Lifestyle

මම ලොතරැයි පහක් ගත්තොත් එකක් විකුණන කෙනාට දෙනවා – කෝකිල පවන්

ස්වර්ණවාහිනියේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ නාඩගම්කාරයෝ කියන්නේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වුණු ටෙලිනාට්‍යයක්. ඉතින් මේ ටෙලිනාට්‍යය තුලින් ගොඩක් චරිත වලට ප්‍රේක්ෂක අපි වෙන වෙනමම ආදරය කරනවා. ඒ කතාවේ තිබුණු චරිත අතරින් කාගේත් ආදරය ලැබුණු කෙනෙක් තමයි මාලන් කියන්නේ. ඉතින් මාලන් විදියට අපි අතරට ආපු ඒ දක්ෂ රංගන ශිල්පියා තමයි කෝකිල පවන්.

කුඩා කාලයේදී ඉදලා කලාවට ආපු කෝකිල රංගනයට වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්. ඉතින් ආච්චි අම්මා එක්ක පොඩි කාලේ ඉදලා හැදුණු කෝකිල සහ මල්ලි දෙදෙනාම කලාවත් එක්ක සමීප දෙදෙනෙක්.

කෝකිල පවන් මේ දිනවල අපිට පුංචි තිරයේ දැක ගන්න පුලුවන්. ඒ හිරු නාලිකාවේ විකාශය වන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ බාබු විදියට. ඉතින් විවිධ චරිත හරහා අපි අතරට එන කෝකිල රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අසරණ මිනිස්සු පාරෙ අයිනෙ වෙළදම් කරකොට ඒවා ගන්න. අඩු කරන්න කියලා කියන්න එපා. ඒ මිනිස්සු කීයක් හරි හොයා ගන්නේ ඒකෙන්. මම පුරුදු වෙලා ඉන්නේ සුයිප් පහක් ගත්තොත් එකක් ඒක විකුණනා කෙනාට දෙනවා.’’

ඉතින් මේ විදියට තමයි කෝකිල පවන් අදහස් දක්වලා තිබුනේ මේ විදියටයි. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment