Lifestyle

කෝකිල පවන් ආදරණීය බිරිඳ සමග උපන්දිනය සැමරූ හැටි මෙන්න

පොඩි කාලේ ඉදලම සිනමාවට ආගන්තුක බවක් නො කියන නිහතමානී කඩවසම් චරිතයකි කෝකිල පවන්. ආච්චි අම්මාගේ සෙවනේ සිටිමින් මෙවන් වූ මහා පෙළහරක් සිදු කිරීම ඇත්තටම විප්ලවයක්. සිරි රජ සිරි චිත්‍රපටයේ සිරිමල් චරිතය පණගන්වන ඔහු කුඩා කාලයේ සිට රංගනයට අත් පොත් තබා තිබුණා. ඔහුගේ දක්ෂතාව පෙන්නුම් කරන්නේ මොහු කුඩා කාලයේ සිරිමල් චරිතයට කරන සාධාරණය නිසයි. ඒ වගේම ඔහු එහි ප්‍රධාන චරිතයටයි රංගනයෙන් දායක වූයේ.

එසේම මොහු වේදිකාවේ ප්‍රවීණයන් සමග ගීතද ගායනා කර තිබුණා. ඒ සියල්ල සිදු කලේ මොහු කුඩා කාලයේ දී. ඉතින් කුඩා කල සිටම තම සහජ දක්ෂතා මැනවින් ඔප්පු කෙරූ කෝකිල වර්තමානයේ ඉතාම ජනප්‍රිය චරිතයකි. ඒ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාලන්ගේ චරිතය පන පොවමින්. හාස්‍යජනක ලෙස තම චරිතයට උපරිම සාදාරනයක් කරන මෙම කෝකිල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ප්‍රේක්ෂකයන් ඇද බැද තබා ගන්නේ ඔහුට ම ආවේණික වූ ශෛලියකිනි.

ජනප්‍රිය ම ටෙලිනාට්‍ය ලෙස නාඩගංකාරයෝ ටෙලි නාට්‍යය බැලීමටද ප්‍රේක්ෂකයන් උත්සුක වූයේ මාලන් හෙවත් කෝකිල පවන් ගේ චරිතයේ ඇති විවිධත්වය නිසයි. හදවත උණු වෙන චරිතයක් ලෙස මාලන් චරිතය ප්‍රේක්ෂකයන් අතරට එන විට කෝකිලගේ ද හදවත එලෙසයි කියා අපි විශ්වාස කරමු.

ඒ වාගේම රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යයයේ බාබු චරිතයට පන පොවන මොහු එම චරිතයට ද උපරිම සාධාරණයක් ඉටු කරයි. එම නිසා මොහුට සෑම කෙනෙක් ම ආදරේ කරනවා.

සහජයෙන් ම තම රංගනයට හිමිකම් කියූ කෝකිල හය හතර නොතේරෙණ කාලයේ සිටම ප්‍රවීණයන් සමග දැවැන්ත වේදිකාවේ ගීතද ගායනා කර ඇත්තේ ඔහුගේ දක්ෂතාවය තව තවත් ප්‍රේක්ෂකයන්ට සපථ කරමින්. රංගනයට පමණක් නොව ගායනයට ද දස්කම් පාන කෝකිල පවන් නූතන කාලයේ ගීත පමණක් නොව පැරණි ගීතද ගායනා කලා.

ඔහුගේ උපන් දිනය පසුගිය දා යෙදී තිබුණා. ඔහුගේ ආදරණීය බිරිඳ සමගින් උපන්දිනය සැමරුවේ මේ විදියටයි. ඉතින් ඔහුගේ කලා කටයුතු සියල්ල සාර්ථක වීමට හදවතින් ම අපි සුබ පතමු.

Leave a Comment