Lifestyle

හැමෝම ආදරය කරපු ඒ ලෙවල් හි අහිංසා යුග දිවියට

පසුගිය කාලයේ අපේ රටේ බොහෝ දෙනා කිසිම වයස් පරතරයකින් තොරව බොහොම කැමැත්තෙන් නරඹපු චිත්‍රපටයක් තමයි ඒ ලෙවල් චිත්‍රපටය. එම සිනමා නිර්මාණයේ විනෝදය වගේම ගුණාත්මක පැත්තත් එක් අයුරින්ම තිබෙන නිසා එය රසවත් වගේම ගුණාත්මකයි. එය නරඹන වැඩිහිටි පුද්ගලයන්ට නැවතත් පාසල් කාලය මතකාවර්ජනය කරන්නට සමත් වෙන චිත්‍රපටයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

ඉතින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූයේ අහිංසා චරිතයයි. ඇය ලහිරුකා ඒකනායකයි. ඉතින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස අහිංසා චරිතය ඉතා දක්ෂ ලෙස රංගනයෙන් දැක්වූ ලහිරුකා අපේ රටේ කලා ක්ෂේත්‍රයට අලුත් මුහුණක් වුණත් ඇයගේ මේ සොඳුරු රූපය නම් හැමෝටම දැකල පුරුදු ඇති.

ඒ ලෙවල් චිත්‍රපටයෙන්ම කලා ජීවිතයට ආරම්භය දුන් ලහිරුකා ඇයගේ මංගල රංගනයෙන්ම සම්මාන දිනා දිනාගැනීමට සමත් වුන දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් විශේෂත්වය වන්නේ මෙම සුරූපී දක්ෂ රංගන ශිල්පිනිය පසුගිය දවසක උඩරට මනාලියක් විදිහට සැරසී යුගදිවියට පිවිසිලා තිබුණා. ඒ ඇයගේ කඩවසම් ස්වාමියා සුදීප ගංගොඩ සමගයි.

මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ ලහිරුකා ඒ ලෙවල් චිත්‍රපටයට අමතරව සල්මල් ආරාමය යන ටෙලි නාට්‍යයේ වගේම පෝදා ටෙලි නාට්‍යයයේ රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා. පුංචි තිරයේ වගේම වේදිකාව තුළ ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.

2010 වර්ෂයේ රාජය ළමා නාට්‍ය උළෙලේ යෝධයාගේ උයන නාට්‍ය සහ ඉට්ස් මී කියන නාට්‍යයෙන් 2015 දී මධ්‍යම පළාත් අංශයෙන් පළමු ස්ථානයට පැමිණීමට ඇයට හැකි වෙලා තියෙනවා. විශේෂත්වය කියන්නේ එහි ඇති චරිත 6කටම ඇය රංගනයෙන් දායකත්වය ලබා දී තිබීමයි. ඒ විතරක් නෙවෙයි උසයි කොටයි නමින් යූ ටියටියුබ් නාලිකාවකද රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. ඒ ලෙවල් චිත්‍රපටයේ අහිංසා හෙවත් ලහිරුකා සංගීතයට බොහොම ඇලුම් කරන කෙනෙක්. ඒ වගේම ඇයට වාද්‍ය භාණ්ඩ රැසක් වාදනය කිරීමේ හැකියාව තිබෙනවා. වයලීනය ඕගනය සහ සර්පිනාව කියන වාද්‍ය භාණ්ඩ ඇයට වාදනය කිරීමේ හැකියාව තිබෙනවා.

බොහෝ දෙනාගේ ආදරය දිනාගත් අහිංසා චරිතයට පණ පෙවූ මේ දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිණිය ලහිරුකාගේත් සුදීපගේත් ඉදිරි අනාගතය මල්ඵල ගැන්වීමට අපි සැවොම සුබ ප්‍රාර්ථනා කරමු.

Leave a Comment