Lifestyle

අපේ රටේ තරුණයෙකු සමගින් ආදරයෙන් බැදුණු එංගලන්ත ජාතික තරුණිය දැන් ගෙවන ජීවිතය

ආදරය අපි හැමෝටම අවශ්‍ය දෙයක්. ආදරේ අපි හැමෝටම දැනෙන දෙයක්. ආදරණීය හදවතකට ජාති, ආගම්, වයස, උස මිටි, දුප්පත් පොහොසත් බව වගේම බාහිර පෙණුම මේ කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒ බව පසක් කරන්නට හොඳම උදාහරණ ගණනාවක් අපේ රටේ විවිධ පුද්ගලයන්ගේ ජීවිත කතාවන් ඔස්සේ දැක ගැනීමට හැකි වෙනවා.

ලෝකය පුරාම එවැනි ආදර කතාවන් බොහොමයක් දකින්නට අසන්නට ලැබෙනවා. අපි මේ කියන්න යන්නේ එවැනි අපූරු ආදර කතාවක් පිළිබඳවයි. අපි මේ කියන ආදර කතාවේ පෙම්වතිය විදේශ රටක තරුණියක් වන අතර පෙම්වතා ශ්‍රී ලාංකික තරුණයෙක් වෙනවා.

මේ පෙම්වතිය එංගලන්ත ජාතික තරුණියක් වන අතර ඇය නමින් ලුසී වේ. ඇය සංචාරය කිරීමට බොහෝ සේ කැමැත්ත දක්වන සුන්දර තරුණියක් වෙනවා. විවිධ රටවල් වල සංචාරය කරන ඇය පසුගිය වසරේ ඇයගේ එක් සංචාරයක් වශයෙන් ශ්‍රී ලංකාවට ද පැමිණෙනවා.

පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණෙන ඇය මාසයක් පමණ මෙරට සංචාරය කරන අතරතුර ඇය පදිංචි වීමට කටයුතු කරනවා. මෙරට පදිංචි වීමෙන් පසු ඇය දකුණු පළාතේ ඇති සත්ත්ව අභයභූමියක කටයුතු කරමින් මෙරට තුළ නතර වන්නට තීරණය කරනු ලබනවා.

එම සත්ව අභය භූමියේ කටයුතු කරන අතරතුර ඇයට ශ්‍රී ලාංකික තරුණයෙකු මුණ ගැසෙන අතර පසුව ඔවුන් දෙපළ මිත්‍රයන් බවට පත්වෙනවා. ලහිරු නම් මේ ශ්‍රී ලාංකික තරුණයා මේ විදේශ ජාතික තරුණිය සමඟ මිත්‍රත්වයක් ඇතිකර ගන්නා නමුත් අමන්දි කළ භාෂා දෙකක් කතා කරන නිසා අදහස් හුවමාරු කර ගැනීමේදී යම් යම් ගැටලු පැන නැගෙන්නට වුණා.

කාලයක් ඔවුන් අතර පැවති මේ මිත්‍රත්වය ආදරයක් බවට පත් වෙන්නට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. ලහිරු සහ ලුසීගේ ඇතිවන මේ ආදරයට බොහෝ දෙනා විවිධ දේ පැවසුවත් ඒ කිසිත් පිළිබඳ ඔවුන් වැඩි තැකීමක් සිදු නොකර ඔවුන්ගේ ආදරේ පවත්වාගෙන යන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවා. භාෂාව හා හමේ වර්ණය ඔවුන් දෙපළ රටවල් දෙකක වීම යන කරුණු ඔවුන්ගේ ආදරයට බලපෑමක් නොකළ බව ඔවුන්ගේ එම ආදරයෙන් හොඳින්ම පැහැදිලි වෙනවා.

ඉතාමත් ආදරණීය යුවළක් වශයෙන් සිටින මේ දෙපළ යූ ටියුබ් නාලිකාවක් නිර්මාණය කරගෙන ඔවුන්ගේ ජීවිතයේ සොඳුරු අවස්ථාවන් පළ කරන්නට ඔවුන් කටයුතු කරනු ලබනවා. මේ නිසාම අද වන විට ඔවුන් දෙපළ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ ආදරණීය යුවළක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ දෙපළට හැමදාම සතුටින් කාලය ගත කරන්නට හැකි වන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment