Lifestyle

ජනප්‍රිය වෙන්න අඩු ගානට වැඩ කරන්නත් බෑනේ – ලෝචනා ඉමාශි

පුංචි තිරයේ සිටින දක්ෂ වගේම කටකාර දඟකාර පෙනුමක් තිබෙන නිළියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් ම පමණක් නොවන අතර නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක්, රූපලාවණ්‍ය ශිල්පිනියක්, වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ද වෙනවා. ටික කලක් දකින්න නැති වුණු ඇය සංසාර සිහිනේ ටෙලි නාට්‍ය හරහා නැවතත් ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුණා.

එවගේම ගින්දරී සිනමාපටයෙන් ද ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය තරුවක් වුණා. ඇය කලා කටයුතුත් එක්කයි ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ. ඇය පවසන ආකාරයට ඇයගේ මිල ගණන්වලට ටෙලිනාට්‍යවලින් එකඟ නොවන අතර ඇයත් අඩු ගානට රංගනය සිදු නොකරන බවයි. ඇය එක්ක හෙලා පවසන්නේ වැඩ නැත්නම් නිවසට වෙලා සිටිනවා අඩු ගානට රඟපාන්නෙ නෑ කියලා.

ඒ වගේම ලෝචනා ඉමාෂි කියලා කියන්නේ ඉක්මනට ම හිත උණු වන චරිතයක්. අනුන්ගේ දුකක දී කරදරයක දී පළමුවෙන්ම පිහිට වෙන කෙනෙක්. ඒවගේම ඇය වැඩිහිටියන්ට සේම දරුවන් වෙනුවෙන් ද උදව් කළා. ඒ වෙනුවෙන් ඇය චයිල්ඩ් කෙයාර් බයි ඉමාශි නමින් පදනමක් පිහිටුවා තිබෙනවා.

මේ වගේ පදනමක් පිහිටවලා ඒ දරුවන් වෙනුවෙන් සලකන්නේ එක් හේතුවක් ඇයගේ හිතේ තිබෙන නිසයි. ඒ දරුවන්ට බෙහෙවින් ආදරය කරන අතර දරුවෙකුගෙන් වෙන් වෙලා සිටින විට දැනෙන වේදනාව කෙතරම් ද යනුවෙන් ඈ අත් විදින නිසා බවයි ඈ පවසන්නේ. ඉතින් ඒ වේදනාව ඇය අත්විඳින නිසාවෙන් පුංචි හරි සහනයක් බලාපොරොත්තුවෙන් ඇය මෙවන් වූ යහපත් ක්‍රියාවන් සිදු කරනවා.

එවන් වූ දඟකාර චරිතයක් මේ ආකාරයෙන් සංවේදී වීම අපගේ හදවත්වල ද උතුරා යන ආදරයක් ඇය කෙරෙහි උපදිනවා. පුංචි තිරයේ දඟකාරිය හැඩකාරිය ලෝචනා ඉමාශිට ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියා අපි හදවතින් ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා.

Leave a Comment