Lifestyle

‘තිරය පිටිපස්සෙ රෙදි ගලවන නිලියො අතරෙ චුලක්ශි එලියෙ රෙදි ගලවන්නෙ’ කෝනාරට බැනපු ඉසුරු චුලක්ශි ගැන කිවුව දේ

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් වන ගිණිමල් පොකුරු චිත්‍රපටය මේ වන විට සිනමාහල් තුලින් නැරඹිය හැකියි. ඉතින් එම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයන් වලට රංගනයෙන් දායක වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ චුලක්ශි රණතුංග යන දෙදෙනා මේ චිත්‍රපටය ගැන කතා කරන්නට යූ ටියුබ් නාලිකාවකට පසු ගිය දා එක් වුණා.

ඉතින් ඒ වගේම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් සංසරණය වුණ වීඩියෝවක් ඇපි දැක්කා. ඒ ඉසුරු ලොකුහෙට්ටිආරාච්චි කෝනාරට ගහපු අවස්ථාවක්. එය සත්‍ය දෙයක් නොවන අතර විහිළුවක් බව ඉසුරු ප්‍රකාශ කළා. නමුත් ඒ අවස්ථාවේ එහි සිටි සියලුම දෙනා සිතුවේ එය ඇත්ත දෙයක් කියලා. ඉතින් ඒ ගැන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කිව්වේ මෙහෙමයි.

‘ ඇත්තටම මම ගොඩක් විනෝදෙන් ඉන්නේ. ඒ වගේ පොඩි විහිලුවක් කලේ. ගොඩක් කට්ටිය හිතුවෙ මම ඇත්තටම කරපු දෙයක් කියලා. විහිලුවක් දුරදිග ගියා කියලා. ඒක මම විහිලුවට කරපු දෙයක්’

ඉතින් ඒ සිදු වීම ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක්වුණ දෙයක් තමයි. සමාජ මාධ්‍ය තුළ ඒ සිදුවීම බෙහෙවින් ජනප්‍රිය වුණා. ඉතින් ඇත්තටම ඉසුරු ඒ වගේ දේකට හරි කැමැතියි. මොකද ඒ වගේ සිදුවීමක් උනහම තමයි ඇත්ත යාලුවෝ කවුද බොරු යාලුවෝ කවුද කියලා හොඳින් හඳුනාගන්න පුළුවන් කියලා ඉසුරු කියන්නේ. මේ සිදුවීම තුළින් ඉසුරු කවුද තමන්ට වරදින තුරු බලා ඉන්නේ කියලා හොඳින් අවබෝධ කරගත්තා කියලා ඔහු කිව්වා.

ඔහු දකින විට තමුන් ළඟින්ම ඉන්න කෙනා තමයි පස්සේ තමන්ට ඊටත් වඩා වෛර කරන්නේ. ඒ වගේම ඉසුරු කියන ආකාරයට දැන් අපිත් එක්ක තරහින් ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා මීට කාලෙකට පෙර හොඳින්ම හිටපු කෙනෙක් කියලා. ඒකෙන් අදහස් කරන්නේ තමන් එක්ක කවුරුන් හෝ තරහා වෙලා ඉන්නවා නම් ඒ කෙනා තමන් ආශ්‍රය කරපු කෙනෙක් කියලා. මොකද දන්නැති කෙනෙක් එක්ක කිසිම කෙනෙක් තරහ වෙන්නෙ නෑනෙ.

මේ ගිනි මල් පොකුරු කියන වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන චුලක්ශි රණතුංගට මේ නිර්මාණය සඳහා ආරාධනා කරන්නේ මෙහි කොඳු නාරටිය වන උදයකාන්ත වර්ණකුලසූරිය මහතා විසින්. ඉතින් එහිදී උදය උදයකාන්ත වර්ණකුලසූරිය මේ සඳහා ආරාධනා කරන විට චුලක්ශි භාරගන්නවද යනුවෙන් සිතේ සැකයක් ඇතිවුනා. උදයකාන්ත වර්ණකුලසූරියගේ දෙවන චිත්‍රපටයේ තමයි චුලක්ශි මේ රංගනයෙන් දායක වන්නේ. ඉතින් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක රංගනයෙන් දායක වෙනවා කියන්නේ ඇය ලොකු අභියෝගයක් භාර ගැනීමක්.

ඉතින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රග දක්වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි චුලක්ශි මේ ගත්ත අභියෝගය ගොඩක් අගය කළා. මොකද ගොඩක් නිලියෝ තිරය පිටුපස තම රෙදි ගලවා ගත්තත් තිරයට එනවිට ගොඩක් සිල්වත්තු වගේ තමයි රග දක්වන්නේ. නමුත් චුලක්ශි තිරය ඇතුලත මෙවැනි අභියෝගයක් බාරගත්තා. ඉතින් මේ වසංගත කාලය තුළ මෙවැනි සිනමා නිර්මාණයක් පටන් ගැනීමත් ලොකු අභියෝගයක්. මොකද සිනමාහල් පවා වැහිල තියෙන කාලය තුළ. එවැනි අවස්ථාවක මෙවැනි අභියෝගයක් මෙහි අධ්‍යක්ෂකතුමා ගත්ත එකත් ලොකු දෙයක්. ඉතින් චිත්‍රපටයක සාර්ථක අසාර්ථක භාවය තියෙන්නෙ ප්‍රේක්ෂකයන් මත. ඉතින් එම නිසා ප්‍රේක්ෂකයන්ට මෙම චිත්‍රපටය නරඹන්න මෙහි ප්‍රධාන නලුවා වන ඉසුරු ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ගෙන්.

ඉතින් ඒ වාගේම ඔහු කියන්නේ සංස්කෘතියකට හැදුනු කාන්තාවන් යුනිෆෝර්ම් එක ඇදපු මිනිස්සු හරි අපූරුවට භාවිතා කරනවා. එහෙම වෙන්න දෙන්න එපා කියලා. ගැහැනියක්ට නොදැනෙන්න ගැහැනියක් අල්ලන්නේ කියල මේ සිනමා නිර්මාණයේ සියයට සියයක්ම ලියවිලා තියෙනව කියලා ඉසුරු කිසිම පැකිලීමකින් තොරව කියනවා. පියවරෙන් පියවර කාන්තාවක් හසුකර ගන්න විදිය මෙහි ඇතුලත් වෙනවා. ඉතින් ඉසුරු කාන්තාවන්ට දෙන පණිවිඩය

‘කවුරුහරි පිරිමියෙක් ඔයාව අගය කරනවනම්, වැඩියෙන් සලකනවනම්, වර්ණනා කරනවනම්, නැති දේවල් කියනවනම් ගොඩක් පරිස්සම් කරනවනම් ගෙදර මනුස්සයා නැතුව පිට කෙනෙක් ඒ කෙනාගෙන් අනිවාරෙන් පරිස්සම් විය යුතුයි’ බව.

ඒ වගේම චුලක්ශි කියන්නේ මේ චරිතය භාරගන්න අකමැත්තක් තිබුනෙ නෑ. නමුත් මේක බාරගන්න කල් වැඩීදෝ කියන හැගීමක් තිබුණා ඇයට. එය ක්ශේෂ්ත්‍රය තුළ කිසිම කඩා වැටීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඔවුන් කරන්නේ වෘත්තියක්. ඉතින් වෘත්තියක් තුළ තමන්ට හමුවන චරිතයක් විතරයි කියලා. ඉතින් නිර්මාණයකට චරිතය තුලින් සාදාරනය කරන්න තමයි කලා ශිල්පීන් හැටියට ඔවුන් බැදිල ඉන්නේ. මෙම චරිතය තුල කාන්තාවට සිදු වන්නාවූ අසාධාරණය ගැන මෙහි අඩංගු වෙලා තිබෙනවා. ඒ වගේම හරි ධෛර්ය සම්පන්න චරිතයකට චුලක්ශි බොහොම හොදට රග දක්වනවා. තනියම ප්‍රශ්නයකට මුහුණ දෙන සැබෑ කාන්තාවක්.

රාගයට අශාවකින් ආකර්ෂණය වන කාන්තාවට අවසානයේදී ආදරයක් ඇති වීම සෑම පිරිමියෙකුට සාමාන්‍ය දෙයක් බව ඉසුරු සදහන් කරන්නේ. ඒ වගේම මෙම චිත්‍රපටයට සත්‍ය සිදුවීම් ආශ්‍රය කරගෙන නිර්මාණය වූ දෙයක් බවත් ඔවුන් අවසානයේ සදහන් කලා.

ඉතින් අවසානයේදී ගිණිමල් පොකුරු සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයන් දෙක රංගනයෙන් දායක වෙන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ චුලක්ෂි රණතුංග කියන මේ සැබෑ දක්ෂයන් දෙදෙනා සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලාසිටින්නේ මේ සිනමා නිර්මාණය නරඹා ඔබේ ජීවිතයට ගතයුතු ආදර්ශයක් තිබේ නම් අනිවාරෙන් ගන්න කියලා. ඉතින් මේ දක්ෂ කලා ශිල්පීන් දෙපළගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වන්නට අපි හදවතින් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment