Lifestyle

‘මම කවදාවත් මහත් වෙන්නෑ, ඇට සැකිල්ලක්ම විතරයි’ ජීවිත කතාව නොදැන හැදුණු කතා නිසා ලෝකයක් අනුකම්පා කල ලිසී ගේ සංවේදී කතාව

Lizzie velasquez කියන නම කෙනෙකුට නුහුරු වුවත් ඒ රූපය බොහෝ දෙනෙකුට හුරු පුරුදුයි. ඊට හේතූව ඇගේ ස්වරූපයයි. සාමාන්‍ය මිනිස් රූපයකට වඩා ටිකක් වෙනස් නිසාම බොහෝ දෙනෙක් ඇයව හදුන්වා දුන්නේ ලොව සිටින කැතම කාන්තාව කියලයි. ඒ වචන ටික තමයි ඇයගේ ජීවිතෙත් වෙනස් කරන්නෙත්. වර්ෂ 1989 මාර්තු මස 13 වැනිදා ලස්සන අම්මා තාත්තා කෙනෙකුට දාව උපත ලබන ඇය අවලස්සනයි කියලා ඒ අම්මා තාත්තා අහක දැම්මේ නෑ.
ආදරණීය දියණිය ව ලස්සනට තියන්න උගන්වන්න තනියම සමාජයක ගනුදෙනු කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙනවා. දවසක් මියුසික් වීඩියෝ එකක එකක මේ විදිහට දැක්කා.

“ලෝකයේ කැතම කාන්තාව කියලා තමයි ඒ වීඩියෝවේ තිබ්බේ. ඒ මොහොතේ මගේ හිතට ආවේ එකම එක දෙයයි. ඒ මේ වීඩියෝ එක කව්රුහරි දැක්කොත් කියලා. නමුත් ඒ වෙද්දී ඒක ගොඩක් අය බලලා තිබ්බා. ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඒ මොහොතේ මගේ අත් වෙවුලනවා, නමුත් මට හිතුන ඒකෙ තිබ්බ ප්‍රතිචාර කොයි වගේද කියලා කියවලා බලන්න. මේකිව දැක්කට වැඩිය හොඳයි මේ ඇස් අන්ඳ උනානම්, අපෝ මගේ ළමයෙක් නම් මම මේ කෙල්ලව ඉපදුන ගමන්ම මරලා දානවා, චී.. මේ හොල්මන ගින්නට දාලා පුච්වන්නයි තිබ්බේ වගේ අදහස් තමයි තිබ්බේ.

ඊට ප්‍රතිචාර දක්වල තිබ්බ කිසිම කෙනෙකුට හිතන්න නැතුව ඇති මම මේවා කියවලා කම්පාවෙයි අපහසුතාවයට පත් වෙයි කියලා. මම හිතුවා එක්කෙනෙක් හරි මගේ හොඳක් කියලා ඇති කියලා. ඒ නිසා මම ඔක්කොම කියෙව්වා. අනේ මම ගැන කිසිම කෙනෙක් තියා අනුකම්පා කරලා වත් නැහැ. මම ශාපයක් කියල විතරයි හැමෝම දැක්කේ. මම මහා පව්කාරියක් කියල විතරයි එයාලා දැක්කේ. එදා හොඳටම ඇඬුවා. මගෙත් අම්මා තාත්තා මේ වීඩියෝ එක දැක්කොත් කියල මම බය උනා. එදා දවසම මම කල්පනා කළා. අන්තිම වතාවට මම ධනාත්මක සිතුවිලි ඇති කරන කතා බැලුව. මං වගේ කරදරයට පත්වූ අය ගැන හෙව්වා.

තනියම නැගිටින්නෙ කොහොමද කියලා හිතුවා. දවස් ගණනක් මගේ කතාව එක එක විදිහට කියලා වීඩියෝ කලා. පසුව මම කාමරයට වෙලා තනියම කතා කළා. ඒ මොහොතක මට හිතුණා මම කතා කරන දේ යූටියුබ් දාන්න. මම වගේම හිරිහැර වලට ලක්වෙන මිනිස්සු වෙනුවෙන් කතා කළා. ඒ හිරිහැර වලට නොබියව මුහුණ දෙන්නෙ කොහොමද කියල ඒ අයව දැනුවත් කළා. ඊට පස්සේ මම Tedx talk කියන වැඩසටහනට ඉදිරිපත් වුණා. ඒ වැඩසටහන මිලියන ගානක් මිනිස්සු බැලුවා.

Lizzie velasquez කියන මම එක රැයකින් ජනප්‍රිය වුණා. මම කොච්චර දුක් වුනාද කියලා මගේ දුක ලෝකෙම දැනගත්තා. මං මේ තරම් අවලස්සන උනේ උපතින්ම උරුමවෙලා තිබුණු දුර්ලභ රෝගයක් හින්ද කියල හැමෝම දැනගත්තා. මගේ ඇඟේ මේද ප්‍රතිශතය බින්දුවයි. මම කවදාවත් මහත් වෙන්නෙ නෑ. ඇටසැකිල්ලක් ම විතරයි. ඒ මදිවට එක ඇහැකුත් අන්ධයි. මේවා මිනිස්සු නොදැන ඒ කතා කිව්වේ. මගේ කතාව අහලා හැමෝම මට ශක්තියක් වුණා. දැන් මම ශක්තිමත් කෙනෙක්. මම ගැන දැන් ලෝකයම කතා කරනවා. මම වගේ හැමෝම වෙනුවෙන් මම අදත් සටන් කරනවා. “

ඉතින් ලිසීගේ කදුලු කතාව හැමෝම දැනගත්තා. උඩින් දකින දේට වඩා ගැබුරේ යම් ඉසි දෙයක් අන්තර්ගත වෙලා තියෙන්නේ.

Leave a Comment