Lifestyle

‘ලෝචනාගේ අලුත්ම ලීක් වීඩියෝ එක’ සියදිවි නසාගන්න හිතුණු ලෝචි දැන් කියන කතාව

ලෝචනා හංසමාලී ජයකොඩි කැස්බෑවේ උපන්න ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබනවා. තාත්තයි නංගිල දෙන්නයි එක්ක ජීවත්වෙන මේ ලෝචනා හෙවත් ලෝචී දඟකාර කටකාර ටික්ටොක් හරහා හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක්. ලෝචි කියලා කියන්නේ නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම යූටියුබ් හරහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අද වන විට ඇය තම රංගන කුසලතාවය ටෙලි නාට්‍ය හරහා ද ප්‍රේක්ෂකයන්ට පෙන්වමින් සිටිනවා. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වන රේස් ටෙලි නාට්‍යයේ රන්දුලී ගේ චරිතයෙන්.

ඇය පළමුවෙන්ම ටික් ටොක් කරන්න පටන් ගත්තේ මීට අවුරුදු තුන හතරකට පෙරාතුවයි. ඇයගේ පළමු ටික්ටොක් එක ඩාන්සින්ග් වගේ කරපු එකක්. ඉන්පසු ටිකෙන් ටික එය ඇයට පුරුදු වුණා. යූටියුබ් පටන් අරන් අවුරුදු දෙකක් පමණ වෙන ලෝචි දැන් සමාජ මාධ්‍ය කලබවන චරිතයක්. ඇය කවදාවත් හිතුවෙ නෑ. මේ වගේ සමාජ මාධ්‍ය තුලින් ජනප්‍රිය වෙන්න වෙයි කියල. මේ වීඩියෝ වලට ලැබෙන කමෙන්ට් තුළින් ඇය මුල් කාලයේ ජීවිතය වට්ටවා ගත්තත් දැන් නම් ඇය ඒවා කිසි විටෙකත් ගණන් ගන්නේ නැහැ. හත් ලක්ෂ පනස්දාහක් පමණ ටික් ටොක් ෆලෝවර්ස්ලා ඉන්න ලෝචි කියන්නේ ටික්ටොක් කියන්නේ හොද ප්ලැට්ෆෝර්ම් එකක් කියලා දැන් ඉන්න ගැහැණු ළමයින්ට. ඇය ටික්ටොක් පටන් ගත්ත මුල් කාලේ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් නොතුබුණාට දැන් ඒ සදහා ලොකු වර්ධනයක් තිබෙනවා කියලයි ලෝචි කියන්නේ.

ට්ක්ටොක් තුළින් සමාජය කලඹන ලෝචි සමාජයේ තරුණියන්ට කියන්නේ තමාට යම් කිසි දක්ෂතාවයක් තිබෙනවානම් එය ටික්ටොක් තුලින් වර්ධනය කර ගන්නට කියා. යම් කිසි මුදලක් උපයගන්න පුලුවන් වෘත්තියක් හැටියට ලෝචී යූටියුබ් හදුන්වා දෙනවා. මුලින්ම ඇය ලෙලෙගේ වීඩියෝස් බලල තමයි මේ යූටියුබ් කරන්න පටන් ගත්තේ. පාසල් කාලයෙ ඉදලා රංගනයට දක්ෂ හරි සැහැල්ලු චරිතයක්. මිනිසුන්ට වඩා සතුන්ට ආදරේ කරන විශේෂ චරිතයක්.

ඇගේ මව මේ ලෝකෙන් යන්නේ ඇය උසස් පෙළ කරන විට. අම්මා අසනීප වෙනවා. ඉතින් අම්මගෙ වියෝවත් එක්ක නංගිලා දෙන්නගේ අම්මා වෙනවා ලෝචි. ඉතින් මාවනැල්ලෙ ඉපදුන අම්ම මාවනැල්ලෙ රෝහලේම අවසන් ගමන් යනවා. ඉතින් අම්මගේ වියෝවෙන් සෑහෙන්න ජීවිතේ කඩා වැටෙනව. අම්මගෙන් වියෝවෙන් පාසල් ගමන මග නවතිනවා. ඒ තම පියා ඔවුන් ගැන වැඩිය නොබලපු නිසා.ඉතින් නංගිල දෙන්නෙක් එක්ක අමාරුවෙන් නර්තනය කරගෙන නංගිල දෙන්නව අමාරුවෙන් බලාගෙන ජීවත් වෙනවා.

නෑදෑයන් පවා අමතක කරපු ලෝචී සමාජයේ ලොකු අභියෝගවලට මුහුණ දුන්නා. ඒ ඇයගේ නොවන වීඩියෝ එකකට ඇය සම්බන්ද කල නිසා. ලෝචනාගේ ලීක් වීඩියෝ එක ලෙස.
“මට එදා සුවිසයිඩ් කරගන්න පවා හිතුනා. එදා තමයි මට අම්ම නැති එක හොදයි කියල හිතුනෙ. නංගිල දෙන්නා ඒක ගැන මගෙත් එක්ක කතාකලෙ නෑ. චූටි නංගි කිවුවා ඔයාගේ නෙමෙයි නිසා ඇයි ඔයා අවුල් යන්නේ කියලා. ඇත්තටම ගොඩක් කඩා වැටුනා.”

ඒ තුලින් නවතින්නෙත් නැහැ. පසුගිය දිනක ඇය ආදරය කරන තරුණයා එක්ක ගත්ත පොටෝ දෙකක් එක්ක නිරුවත් වෙනත් පොටෝ දාලා ඇයට නැවත මඩ ගහල තිබුණා. ඇය ඒ දේවල් වලට මුහුණ දුන්නා. මීට අවුරුදු දෙක හමාරකට පමණ පෙර විවාහය ගිවිස ගන්නවා. ඉතින් එයිනුත් ජීවිතය වට්ටවා ගන්නවා ඇය. ඒ විවහයෙනුත් ඇය අසාර්ථක වෙනවා. ඉතින් අම්මගේ තාත්තගේ ආදරයත් නැතිවුණ ඇයට සහාකාරයගේ ආදරයත් නැති වෙනවා. ඉතින් ජීවිතේ තව වැටෙන්න තියෙනවද. ඇත්තටම ඇය මේ ඉන්න තැන ගැන සතුටු වෙන්න පුලුවන්.

ඉතින් මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක ජෝන් ප්‍රනාන්දු කියන කඩවසම් තරුණයත් එක්ක එකතු වෙලා බොහොම අපූරු ලස්සන ෆොටෝ ෂූට් එකක් කරල තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාවේදී මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ක්‍රිෂාන් ක්‍රිශ් ඡායාරූප ශිල්පියා විසින්.

ඒ කොහොම වුණත් මේ සුරූපී නිළි ලෝචිගේ අලුත්ම පොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ මේ දිනවල සමාජ මාධ්‍ය කළඹ වනවා. ඇය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලාසිටින්නේ නරක කමෙන්ට් කරන්නැතුව පවු කරගන්නැතුව ජීවත් වෙන්න කියලා. විශේෂයෙන් වෙන කෙනෙක්ව මානසිකව වට්ටන්න එපා කියලා. ඇය ඇගේ නංගිලා දෙන්නත් එක්ක ඉදිරියටත් ලස්සන ගමනක් යන්න ලැබෙන්නට තමයි දැන් ඇය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දඟකාර ලෝචිගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment