Lifestyle

‘මගේ ප්‍රවීණයින්නම් මට කුහක නැහැ’ කෝකිල කියපු ආන්දෝලනාත්මක කතාව

කෝකිල පවන් කියන්නේ ළමා නළුවෙක් විදිහට සිනමාවට එක් වූ චරිතයක්. ඒ ළමා නළුවා දැන් ළමා ළමා කාලය පහු කරගෙන ගිහින් නළුවෙක් බවට පත්වෙලා. මේ කාලේ බොහෝ කතාබහට ලක්වුණු චරිතයක් තමයි කෝකිල පවන් කියන්නේ. එදාට වඩා අද ඔහුට ආදරය කරන පිරිස ගොඩ නැගිලා. මේ දවස් වල රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යයේ ඔහුව දකින්න ලැබෙන්නේ බාබුගේ චරිතයෙන්. ඒ වගේම නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය තුලින් මාලන් ලෙස හරි අපූර්වාකාරයෙන් ඔහු රංගනයෙන් දායක වෙනවා. ඔහුටම ආවේණික වූ රංගන විලාසයකින් යුතුව ප්‍රේක්ෂකයන් අතරට එන කෝකිළට දැන් දැන්නම් රසික ආදරය නොඅඩුව ලැබෙනවා.

ඒ වගේම තමයි ඔහුගේ කටහඬටත් ආදරය කරන අයත් බොහොමයි. ඉතින් ප්‍රහසන චරිතයක් ලෙස නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය මාලන් ලෙස අප අතරට එන්නේ ප්‍රේක්ෂකයාව හිනා ගස්සමින්. ඒ වගේම තමයි රැල්ල වෙරලට ආදරෙයි බාබූ ලස්සන හීනයක් දකිනවා. ඒ හීන වටේටම ඉන්නේ කෝකිල පවන්. ඉතින් අපි බලමු කෝකිල පවන් මේ දවස් වල රැල්ල වෙරළට ආදරෙයි එක්ක මොකද කරන්නේ කියලා.

ඉතින් රංගනයට වගේම ගායනයට යත් දක්ෂ කෝකිල පවන් ඔහුගේ ගායන කුසලතාවෙන් ප්‍රයෝජන ගත්තා කියලා අපිට හිතෙනවා. ඉතින් ඒ ගැන මෙහෙමයි අදහස් ප්‍රකාශ කළේ. ඔහු කියන විදිහට ගායනය තුලින් දස්කම් පාන්න හැකි වුණේ මේ ඔහුගේ දෙවැනි අවස්ථාව. පළමු අවස්ථාව උදාවෙන්නේ හිරු නාලිකාව ඔස්සේ ම තමයි. ඒ ආදර මායාව කියන නාට්‍යයේ හඬ කැවීමේ ප්‍රධාන භූමිකාවකට එක්වෙමින් ගීතයක් ගායනා කරන්න ලැබීමයි. ඉන්පසුව දෙවෙනි අවස්ථාව ලැබෙන්නේ නිවන්ත ප්‍රසාරණ කියන අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරන රැල්ල වෙරලට ආදරෙයි කියන නාට්‍යය ට.

ඔහු හිතන විදියට ඒ ගීතය නම් ලොකු වෙනසක් වෙයි කියලා ඔහු බලාපොරොත්තු වුණා. මොකද එය කෝකිලගේ සාමාන්‍ය රටාවට වඩා වෙනස්ම විදියකට ගැයෙන ගීතයක් නිසා. ඉතින් ඒ ගීතය ගායනා කරන්නේ රැල්ල වෙරලට ආදරෙයි කියන නාට්‍යයෙ ඉන්න බාබු දකින හීනයක් විදියට. ඒ ගීතයේ සංගීතය අශාන් ප්‍රනාන්දුගේ. පද රචනය දුමින්දගේ. ගීතය කැමරා කරන්නේ ඇඩම්ස් ඇතුළු කණ්ඩායමයි. ඒ වගේම ලස්සන රූප රචනාවක් විදිහට අධ්‍යක්ෂණය කරන්නේ නිවන්ත ප්‍රසාරණ විසින්.

කෝකිළගේ මේ ආකාරයට ගැයෙන ගීතයක් නොවන අතර එය හාත්පසින්ම වෙනස්ව ගැයෙන ගීතයක්. ඉතින් හැමදාම ගීත ගායනා කරනවා වගේ නැතුව වෙනස් ගීතයක් ගායනා කළාම එය කෝකිලගේ ආදරණීය රසිකයින් වැළඳ ගනී කියලා ඔහු විශ්වාස කරනවා. ඒ වගේම සෝෂල් මීඩියා කියන ගනුදෙනුවට කදිමට ගැලපෙන ගීතයක් ලෙස මෙම වෙනස් ආරයකින් ගැයෙන ගීතය ගැන කෝකිළ සඳහන් කළේ. ඒ වගේම මෙය හෙට දිනයේ එළි දැක්වෙන අතර ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනී කියලා කෝකිල හිතනවා.

රංගනයට ගායනයට වගේම නර්තනයටත් දස්කම් දක්වනවා කියලා කෝකිල ගැන ඔප්පු වුණේ මෙහි නර්තනය සඳහා ඔහු ඉදිරිපත් වූ නිසයි. ඒ ගැන කෝකිළ කිව්වේ පාටි එකකට ගිහින් යන්තම් නැටුවාට මෙහෙම නැටුමක් නම් ඔහු මීට කලින් නටල නැහැ කියලයි. මේක රූපගත කිරීම් කළේ මීගමුවේ. මේක රූගත කිරීම් කරන කොට මීගමුව, වෙන්නප්පුව, හලාවත පැත්තේ ඉන්න බොහෝ දෙනෙක් ඇවිල්ලා කතාබහ කරලා තියෙනවා. ප්‍රතිචාර නම් ඉහලයි කියලා තමයි කෝකිළ කිව්වේ. ඉතින් ඔහුට ආදරය කරන පිරිස ගැන ඔහු කිව්වේ ශූටින් කරන්න වත් ඉඩක් නැති විදිහට සෙනග පිරිලා හිටියා කියලා. ඉතින් රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යයට ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි වෙන්න හැම චරිතයකම සාර්ථකත්වය බලපෑවා කියලා කෝකිළ මතක් කළේ ඔහුගේ චරිතය පමණක් නොව මේ හැමෝගෙම එකතුවෙන් තමයි මිලියන ගණනක ජනතාව මේ ටෙලි නාට්‍ය හරහා එක්රොක් උනේ කියලා.

ළමා නළුවෙක් විදිහට හදුනාගෙන හිටපු කෝකිළ ව පසු කාලයේ දකින්නේ තරුණ නළුවෙක් හැටියට. ඉතින් ඒ වගේ කෙනෙකුට ඉක්මනට ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩනඟා ගන්න නම් ටිකක් අමාරුයි. ඉතින් ඒ අභියෝගය ජය ගත්ත හැටි කෝකිල කිව්වේ මෙහෙමයි.

“ඔව්. ඒක විශාල අභියෝගයක්. මම හිතනවා ඒ අභියෝගය මම ජයගත්තා කියලා. ළමා නළුවෙක් වෙලා පසුව කාලයක් නොදැක ඉඳලා තරුණ කාලේ නැවත රංගනයට එකතු වුණා කියලා හැමෝටම ජනතාව ආදරේ කරන්නෙ නැහැ. ඉතින් අපි කරන චරිත ඔස්සේ තමයි නැවත ප්‍රතිචාර ගොඩනැගෙන්නේ. මට එහෙම වෙන්න පුළුවන් වුණා. මට ජනතාව ආදරය කරනවා. බාබුට ආදරෙයි. ප්‍රවීණ රංගන ශිල්පීන් මට ආදරෙයි. උදව් කරනවා. ඒවා හරියට වටිනවා.”

රැල්ල වෙරලට ආදරෙයි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් කෝකිළ එය අනුසාර කරගත් චිත්‍රපටය නරඹලා තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සන නිර්මාණයක් විදියට තමයි කෝකිල පවන් දැකලා තියෙන්නේ. ප්‍රධාන චරිත තුනත් හරි ලස්සනට ගොඩ නඟලා තිබුණා. ඉතින් ඒ නිසාම තමයි අධ්‍යක්ෂකතුමා මේ නිර්මාණයට කතාකළාම සම්බන්ධ වෙන්න ආසා හිතුනේ. ඉතින් ඒ වගේම තමයි මෙම නාට්‍යයේ රංගනය කරන්න කෝකිලට ආස හිතිල තියෙන්නේ අවුරුදු පහළොවකට විතර කලින් සිනමාවේ ඔහුගේ පළමු තාත්තා වූ මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි වගේම රන්දික යන කලා ශිල්පීන් සමග වැඩ කරන්න ආස හිතුන නිසා. ඒ වගේම මෙහි පිටපතත් ඉතාමත් හොඳට කරලා තිබුන නිසා මොහුට මේ නිර්මාණය ගැන ආකර්ෂණයක් ඇති වුණා. ඉතින් මේ බාබු කියන චරිතය ලේසි පහසු එකක් නෙමෙයි කියලා කෝකිළ සඳහන් කළේ. බාබුට පේන්නෙ එක ඇහැයි. හාස්‍ය තියෙන්නත් ඕන. ඒ වගේම බියගුලු කමක් තියෙනවා. ඉතින් ඒ චරිතය විටින් විට වෙනස් වන නිසා ඒ දෝලනයක් ද හැඩ ගැහෙන්න ට මොහුට සිද්ධ වෙනවා.

චිත්‍රපටයක් පසුබිම් කරගෙන හැදුනු මෙම ටෙලිනාට්‍ය කොටස් ගණනකට දිව යනවා. ඉතින් ඒක හරි අභියෝගාත්මක දෙයක්. ඉතින් ජනතාවගේ ප්‍රතිචාර එක්ක රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍ය කණ්ඩායමත් එක්ක ඒ ප්‍රබල අභියෝගය ජයගත්තා කියලා කෝකිළ හිතනවා. ඉතින් මෙම නාට්‍යයෙහි බාබු කියන චරිතය කරන්නට හැමෝගෙන්ම ඔහුට ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂක තුමා වගේම වේශ නිරූපණය කරන කෙනාගෙන් පවා. ප්‍රවීණ චරිත ගොඩක් කුහකයි කියලා බොහෝ දෙනෙක් කිව්වට කෝකිළ කියන්නේ ඔහුගේ ප්‍රවීනයන් නම් ඔහුට කුහක නෑ කියලා.

ඉතින් මේ වගේ දක්ෂ ලෙස රංගනය කරන්නද පුළුවන් වෙන කෝකිලගේ චරිත පිළිබඳව විවේචනය එල්ල කරන්නට නම් පවුලේ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ ඔහුගේ බිරිඳ වාගේම ආච්චි සීයා, මල්ලි ඇතුළු බිරිඳගෙ පවුලෙ අයත් ඔහුට චරිත පිළිබඳව එක එක විවේචනයන් එල්ල කරනවා. හොදයිනම් හොඳයි කියලත් නරකයි නම් ඒකත් කෙලින්ම කියනවා නරකයි කියලා. රංගනයට එන්නට කලින් වෘත්තියක් හැටියට කළේ හඬකැවීම් ශිල්පය. දැන් නම් ඔහුගේ වෘත්තිය රංගන ශිල්පියෙක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මොහුගේ ඊළඟ හීනය තමයි වෘත්තීය ගායකයෙක් ලෙස වෙනස් කරගන්නට.

ඉතින් චරිතයේ ස්වරූපයට අනුව ඕනෑම චරිතයක් කරන්නට පුළුවන් මේ කෝකිලගේ එකම හීනය සැබෑ වෙන්නට වගේම ඔහුගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වෙන්නට කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment