Lifestyle

“ආදරේ ඔයා පෙන්නුවේ නංගිව ඔයාගේ අතේ පච්චයක් කරගෙන” මුහුණු පොතේ පළ වුණ සංවේදී සටහන

‘අප්පච්චියේ මට තැලුවට දිගට හරහට’ කිංග්ස්ලි පීරිස් කියන්නේ ඉස්සර කාලේ අපේ කනට නැතුවම බැරි හඩක් වුණා. අදට උනත් ඒ ගීත අහනකොට දැනුනේ පුදුම ගැගීමක්. රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ ගීත ගයන කිංග්ස්ලි පීරිස් මල් වඩමට, දෙලුම් මලක්, කදුලු සුන්දරද, දෙහි මලක් වගේ,ලස්සන ඇස් දෙක, දෝතින් අරන්, ගාලු කොටුවෙ, බෙල්ලන්විල වෙහෙරට, රත්තරන් ආදර්, ඩේලියා මලෙන් සුවද, සිත බැදුනු ආදරෙ වැනි ගීත රාශියකින් ප්‍රේක්ෂක හදවත් පිනවන්න සමත් වුණ ගායකයෙක්.

කණ්ඩායම් සංගීතයෙන් ගායනයට ආව කිංග්ස්ලිට ගොඩ දෙනෙක් ආදරේ කරනවා. විරහ ගීත වලට මුල් තැනක් දෙමින් ගායනා කරන නිසාම ඔහුට තාරුණ්‍ය පිරිස් කැමතියි. එලෙසින් බොහෝ දෙනෙක්ගේ ආදරය ලබන කිංග්ස්ලි පීරීස්ගේ ආදරණීය බිරිඳ ඔවුන්ගේ හමුවීම කොහොමද කියල කිවුවේ මේ විදියටයි.

” අපි දෙන්නගෙම ගෙවල් තිබුනෙ එකම ගමේ එකම පාරෙ. ඒ යනකොට තමයි අපි මුණ ගැහුනේ. කිංස්ලි ෆ්ලෑෂ් බැක් එක පටන් ගන්න කාලේ තමයි අපි මුණ ගැහුනේ. ඉතින් ඒ දේවල් එක්ක තමයි එයා කාලේ ගත කලේ. අනෙක් පිරිමි ළමයි වගේ එයා පෙම්වතා කාලේ දග නෑ. හොද නිවිච්ච තැම්පත් චරිතයක්. සැමියෙක් විදියට මගෙ වාසනාවට තමයි ලැබිල තියෙන්නේ. ඔහු බොහොම හොද කෙනෙක්. ඔහු ජනප්‍රියයි කියලා ලොකුවට ඔලුවට ගත්ත කෙනෙක් නෙමෙයි. ඔහු ජනප්‍රියයි කියලා මම කැමති නෑ ඒක කියන්න. ඒත් තැනකට ගියාම ඔවුන් මාව කිංග්ස්ලිගෙ බිරිද කියල අදුරගත්තොත් පෝලිම්වල ඉන්න නැතුව ඉක්මනින් වැඩ කරල දෙනවා.”

සංගීත ක්ශේෂ්ත්‍රයේ හිටියට ඔහු නිවසේ වැඩ කටයුතුත් නිවැරදිව බොහොම වගකීමෙන් යුතුව කරනවා. ඔහු හොදින් වගකීම් දරණ කෙනෙක්. ජීවිතේ ගැන සැහැල්ලුවෙන් හිතමින් හොදට වගකීම් ඉෂ්ට කරන කෙනෙක්. කිංග්ස්ලි පීරිස් ජීවිතයේ වැඩියෙන්ම ආදරේ කරන්නේ දුවටයි පුතාටයි බිරිදටයි. ඒවගේම නැතුව බැරි යාලුවන්ව. හැමවෙලේම යාලුවො එක්කමයි ඉන්නේ.

කිංග්ස්ලිගේ ඇදුම් විලාසිතාවන් පිලිබදව සැලකිල්ලක් දක්වන්නේ ඔහුගෙ බිරිද. ඔහුට ඒව ගැන වැඩිය උනන්දුවක් නැති නිසා. මෙම ගායකයා දුක හිතුනම කාත් එක්කවත් කතා කරන්නැතුව පැත්තකට වෙලා ඉන්න නිහඩ චරිතයක් ලෙස ඔහුව හදුන්වන්න පුලුවන්.

කිංග්ස්ලි පීරිස්ගේ දුව මීට පෙර ජීවිතයෙන් සමු අරන්. ඉතින් ඔහුගේ පුතා වන කවිදු පීරිස් ඔහුගේ නැගණිය වෙනුවෙන් ඇය සිහි කරලා පිළිකා රෝහලකට කොණ්ඩය දන් දී තිබෙනවා. ඒ ඔහුගේ දෙවෙනි අවස්ථාව ඔහු නැගණිය වෙනුවෙන් හිසකෙස් දන් දීම. ඉතින් ඒ ගැන ඔහුගේ හිතවතෙකු මුහුණු පොතට සටහනක් එකතු කරල තිබුණා.

‘නංගි යන්නම යන්න ගිය දා අම්මා, තාත්තාට පේන්න ඔයා එක කදුලක් වැට්ටුවෙ නෑ. පැය ගානක් කාමරේට වෙලා හිටපු ඔයා එළියට එන්නේ රතු කරගත්ත ඇස්වලින්. ඒ ඇස් අපෙනුත් හංගන්නයි ඔයා උත්සාහ කලේ. කටින් නොකීවත් ඔයාගෙ දුක ආදරේ ඔයා පෙන්නුවේ නංගිව ඔයාගේ අතේ පච්චයක් කරගෙන. පිළිකා ලෙඩ්ඩු වෙනුවෙන් ඔයා කොණ්ඩෙ දන් දුන්න දෙවෙනි වතාව මේ. ඔයා වගේ අයියෙක් ලබන්න නංගි පිං කරලා තියෙනවා. අද සමාජේ හැටියට ඔයා හරිම විරළ දරුවෙක්. අපි ඔයාට ආදරෙත් ඒකමයි.’

ඉතින් මේ විදියට කවිදු පීරිස් නංගිට ඇති ආදරය ගැන මුහුණු පොතේ තිබූ සටහන තුලින් අපි දුටුවේ හරිම සංවේගයකින්.

Leave a Comment