හොයමු. අතට අහුවුණා මත් උන් එක්ක ඉමු නොහිතන මොහොතක පෙනේර අතට ගමු කුණු උන එවුන් සමරලා මතකයෙන් මරමු විටෙක බොක්ක ඔයා තමා මගේ මිතුර වදන් චූන් අහන ගමන් වරින් වර කාබනික වගේ එන රසායනික පොහොර අඳුනගන්න හැකිනම් නුබ තමා පොර ජීවිත කතාවෙ පිටු දැනගෙන ලියනු ඔබ දැන ගත්තාම ඇති පන්නලා හලලා දැමුණු කුණු වෙලා යන හැටි නිහඬව බලනු.


මධුමාදව අරවින්ද තම මුහුණුපොතේ මෙලෙස සැර ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණා. එය පිලිබදව මිනිසුන්ගේ දැඩි කතාබහට ලක් වුණා. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වීමට සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment